(අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
නව රජයේ අග්‍රාමාත්‍ය ධුරයට ආදාර්ය හරිනි අමරසූරිය මෙනවිය නැවත පත් කිරීමට නියමිතව ඇත.
නව රජයේ කැබිනට් මණ්ඩලය 23 කට සීමාවන අතර ආරක්ෂක සහ මුදල් අමාත්‍ය ධුරය ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පැවරෙනු ඇත.
අධ්‍යාපන අමාත්‍ය ධුරය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ටම පැවරෙනු ඇතැයි පැවසේ
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍්‍ය ධුරය ටකේ ඩී ලාල් කාන්ත මහතා පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
විදේශ අමාත්‍ය ලෙස විජිත හේරත් මහතා ද සෞඛ්‍ය අමාත්‍ය ලෙස වෛද්‍්‍ය නලින් ද ජයතිස්ස මහතා ද, ධීවර අමාත්‍ය ලෙස නිහාල් ගලප්පත්ති මහතා ද පත් කෙරෙනු ඇති බව ද රජයේ ආරංචි පවසයි.
සුනිල් හඳුන්නෙත්ති මහතා ආර්ථික කටයුතු අමාත්‍ය ලෙසත් වසන්ත සමරසිංහ මහතා කර්මාන්ත කටයුතු අමාත්‍ය ලෙසත් බිමල් රත්නායක මහතා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙසත් පත් කිරීමට නියමිතව ඇත.
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි කැබිනට් අමාත්‍ය ධුර පත් කෙරෙන බවත් අමාත්‍ය ධුර ලබා දීමේදී අදාළ විෂය දැනුම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරන බවත් රජයේ ප්‍රකාශකයෙක් කීය.
ඒ අනුව අවම වශයෙන් දිස්ත්‍රික්කයකට කැබිනට් අමාත්‍ය ධුරයක් හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුර දෙකක් හෝ ලබාදීමට සැලසුම් කර තිබෙන්නේ යැයි ද රජයේ ආරංචි මාර්ග පවසයි.
අමාත්‍යංශ විෂය පථයන්හි කාර්යභාරය පහසුවීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන්ද පත් කරන බව රජයේ ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට නියෝජ්‍ය ඇමැතිල පනහක් පත්කරනවද මොකටද
විමලයත් ඔයා එක්ක අද උන්නානම් මිනිහා උපවාස පිලිබඳ ඇමති ලෙස පත්වීම ලබනවා ස්ථිරයි
නිහල් ගලප්පත්ති මහතා මුහුදු ගිය අයෙක්ද?
ඉතිහාසයේ බිහිවූ සාර්ථකම හා නිර්මාණශීලිම කැබිනට් මණ්ඩලය බවට පත් වෙන්න සුභාසිරි පතමි.
නියමයි .ජයවේවා ලංකාවට
රනිල් යටතේ 22 .දැනටම 24 .පොරොන්දුව 20, නියෝජ්‍ය ,රාජ්‍ය නෑ .හැබැයි ආරංචි විදියට නියෝජ්‍ය 50
පරණ ඇට්ටකුණා වෙච්ච වෘත්තීය සමිතිකාරයො ටිකට හොඳම ඇමතිකම් ටික දීලා. ඇයි අර ලඟදි මාලිමාවට එල්ල ගත්ත ආචාර්ය මහාචාර්යලට මොකද උනේ? ඒ උගත්තු මේ පිනාල යටතේද ඉන්න ඕන?