
(ටී.කේ.ජී.කපිල )
හිටපු ආණ්ඩුකාර සහ හිටපු කොළඹ නගරාධිපති මොහොමඩ් මුසාමිල්ගේ පුත්‍රයා වන මොහොමඩ් නිෂාම් ජමල්ඩීන් අද දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබේ .
47 හැවිරිදි වියේ පසුවන මොහු ලන්ඩන් නුවර බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
කොළඹ මූල්‍ය සහ වංචා අපරාධ විමර්ශන අංශය විසින් සිදු කෙරෙන විමර්ශනයකට අදාලව පනවා තිබූ ගුවන් ගමන් තහනමක් යටතේ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
ඔහු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත භාර දී ඇති අතර , සවස 04.30 ට පමණ ඔහු පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ , මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd