
(ජේ.ඉඳුරුවගේ)
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වැනි ව්‍යවස්ථාව සහ 157 අ ව්‍යවස්ථාවේ (7) වැනි අනු ව්‍යවස්ථාව ප්‍රකාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන උප ලේඛනයේ සහ හත්වන උප ලේඛනයේ දක්වා ඇති ආකාරයට ප්‍රතිඥා දී අත්සන් තැබීම මගින් අනුර කුමාර දිසානායක මහතා 2024 සැප්තැම්බර් 23 දිනයේදී වර්ෂ පහක කාලයක් සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරය භාරගත් බව මෙම ගැසට් නිවේදනය මගින් නිවේදනය කරයි.
නව ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය ඊයේ(23) නිකුත් කෙරිණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2019ත් ඔහොම ගැසට්ටුවක් ගැහුව මතකයි.
2019 විතරක් නෙමෙයි ජනාධිපති දිවුරුම් දුන්නාට පස් මේ ගැසට් එක 1982 ඉදන්ම නිකනුත් කරනවා
ලංකාවේ අවසන් විධායක ජනාධිපති ලෙස ඉතිහාස ගත වේවිද?
මොන පිස්සුද? ආණ්ඩු හදන්නේ කොහෙද ඔය ඡන්ද ටිකෙන්. අනික ආණ්ඩුවක් නැතිව ඕවා කරන්නත් බෑ . කියන දේවල් කරන්නෙත් නෑ .