(නිමල කොඩිතුවක්කු)
ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.
සමගි ජන සන්ධානයේ පක්ෂ නායකයින්ගේ හමුවේදී මෙම තීරණය ඒකමතිකව අනුමත කර තිබේ.
ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේදී සමගි ජන සන්ධානයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) මෙම පක්ෂ නායක හමුව පැවැත්විණ.
COMMENTS
අන්තිම පාරට හාගෙනම යන එකයි තියෙන්නේ පුතාණෝට. ජනපති නොකරපු එකේ අගමැති කරන්න තරම් පිස්සු වක් නැ රට්ටුන්ට. ඔය වටේ සෙට් එක මේ මිනිහගෙන් විනෝද වෙනවා. ඔතනින් ඔයාගේ දේශපාලනය ඉවරෙටම ඉවරයි පුතේ.
මෙයාටත් රනිල්ට වගේ පරාජය නලලේ කොටලා තියෙන්නේ, ඒ නිසා හතරවෙනි වරටත් පරදිනවා!
ආයි ඉතින් ආතල්ම තමයි
ඇත්තටම ඔබ විපක්ෂ නායක ධූරයටවත් සුදුසු නෑ සජිත්.
තමුන්ගේ වාසියට බොරු පොරොන්දු දුන් නරුමයන් බංග වේවා ! ජනතාවගේ වස් වැදෙවා!
ඔහේවගේ අඳබාල මිනිහෙකුට වඩා නම් රනිල් මහතා දහස්වාරයක් අගමැති තනතුරට උනත් ගැලපෙනවා . කොහොම උනත් ලැබුණු ජනවරම ක්‍රියාවට නංවන්න මාලිමාවට හැමදෙනාම සහය ලබාදිය යුතුයි. ඉදිරි අවුරුදු 5 දී ඔවුන් හරි දේ නොකලොත් ඔවුන්ටත් පොහොට්ටුවට ලැබුණු පිලිතුරම ප්‍රජාතන්ත්‍රවාදිව ලැබේවි.
රටේ ජනතාව, රට කාපු තක්කඩින්ව ඒකමතිකව ගෙදර අරින්න ලෑස්ති වෙන්න .
රටට විශාල වැඩක් කර ඔබතුමා නෙමෙයි රටේ ජනතාවගේ නොලැබීම නිසා ඔබතුමාට චන්දෙ ලැබුනේ නැහැ .දිනක රටවැසියා එය තේරුම් ගනියි