
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ විශේෂ අංශයකට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකි.
ඉකුත් මස 26 වෙනි දින කටුනායක ගුවන් තොටුපළේදී රුපියල් කෝටි 7 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ගෑම් 5 කට අධික ප්‍රමාණයක් ගමන් මල්ලෙ සහල් ඇසුරුමක් තුළ සඟවා මෙරට රැගෙන ආ පුද්ගලයෙකු හා ඒවා රැගෙන යාම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි ටැක්සි රියදුරෙකුසහ කාන්තාවක අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයේදී කොස්තාපල්වරයා සම්බන්ධයෙන්ද කරුණු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
සැකකාර කොස්තාපල්වරයාගේ පියා ගව පාලනයෙන් ජීවත්වන බවත් එනමුත් මවගේ නමින් රුපියල් ලක්ෂ 50 ක ස්ථිර තැන්පතුවක්ද නැගණියගේ නමින් රුපියල් ලක්ෂ 10 ක ස්ථීර තැන්පතුවක්ද තිබෙන බවට මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසියය සඳහන් කරයි.31 හැවිරිදි සැකකාර කොස්තාපල්වරයා ගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය
2025 දෙසැම්බර් මස 18
648
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
312
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත් ජාවාරමට සම්බන්ධ කොස්තාපල්වරයෙක් මාට්ටු
Yaka Sunday, 17 November 2024 01:32 PM
ඔය අහුවෙන්නේ බඩු...
බකල ජයා Sunday, 17 November 2024 02:30 PM
මෙම කොස්තාපල්වරයා හැර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ඉතා ඉහළ නිලතල දරන හඬපට සද්දෙට පිටවූ නිලධාරීන් තවත් සිටීද?