IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අලුත් කැබිනට්ටුව 23යි : අගමැති හරිනි

 

(අංජුල මහික වීරරත්න)

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.

නව රජයේ අග්‍රාමාත්‍ය ධුරයට ආදාර්ය හරිනි අමරසූරිය මෙනවිය නැවත පත් කිරීමට නියමිතව ඇත.

නව රජයේ කැබිනට් මණ්ඩලය 23 කට සීමාවන අතර ආරක්ෂක සහ මුදල් අමාත්‍ය ධුරය ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පැවරෙනු ඇත.

අධ්‍යාපන අමාත්‍ය ධුරය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ටම පැවරෙනු ඇතැයි පැවසේ

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍්‍ය ධුරය ට​කේ ඩී ලාල් කාන්ත මහතා පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

විදේශ අමාත්‍ය ලෙස විජිත හේරත් මහතා ද සෞඛ්‍ය අමාත්‍ය ලෙස වෛද්‍්‍ය නලින් ද ජයතිස්ස මහතා ද, ධීවර අමාත්‍ය ලෙස නිහාල් ගලප්පත්ති මහතා ද පත් කෙරෙනු ඇති බව ද රජයේ ආරංචි පවසයි.

සුනිල් හඳුන්නෙත්ති මහතා ආර්ථික කටයුතු අමාත්‍ය ලෙසත් වසන්ත සමරසිංහ මහතා කර්මාන්ත කටයුතු අමාත්‍ය ලෙසත් බිමල් රත්නායක මහතා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙසත් පත් කිරීමට නියමිතව ඇත.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි කැබිනට් අමාත්‍ය ධුර පත් කෙරෙන බවත් අමාත්‍ය ධුර ලබා දීමේදී අදාළ විෂය දැනුම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරන බවත් රජයේ ප්‍රකාශකයෙක් කීය.

ඒ අනුව අවම වශයෙන් දිස්ත්‍රික්කයකට කැබිනට් අමාත්‍ය ධුරයක් හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුර දෙකක් හෝ ලබාදීමට සැලසුම් කර තිබෙන්නේ යැයි ද රජයේ ආරංචි මාර්ග පවසයි.

අමාත්‍යංශ විෂය පථයන්හි කාර්යභාරය පහසුවීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන්ද පත් කරන බව රජයේ ප්‍රකාශකයෙක් කීය.

 



අදහස් (7)

අලුත් කැබිනට්ටුව 23යි : අගමැති හරිනි

අනිල් Monday, 18 November 2024 06:52 AM

එතකොට නියෝජ්‍ය ඇමැතිල පනහක් පත්කරනවද මොකටද

:       8       2

Perera Monday, 18 November 2024 06:55 AM

විමලයත් ඔයා එක්ක අද උන්නානම් මිනිහා උපවාස පිලිබඳ ඇමති ලෙස පත්වීම ලබනවා ස්ථිරයි

:       0       8

naleen Monday, 18 November 2024 07:42 AM

නිහල් ගලප්පත්ති මහතා මුහුදු ගිය අයෙක්ද?

:       9       8

අරවින්ද මොනරවිල Monday, 18 November 2024 08:49 AM

ඉතිහාසයේ බිහිවූ සාර්ථකම හා නිර්මාණශීලිම කැබිනට් මණ්ඩලය බවට පත් වෙන්න සුභාසිරි පතමි.

:       4       25

randil dunuwille Monday, 18 November 2024 09:07 AM

නියමයි .ජයවේවා ලංකාවට

:       5       23

Lankaputha Monday, 18 November 2024 09:14 AM

රනිල් යටතේ 22 .දැනටම 24 .පොරොන්දුව 20, නියෝජ්‍ය ,රාජ්‍ය නෑ .හැබැයි ආරංචි විදියට නියෝජ්‍ය 50

:       26       6

යෝගා Monday, 18 November 2024 10:17 AM

පරණ ඇට්ටකුණා වෙච්ච වෘත්තීය සමිතිකාරයො ටිකට හොඳම ඇමතිකම් ටික දීලා. ඇයි අර ලඟදි මාලිමාවට එල්ල ගත්ත ආචාර්ය මහාචාර්යලට මොකද උනේ? ඒ උගත්තු මේ පිනාල යටතේද ඉන්න ඕන?

:       10       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site