
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
නව රජයේ කැබිනට් මණ්ඩලය පත්කිරීමද අද(24) සිදු කෙරේ. නව රජයේ අගමැතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත් කිරීමට නියමිතය.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස් වූ පුරප්පාඩුවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ පත් කෙරුණු අතර ඔහු පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට පෙර කැබිනට් මණ්ඩලයට පත් කිරීමට නීතිමය වශයෙන් බාධාවක් නැතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය බොහෝ දුරට අද මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ නිකුත් වනු ඇතැයි විශ්වාස කෙරේ. පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවන දිනය යනාදී කරුණු එම ගැසට් නිවේදනයට ඇතුළත් කෙරෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථිකය අමාරුවෙන් ඇදගෙන ගිය මේ රටට ව්ශාල මැතිවරණ දෙකක් එක ළඟදි දරන්න පුලුවන්ද? අනුරලට ඕනෙත් බලය විතරයි වගේ. මොකද තැටිය රත් වෙලා තියෙන වෙලාවේ රොටිය පුච්ච්ගත්තේ නැත්නම් පහුවෙද්දි ජනතාව දැනගන්නවා බැරි බව.
මේ රටට මැතිවරණ හැර වෙන දෙයක් කරන්න වෙලාවක් නැතිවෙයි වගේ.
ලොකු දෙයක් මුන් ටික ගෙදර යවන එක කෝටි ගාණක් වියදම් කරගෙන තවදුරටත් තියාගත්තා නම් එක පලක් නෑ. අඩු ගානේ ජනතාවගේ බදු මුදලින් යැපෙන එකවත් සාධාරණයක් කරේ නෑ
මේක සමිතියක් නෙවෙයි රටක්. 3දෙනෙකුගෙන් කරගෙන යන්න බැහැ. උඩ තියන කුශාන් සේපාල් වගේ බඩු ආස ඇති තමන්ගෙ හාම්පුතලා කීපදෙනෙක් කැබිනට් එකට ගන්නවට. නැත්තම් හාම්පුතල පරදිනවට බොහොම අමාරුයි වගේ.
ආර්ථික අමාරුවෙන් ඇදගෙන ගියේ, වැඩ බැරි ටාසන්ලාට වැඩේ භාර ගත් නිසයි. පොහොට්ටුවේ හොර කදන් එක්ක රට පාලනය කරන්න තරම් අනුරට මොලය අමාරුවක් නැහැ. සියල්ලටම ප්‍රථමයෙන් හොර ගුහාවක් උන පාර්ලිමේන්තුව සුද්ධ කරන්න ඕනා කියලා මොලය කළදක් හො තියෙන මනුස්සයෙක් දන්නවා.
පොහොට්ටුවට රනිල්ට සහ සජිත් පිලට ප්‍රජාතන්ත්‍රවාදය හා මහජන මතය ඇලජික් බව අපි දන්නවා. අනිත් වැඩ කරන ගමන් මැතිවරණත් කළට වෙලාවට කරන හැටි ජාතික ජනබල වේගය රටටම පෙන්වයි.
මේ වෙලාවෙ පාර්ලිමේන්තුවේ බලය තියෙන්නෙ ජනාධිපතිට නෙවේ. මේක ලංකාව නිසා, අනුර දිනුවත් කිසි වැඩක් කරන්න දෙන එකක් නෑ ඔබෙයි, මගෙයි ඡන්දෙන් පත් වෙලා ඉන්න අය. ඔෆිස් වල වැඩකරන අයටනං අමුතුවෙන් කියල දෙන්න ඕන නැහැනේ. ඉතින් ඡන්දෙ දිනලත් පරදින්න අවශ්‍ය නෑ. අනුරලගේ වැඩ පිළිවෙළ රටට පෙන්නන්න නං, අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ බලය ඕන වෙනවා. ඉතින් දීර්ඝ කාලීන ආයෝජනක් කියල හිතල මහ මැතිවරණය පවත්වන එක හැර වෙන විකල්පයක් තියෙනවද?
රනිල් රාජපක්ෂ සම සජිත් පිලේ කවුරුවත් ආණ්ඩුවට ගාව ගන්න එපා
මහජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය දැක්ක නේද ජනාධිපතිවරණ ප්‍රතිපල වලින්. වත්මන් ජනාධිපතිට නව වැඩපිළිවෙල ක්‍රියාක්මක කරන්න නම් පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් අවශ්‍යයි. මහමැතිවරණයෙන් පස්සේ අරය මෙයා ගාවගන්න එපා කියල බැහැ - ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවන්න නම්‍යශීලී වෙලා පිරිසක් සමග එකඟතාවයකට එන්න වෙයි.
රට ගෙනියන්ඩ පාර්ලිමේන්තුවේ බලයත් අවශ්‍ය බව නොතේරෙන බබ්බු.
ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් 225ක් නෑ නේද