IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු  මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.

අගවිනිසුරු ධූරයට ප්‍රනාන්දු මහත්මිය පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය වැඩ බලන අගවිනිසුරු ලෙස  ඉකුත් ඔක්තෝම්බර් 10 වැනිදා දිවුරුම් දුන්නාය.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිණියක වන ඇය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි සිසුවියකි.
 

නීතිපති දෙපාර්තමේන්තුවට 1985 වසරේදී ජනාධිපති නීතිඥවරියක ලෙස  සම්බන්ධ වී ඇති ඇය  1997 වසරේදී   නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක ලෙසත් 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් වරියක ලෙසත් උසස් වීම් ලබා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරියක වන ඇය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත්ව ඇත්තේ 2018 වසරේ මාර්තු මස 9 වැනිදාය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ලබන දෙසැම්බර් මස 02 වැනිදා විශ්‍රාම යෑමට නියමිතය.



අදහස් (1)

නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු

Perera Sunday, 17 November 2024 10:56 PM

මොරටු දියණියක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 312 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site