ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. 18 November 2024
ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ. 18 November 2024
පස්සර බිබිල මාර්ගය වහයි වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 18 November 2024
ජා.ජ.බ සහ සර්ව ජනබලය ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් ගැසට් කරයි 2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 18 දෙනාගේ සහ සර්ව ජනබලය පක්ෂයේ මන්ත්‍රීවරයාගේ නම් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. 18 November 2024
අදත් තැනින් තැන වැසි උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 November 2024
අලුත් කැබිනට්ටුව 23යි : අගමැති හරිනි ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත. 18 November 2024
පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 17 November 2024
උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට කටයුතු කොට ඇතැයි වන්නි ආරක්ෂක අංශය පවසයි. 17 November 2024
ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක් පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට තේරී පත්වීම විශේෂත්වයකි. 17 November 2024
නවසීලන්තය ලකුණු 209 යි සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල ඕවර 25.1 කදී ලකුණු 209 කට සීමාවිය. 17 November 2024
නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත. 17 November 2024
ගුවන් ගමන් තුනක් අවලංගු කරයි කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක් ප්‍රමාද වීම්වලට ලක් වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවා ප්‍රකාශකවරයෙක් 1 පැවසීය . 17 November 2024
ජාජබ ජාතික ලයිස්තුව මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය. 17 November 2024
මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ. 17 November 2024
මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ගයාන් වික්‍රමසූරිය මහතා පැවැසීය. 17 November 2024
ගැබිනිය මරා සිරුර කොටස් කරලා පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්‍රකාශ කළේය. 17 November 2024
ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාලන දෙකක් අවි පිරිසිදු කරන උපකරණයක් සොයාගෙන ඇතැයි පොලිසිය කියයි. 17 November 2024
කෝටි 80ක් වටිනා මී හරකෙක් ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්රනතයෙන් වාර්තා වී ඇත. 17 November 2024
සජබ ජාතික ලැයිස්තුවෙන් පිරිසුදු අය දෙන්න මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්නැයි පාක්ෂිකයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙන බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. 17 November 2024
සිරුරු කොටස් අවිධිමත් ලෙස බැහැර කළ මල්ශාලා සේවකයා අත්අඩංගුවට මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 17 November 2024
බීඩි කොළ ඇසුරුම් 40ක් සැකකරුවන් සමඟ මාට්ටු ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද සමඟ කල්පිටිය ඉප්පන්තීව් දූපත ආශ්රිත මුහුදු ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇත. 17 November 2024
සිලින්ඩරේ ලයිස්තු මන්ත්‍රීධුර නම් කිරීම කල් යයි ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක නම් කිරීම ටික දිනකට කල් යනු ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. 17 November 2024
දිලිත් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ‘සර්වජන බලය’ පක්ෂයේ නෘයක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කරන බව එම පක්ෂයේ මහ ලේකම් නීතඥ රන්ජන් සෙනෙවිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 17 November 2024
මත් ජාවාරමට සම්බන්ධ කොස්තාපල්වරයෙක් මාට්ටු ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 17 November 2024
කෙසෙල් කැනේ හබේ දුර දිග ගිහින් පොල්ලකින් ගසා මරලා කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක දෙදරු පියකු මරණයට පත්ව ඇති බව රත්තොට පොලිසිය පවසයි. 17 November 2024
‘මිනී පෙට්ටි අවන්හලක්‘ ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’මිනී පෙට්ටි අවන්හල’’ නමින් අවන්හලක් පසුගිය සැප්තැම්බර් මාසයේදී වීවෘත කර ඇත. 17 November 2024
නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි . 17 November 2024
දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි. 17 November 2024
පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 17 November 2024
කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත. 17 November 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026