
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.
හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වෛද්‍ය නජිත් ඉන්දික මහතා කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය සම්පුර්ණ කර ඇත.
පසුගිය වසර 5 තුළ රජයේ රෝහල් කිහිපයක වෛද්‍යවරයෙක් සහ ආයතන භාර වෛද්‍ය නිලධාරියෙකු ලෙස ඔහු සේවය කළේය. වෛද්‍ය නජිත් ඉන්දික මහතා ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් සහ දේශපාලන ක්‍රියාකාරියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත්, බුද්ධිමත්, විෂය දැනුම ඇති සුදුසු පුද්ගලයින්ට තනතුරු දීම වැදගත්... පහුගිය කාලේ නුසුදුසු පුද්ගලයින්ට තනතුරු දීලා රටම විනාශ කරපු බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
ෆේස්බුක් එකේ හැම කෙනෙක්ටම මඩ ගහපු මඩකරියෙක්.
මේක නම් විකාර වැඩක්, ජනාධිපති මාධ්‍ය අංශයට පත්කර ගන්න ඒ විෂය ගැන දැනුමක් අවබෝධයක් තියෙන එක්කෙනෙක් අනුරට හොයා ගන්න බැරි උනාද, රටේ දොස්තරලා හිගයක් පවතින කාලයක මාධ්‍ය අධ්‍යක්ෂක තනතුර දොස්තර කෙනෙකුට දෙන්න. මේ පත්වීම නම් අනුමත කරන්න බැහැ.
වසර 40 ක මාධ්‍ය හා ප්‍රචාරණ ක්ෂේත්‍රයේද, තැපැල් මුද්දර නිර්මාණකරණය හා මුද්දර විනෝදාංශය ප්‍රවර්ධනයේ පුරෝගාමියකු ලෙසද අත්දැකීම් ඇති මගේ උපරිම සහාය ඔබතුමා ප්‍රමුඛ ජනපති මාධ්‍ය අංශයට ලබාදීමට සැදී පැහැදී බලා සිටිමි. මා ගැන විමසීමට සුදුසුම සිව් දෙනා ලෙස 1. මහජන ආරක්ෂක නව ලේකම් රවි සෙනෙවිරත්න මයා, 2.විශ්‍රාමික මහාධිකරණ විනිසුරු, වසන්ත ජිනදාස මයා, 3.විශ්‍රාමික ජ්‍යෙ.පො.අ. ශානි අබේසේකර මයා. 4.අරගලයේ කලා ගුරු, උපාධිධාරී සුජිත් රත්නායක මයා...
ඒක හොදයි සෞඛ්‍යය ක්ශේත්‍රයේ ගැටලු එෆ් බී නොදා කෙලින්ම කියන්න පුලුවන්.