
( සිතුම් චතුරංග සහ ප්‍රදීප් )
යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ යාපනය අරාලි හි පදිංචි සී.නාගරාසා නැමති 53 හැවිරිදි සිව්දරු පියෙකි.
පොන්නාලෙයි කළපුව ආශ්‍රිත මුහුදේ දැල් එළීම සඳහා ධීවර පෙරදින ගොස් ඇති බවත් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් කළ සොයා බැලීමකදී පෙරැළී තිබු තෙප්පම ඥාතීන් විසින් දැක ඇති බව පොලිසිය පැවසීය.
වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය වෙත කළ දැනුම් දීමක් අනුව ප්‍රදේශවාසීන් හා එක්ව සිදුකළ සෝදිසියකදී මියගිය ධීවරයාගේ සිරුර හමුවූ බවත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd