IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කෝටි 80ක් වටිනා මී හරකෙක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.

අන්මෝල් ලෙස නම් තබා ඇති මෙම මී හරකා බරින් කිලෝ ග්‍රෑම් 1500 ක් වේ. අන්මෝල්ගේ ප්‍රියතම ආහාරවලට බිත්තර, කිරි සහ ආමන්ඩ්ද ඇතුළත්ය.

හර්යානා ප්‍රාන්තයේ කෘෂි කාර්මික ප්‍රදර්ශනවලටද අන්මෝල් ඉදිරිපත්වන අතර එම ප්‍රදර්ශනවලට පැමිණෙන්නන්ගේ නෙත් සොරා ගැනීමට අන්මොල් සමත්ව ඇත.අන්මෝල්ගේ දවසක ආහාර සඳහා රුපියල් 1500 ක මුදලක් වෙන්වන බවත් තෝරා ගත් ආහාර පමණක් අන්මෝල්ට ආහාරය සඳහා ලබාදෙන බවත් පැවැසෙයි.

අන්මෝල් දෛනිකව ආමන්ඩ් ග්‍රෑම් 250ක්, දෙළුම් කිලෝග්‍රෑම් හතරක්, කෙසෙල් ගෙඩි 30ක්, කිරි ලීටර් පහක් සහ බිත්තර 20ක් ආහාරයට ගනී. දෛනික ආහාරවලට අමතරව අන්මෝල් කේක්, හරිත ආහාර, ගිතෙල්, සෝයා බෝංචි සහ බඩ ඉරිඟු ද ආහාරයට ගනු ලබයි.


අන්මෝල්ගේ වියදම් දැරීම සඳහා අයිතිකරුට අන්මෝල්ගේ මව සහ නැගණිය විකිණීමට සිදුව ඇති බවද පැවැසෙයි. කෙතරම් අපහසුකම් තිබුණත් අන්මෝල්ගේ ජීවන රටාව අයිතිකරු වෙනස් නොකරන බවද සඳහන් වේ.

 



අදහස් (17)

කෝටි 80ක් වටිනා මී හරකෙක්

Rasi Sunday, 17 November 2024 03:32 PM

ලංකාවේ ඉන්නවා ඊට වඩා වටිනා හොඳ කෙප්ප මී හරක්.

:       5       34

බකල ජයා Sunday, 17 November 2024 03:34 PM

හරකෙක් අයිති, හරකෙක් ගැන දැනගත්තා.

:       2       54

උකුස්සා Sunday, 17 November 2024 04:04 PM

මිළ කරපු එකයි, මිළදී ගන්න එකයි එකට තියලා කුඹුර හාමු..!

:       2       36

Tharindu Sunday, 17 November 2024 04:48 PM

අමු මෝල්

:       3       27

Chamara Sunday, 17 November 2024 05:09 PM

"මව සහ නැගණිය විකිණීමට සිදු වී ඇත" මොකද්ද මේ කතාවේ තේරුම..?

:       0       20

Rupika Weerasingha Sunday, 17 November 2024 06:31 PM

මව සහ නැගෙනිය විකිණීමට සිදුවී ඇත කියන්නේ මීහරකෙකුට මීහරකෙක් හදාවඩා ගැනීමට මව හා නැගනිය ලෝකයේ පැරණිතම රැකියාවේ යෙදවීමට සිදුවුනා කියලාද?

:       2       17

pjMonday, 18 November 2024 04:34 AM

බුද්ධිමත්ව සිතන්න

:       2       2

Ishan Monday, 18 November 2024 11:05 PM

අයිතිකරුගේ මව හා නැගණිය ගැන නෙවෙයි කියන්නේ, අන්මෝල් කියන හරකාගේ මව හා නැගණිය ගැන..!

:       0       0

sam Sunday, 17 November 2024 07:26 PM

සාටකයක් දාපු හරකෙක්.

:       13       12

ජාතික ලැයිස්තුව Sunday, 17 November 2024 11:15 PM

ලංකාවේ ඡන්දෙට ආවා නම් 350,429 දෙනෙක්ගේ ඡන්ද ගන්න තිබුණා.

:       0       4

කසුන් Sunday, 17 November 2024 07:27 PM

මෙහෙත් ඒ පැත්තේ ඉඳන් මේ පැත්තට, මේ පැත්තේ ඉඳන් අර පැත්තට පැනපු මීහරක් බර ගාණක් උන්නා. කෝටි ගණන්වලට තමයි විකුණුනේ උනුත්... හැබැයි ඊයේ, පෙරේදා අපි සීයකට විතර පස්සට පයින් ගහලා පන්නලාම දැම්මා...!

:       1       3

Nihal Sunday, 17 November 2024 09:40 PM

පින් කරපු හරකෙක්...!

:       0       0

Indika Monday, 18 November 2024 07:12 AM

මේ හරකා අයිතිකරැට ධන උල්පතක්. මෙයාගේ ශුක්‍රානු ප්‍රජනන කටයුතු සදහා විකුනනවා.මම දන්නා විධියට ඒසදහා අදික ඉල්ලුමක් තිබෙනවා

:       2       1

fairoos Monday, 18 November 2024 12:33 PM

ඉන්දියාවේ විතරයි ... මුන්ට පිස්සු

:       0       0

බකමුසා Monday, 18 November 2024 01:52 PM

මව කියන්නේ අම්මා, නැගණිය කියන්නේ නංගී... කාගේ අම්මයි නංගියි ද.. හරකාගේ.. තේරුනේයි.

:       0       1

හසකMonday, 18 November 2024 03:00 PM

ඔයා එලදෙනුන්ට අම්මා, නංගි, කිව්වාට, අනෙක් මිනිස්සු එහෙම කියන්නෑ. හැබැයි ඔයාගේ ඒ නෑදෑයෝ කලින් පාර්ලිමේන්තුවෙ හිටියා නම් ඔයා කියන එක තේරෙනවා...

:       0       2

රසික Monday, 18 November 2024 08:05 PM

හැබැයි මෙතැනත් තඹ සතයක්වත් වටින්නේ නැති මී හරක් ගොන්නක්ම ඉන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site