
(රංජිත් රාජපක්ෂ)
ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහා යාමට ලංගම සහ පෞද්ගලික බස් රථ ප්‍රමාණවත් නොවිම හමුවේ ඇතැම් පෞද්ගලික බස් රථ හිමියන් අධික මුදලක් අය කර එම මගින් කොළඹ දක්වා ප්‍රවාහනය කරන බව මගින් චෝදනා කර කරති.
එසේ පැමිණි වතුකරයේ පිරිස් හැටන් බස් නැවතුම්පොලේ කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියා ස්ථාන වෙත යාමට දිගු පොලිම් වල පැය ගණනාවක් රැදි සිටි අතර, හැටන් සිට කොළඹ දක්වා දිනපතා ධාවනය කරන ඇතැම් පෞද්ගලික බස් රථවලින් රුපියල් 450 ක නියමිත ප්‍රවේශපත්‍ර ගාස්තු වෙනුවට රු 1500-2000 වැනි මුදලකට මගින්ව කොළඹ දක්වා ප්‍රවාහනය කරනු ලැබුහ.
රැකියා කළ ස්ථාන වෙත අනිවාර්යෙන්ම (24) දින වාර්තා කළ යුතු නිසා අධික මුදලක් හෝ ගෙවා තමන් රැකියා ස්ථාන කරා යන බව එම පිරිස කියා සිටියේය.
හැටන් සිට කොළඹ දක්වා ධාවනය කිරිමට හැටන් ලංගම ඩිපෝව මගින් බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණද කොළඹ දක්වා ගමන් කිරිමට විශාල මගින් පිරිසක් එකවර පැමිණිම හේතුවෙන් එක් කර ඇති බස් රථ ප්‍රමාණවත් නොවන බවද ලංගම ඩිපෝවේ නිලධාරියෙකු කියා සිටියේය.
හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ සිට කෙටි දුර ධාවනය කරන බස් රථ කිහිපයක් සහ පිට පළාත් වලින් හැටන් දක්වා පැමිණි පෞද්ගලික බස් රථ කිහිපයක් මාර්ග ගමන් බලපත්‍රයක් නොමැතිව මගින් ප්‍රවාහනය කිරිමට සුදානම් වි සිටියදි හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත එම බස් රථ රියදුරන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණ හමුවේ නෛතික පියවර ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවස්ථාව අනුව තව අමතර බස්රථ අවශ්‍ය වෙලාවක බාර් බලපත්‍ර හොයලා ඒවා නතර කරලා. මෙවැනි ක්‍රියා නීත්‍යානුකූල ඇති නමුත් ප්‍රායෝගිකව අවාසියි.
මේවට බස් ගැමුණු වග කියන්න ඕනැ . හෙන ගහනවා මේ වගේ අසාධාරණ ලෙස වැඩ කරන බස් අයිති අයට
තැපැල් ඡන්ද හිමිවිය යුත්තේ ඡන්ද වැඩ වලට යන අයට විතරක් නෙවේ කියලා පේන එක අවස්ථාවක්. නීත්‍යානුකූලව ඉල්ලුම් කරනවානම් අවශ්‍ය ඕනෑම කෙනෙකුට තැපැල් ඡන්දය භාවිතා කිරීමට, නව නීති ගෙනල්ල ඉඩ හදලා දෙන්න ඕනැ. ඒ වගේම විදේශවල ජීවත්වන ලාංකිකයන්ටත්, තානාපති කාර්යාලයට ඇවිල්ලා ඡන්දය දාන්න අවස්ථාව දෙන්න වැඩ පිළිවෙළක් තියෙනවා නම් හොඳයි.
වවාගෙන කන දූෂිත බස්කාරයන්ට විරුද්ධව නීතීයෙන් කටයුතු කළ යුතුමයි .සමහරු ටිකට් දෙන්නෙත් නැහැ.මාටියා ගහනවා.
අනුර සහෝදරයා මේ ඔබගේ අවදානය පිනිසයි
ජනසමාජය නම් කිසි කලෙක තම දුර්ගුණ මකා නොගනු ඇත. ක්‍රමය වෙනස් කරන්න දේශපාලන පක්ෂ මාරු කිරීම හිසරදයට කොට්ටය මාරු කිරීමකි.
කෝ මේ මිනිස්සු ගෙන්න ගන්න විදයක් බලන්න