
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායම සමග කටයුතු කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
අනෙකුත් ගිවිසුම්වලට සමාන කොන්දේසි යටතේ මෙම ගිවිසුමටද එළැඹ ඇති බවට ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුව ලබාදෙන තහවුරු කිරීමට යටත්ව ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් අතර ප්‍රතිපත්තිමය ගිවිසුමක් ඇති කරගත් බවට කළ නිවේදනය සාදරයෙන් පිළිගන්නා බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය. මෙය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් බවද ඔහු ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ තෙවැනි සමාලෝචනය කරනු ලබන කාල සීමාව සම්බන්ධයෙන් ප්‍රායෝගික වූ වහාම නව පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.
මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ දෙවැනි සමාලෝචනයට පසුගිය ජූනි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිවූ අතර මේ වනවිට අවුරුදු 4 ක කාලයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක ණය මුදලින් වාරික දෙකක් එසේත් නැතිනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 660 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබී අවසන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නං හිතුවෙම බැනලා එලවාගනී කියලා. ඔයාට නෙවේ අපි සහයෝගය දෙන්නේ ඉස්සර හිටපු ඉංග්‍රීසි පුළුවන්, ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන එක්කෙනාට විතරයි කියලා දන්වයි කියල.
දුන්න ණය ආපහු ගන්න නම් රණ්ඩු වෙලා බෑ කියලා කවුරුත් දන්නවා
අයිඑම්එෆ් සහයෝගය ලැබෙන්නේ නෑ කියපු අයගේ දැන් අදහස් දක්වන්නේ නම් හොඳයි