IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති

(රංජිත් රාජපක්ෂ)                   

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහා යාමට ලංගම සහ පෞද්ගලික බස් රථ ප්‍රමාණවත් නොවිම හමුවේ ඇතැම් පෞද්ගලික බස් රථ හිමියන් අධික මුදලක් අය කර එම මගින් කොළඹ දක්වා ප්‍රවාහනය කරන බව මගින් චෝදනා කර කරති.

එසේ පැමිණි වතුකරයේ පිරිස් හැටන් බස් නැවතුම්පොලේ කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියා ස්ථාන වෙත යාමට දිගු පොලිම් වල පැය ගණනාවක් රැදි සිටි අතර, හැටන් සිට කොළඹ දක්වා දිනපතා ධාවනය කරන ඇතැම් පෞද්ගලික බස් රථවලින් රුපියල් 450 ක නියමිත ප්‍රවේශපත්‍ර ගාස්තු වෙනුවට රු 1500-2000 වැනි මුදලකට මගින්ව කොළඹ දක්වා ප්‍රවාහනය කරනු ලැබුහ.

රැකියා කළ ස්ථාන වෙත අනිවාර්යෙන්ම (24) දින වාර්තා කළ යුතු නිසා අධික මුදලක් හෝ ගෙවා තමන් රැකියා ස්ථාන කරා යන බව එම පිරිස කියා සිටියේය.

හැටන් සිට කොළඹ දක්වා ධාවනය කිරිමට හැටන් ලංගම ඩිපෝව මගින් බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණද කොළඹ දක්වා ගමන් කිරිමට විශාල මගින් පිරිසක් එකවර පැමිණිම හේතුවෙන් එක් කර ඇති බස් රථ ප්‍රමාණවත් නොවන බවද ලංගම ඩිපෝවේ නිලධාරියෙකු කියා සිටියේය.

හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ සිට කෙටි දුර ධාවනය කරන බස් රථ කිහිපයක් සහ පිට පළාත් වලින් හැටන් දක්වා පැමිණි පෞද්ගලික බස් රථ කිහිපයක් මාර්ග ගමන් බලපත්‍රයක් නොමැතිව මගින් ප්‍රවාහනය කිරිමට සුදානම් වි සිටියදි හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත එම බස් රථ රියදුරන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණ හමුවේ නෛතික පියවර ගත් බව පොලීසිය කියයි.

 



අදහස් (9)

ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති

රම්බොඩ Tuesday, 24 September 2024 12:48 PM

අවස්ථාව අනුව තව අමතර බස්රථ අවශ්‍ය වෙලාවක බාර් බලපත්‍ර හොයලා ඒවා නතර කරලා. මෙවැනි ක්‍රියා නීත්‍යානුකූල ඇති නමුත් ප්‍රායෝගිකව අවාසියි.

:       0       7

ජයනාත් Tuesday, 24 September 2024 12:51 PM

මේවට බස් ගැමුණු වග කියන්න ඕනැ . හෙන ගහනවා මේ වගේ අසාධාරණ ලෙස වැඩ කරන බස් අයිති අයට

:       0       31

අඥ්ඥකොරොස්Tuesday, 24 September 2024 03:57 PM

@රම්බොඩ, ඔයා කියල තියෙන දේ ඔයාට තේරෙනවද?

:       3       7

ජිල්බු Tuesday, 24 September 2024 01:00 PM

තැපැල් ඡන්ද හිමිවිය යුත්තේ ඡන්ද වැඩ වලට යන අයට විතරක් නෙවේ කියලා පේන එක අවස්ථාවක්. නීත්‍යානුකූලව ඉල්ලුම් කරනවානම් අවශ්‍ය ඕනෑම කෙනෙකුට තැපැල් ඡන්දය භාවිතා කිරීමට, නව නීති ගෙනල්ල ඉඩ හදලා දෙන්න ඕනැ. ඒ වගේම විදේශවල ජීවත්වන ලාංකිකයන්ටත්, තානාපති කාර්යාලයට ඇවිල්ලා ඡන්දය දාන්න අවස්ථාව දෙන්න වැඩ පිළිවෙළක් තියෙනවා නම් හොඳයි.

:       0       35

ගමේ එකාලා Tuesday, 24 September 2024 01:16 PM

වවාගෙන කන දූෂිත බස්කාරයන්ට විරුද්ධව නීතීයෙන් කටයුතු කළ යුතුමයි .සමහරු ටිකට් දෙන්නෙත් නැහැ.මාටියා ගහනවා.

:       0       8

Chandra KarunarathnaWednesday, 25 September 2024 07:59 AM

ඒ විතරක්ද නැහැ සෑම නගරයකම බස්වලින් කප්පම් ගන්න එයම ජීවිකාව කරගත් කාළකණ්නියෝ ටිකක් ඉන්නවා. ඔවුන්ව ජීවිතාන්තය දක්වාම හිරගෙදරට යැවීම හෝ ඔවුන් කප්පම් ගන්නා ප්‍රදේශයේ නගර පිරිසිදු කිරීම සදහා යෙදීමට කරන්න පුළුවන් නම් හොදයි.

:       0       0

saman Tuesday, 24 September 2024 01:29 PM

අනුර සහෝදරයා මේ ඔබගේ අවදානය පිනිසයි

:       0       15

karolis Tuesday, 24 September 2024 01:32 PM

ජනසමාජය නම් කිසි කලෙක තම දුර්ගුණ මකා නොගනු ඇත. ක්‍රමය වෙනස් කරන්න දේශපාලන පක්ෂ මාරු කිරීම හිසරදයට කොට්ටය මාරු කිරීමකි.

:       1       8

Prabha Tuesday, 24 September 2024 01:42 PM

කෝ මේ මිනිස්සු ගෙන්න ගන්න විදයක් බලන්න

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site