
(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
වික්‍රමසිංහ මහතා මැතිවරණවලට ඉදිරිපත් වූයේ නැතත් එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ඉදිරි දේශපාලන බලවේග සඳහා නායකත්වය ලබා දෙනු ඇතැයි විජයවර්ධන මහතා සඳහන් කළේය.
කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී විජයවර්ධන මහතා මේ බව කීය.
ජාතික ලැයිස්තුවෙන්වත් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට නොඑන්නේදැයි මෙහිදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා පැවසූයේ ජාතික ලැයිස්තුවෙන් වත් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට නොඑනු ඇති බවයි.
මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසූයේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුරය හෙබවූ අතීත නායකයන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පතා නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ සම්ප්‍රදායක් අතීතයේද නොපැවති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් අර සජබෙට ඇදගහන්නේ සන්ධාන ගහන්න
නොඑන තරමටම හොන්දා? බලයේ ඉන්ඩ තියෙන තණ්හාව නම් අඩුවෙන එකක් නැහැ.
එහෙනම් ජාතික ලැයිස්තුවෙන් එයි
කලින් පාර ආවෙත් ඡන්දේ දිනලා නෙමෙයි නේ පිං මන්ත්‍රී වෙලා පිංනට ජනපති වුණා එච්චරයි
හොඳ තීරණයක්
රනිල් දන්නවා මේ පාර ඡන්දෙන් අබ සරණයි කියලා
මෙය බොහෝ කලකට පෙර ගත යුතුව තිබු තීරණයක්.බල තන්හාව,වසර 30ක් පුරාවට එක දිගටම පරාජය වෙලත් නායකත්වය අල්ලාගෙන බදාගෙන සිටීමේ ප්‍රතිඵලය රටේ ප්‍රබලම පක්ෂය විනාසවීම. ඒකට කිසිම ජනතා ආකර්ශණයක් නැති රවී,අකිල,සාගල,වජිර වගේ අපතයො සෙට් එකකුත් උඩගෙඩි දුන්නා.ඒ නිසාම එජාපයේ ආකර්ශනීය නායකයා එවැනිම ආකර්ශනීය පිරිසක් සමඟ සජපෙ හැදුවා.මේවට රනිල් වගකිව යුතුයි. රුවන්ට තියෙන්නේ සජිත්ට උදව් කරලා සජිත් හරහා පක්ෂය ගොඩගැනීමයි.
එතුමාගේ අනුප්‍රාප්තිකයා ලෙස අලින්ගෙන් ආවොත් ඡන්දය දෙමි.
අද දවසට අහපු සුපිිරිම පුවත
ස්තූතියි...
චන්දෙ ඉල්ලුවාට දිනන්න බැහැනේ. ඒක නිසා ජාතික ලයිස්තුවෙන් එන්න ඔය වෙට්ටු දාන්නේ - අපි නොදන්න සූත්තර පුන්චා
මේක තවත් ගැටයක් ඉඩ දෙන්න අනික් අයට
මම අහන්නෙ නම් නෑ සුදු සීයේ.... ඔබ අනාගත්තෙ කොහොමද කියලා ..... ඔබ ජනාධිපති කාලෙදි දැනුනා ....... ඇප නැතිවෙන්නම පරදියි කියලා ....
එනවනම් ඉතින් හෙලුවෙන් තමයි. රෙදි ඇඳගෙන නම් එන්න බැහැ. අනික මීලඟ චන්දේ වෙද්දි රෝද පුටුවෙන් තමයි එන්න වෙන්නේ.
අද මෙතන කයිය ගහන බොහෝ දෙනෙකුට ඇඳි වත පවා අහිමි වෙන්නට ගිය වෙලාවේ එයින් රට අඳුරෙන් එලියට ඔසවා තැබූ නායකයෙකුට සමහර ගොබ්බ පුද්ගලයන් කතා කරන ආකාරයෙන් ඔවුන් කුමන අන් දමේ මිනිසුන් ද යන්න ඉක්මණීන් වටහා ගත හැක.කෙලෙහි ගුණ නැති ජාතියකට විශ්ව සාධාරණත්වය වත් ඉෂ්ට වන්නේ නැත. කවුද හරි, කවුද වැරදි යන්න කාලය විසින් තීරණය කරනු ඇත. එතෙක් අපි ඉවසීමෙන් බලා ඉමු.
යන්න එන්න තැනක් නැතිව හිටපු රනිල් , නොහොත් තමන්ට ඡන්දෙ දීලා ජනාධිපති විදිහට පත්කර ගත්ත හොර මන්ත්‍රීලාට " ෂටප් ඇන්ඩ් සිට් ඩවුන් .." කියලා චන්ඩිකම් පෙන්නපු උද්දච්ච නාකියාගේ යුගය අවසන්. එජාපය, සමගි ජනබලවේගය, පොහොට්ටුවෝ කියන්නේ ඔක්කොම යාලු හොරු කට්ටිය බව දැන් රටේ ජනතාව අවබොධ කරගෙන අවසන්. මෙවර මැතිවරණයෙන් මාලිමාව මුළු ආසන සංක්‍යාවෙන් 2/3 වඩා ගන්නවා. දේශපාලකයින් නීතියට උඩින් සිටි යුගය අවසන්.ජනතාව දේශකාපාලුවන්ගේ වහලුන්මෙන් සිටි යුගය අවසන්, දැන් ජනතාව නිදහස් !!! ජාතික ජනබලවේගයට - මාලිමාවට ජයවේවා !!!
ඡන්දෙට නම් නොආවාට කමක් නෑ. ලොකයේ රටවල් වලට කෝල් කරලා මේ ආන්ඩුවට ආධාර දෙන්න එපා කියන්න නම් එපා...
අවුරුදු 47 ක් දේසපලනේ කරපු එහි සැප දන්න රනිල් ආයෙමත් නෑවිත් ඉන්න එකක් නැහැ. මීට පෙරත් ඔහොම බේගල් ගහපු දේසපාලුවෝ ගැන අපි දන්නවා.