මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර පහට ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනෙකු පත් කරන්නැයි පාක්ෂිකයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙන බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙවර ජාතික ලැයිස්තුවේ ස්ථාන දෙකක් පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට සහ පක්ෂ සභාපති ඉමිතියාස් බාකීර් මාකර්ට වෙන්වී ඇති බව මැතිවරණයට පෙරම කතාබහ ඇති විය.
මෙම ස්ථාන දෙකෙන් පසු ඩලස් අලහප්පෙරුම, ජී.එල්. පීරිස්, සුදර්ශනී ප්‍රනාන්දු ඇතුළු පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු ද සජබ ජාතික ලැයිස්තුවේ සිටිති.
කෙසේ වුවද මෙවර පාර්ලිමේන්තුවේ ඇති සංයුතිය අනුව මේ තිදෙනාගෙන් වැඩි බර ඩලස් අලහප්පෙරුම වෙතට යොමුවී ඇති බව පැවසෙයි.
එසේම ඉතිරි මන්ත්‍රී ධුර දෙක සදහා උපුල් ජයසූරිය, රවි ජයවර්ධන, මහිම මෙන්ඩිස් වැනි අය වෙත අවධානය යොමු කළ යුතුව ඇතැයි වැඩි දෙනාගේ අදහස වී තිබේ. එසේම මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ 5 වැන්නා වූ එරාන් වික්‍රමරත්න ද පාර්ලිමේන්තුවේ සිටිය යුතුම චෝදනා රහිත පුද්ගලයෙකු බව ඔවුන්ගේ අදහස වී තිබේ.
මේ අතර සජබ නියෝජනය කරමින් ජාතික ලැයිස්තු ධුර සදහා නම් කරන්නේ කවුද යන්න පිළිබදව සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡාවකින් පසුව තීරණය කරන බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද (17දා) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා හේමා, දුලාංජලී හා ජලනි යන මැතිතුමියන්ව යෝජනා කිරීමට සලකා බලන්න...!
කොච්චර වැදගත් අය තේරුවත්, පාර්ලිමේන්තුව සුද්ද වෙන්න විපක්ෂ නායකකම යහපත් පුරවැසියෙකු තෝරා පත් කොළොත් පමණයි. එහෙම නැතුව නිධන් හොරු සහ හොර සල්ලි අච්චු ගහපු අය නෙමෙයි. ලැජ්ජාව එතැනයි...
ජී එල් පීරිස් දැනටමත් කල් ඉකුත් වී ඇත. සුදර්ශනීට කිසිවක් කළ නොහැක. එරාන් වික්රමරත්න පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. ඔහු නිලධාරියෙක් සහ මහත්මයෙක්...
බෝහෝම හොඳයි... ඔය නම් කරගෙන ඉන්න මුල් පෙලේ ඉන්න අය මහ ලේකම් කියන පඹයාට ඡන්ද දහයක් ගන්න බැහැ. මොවුන් තමයි රට හදන්න එන්නේ, ඔය තුන්වෙනියාට නම දාගෙන ඉන්න පාංකඩය 94 ඉඳලා හොරගොල්ල සහ මැදමුලනේ කක්කුස්සියට වතුර බාල්දිය තියපු එකා අන්ධයා වගේ ඉඳලා, එකපාරටම ප්‍රමෝෂන් එකක් ලැබිලා දක්ෂිණ පාර්සවයේ විචිත්‍ර භානුක වාගීස්වර ධර්ම දේශකවෙලා. පුතාණෝ විසින් අගමැති ඔටුන්න පලඳන්න හදපු දවසේ ඉඳලා අයුක්තිය, අසධාරණය වෙනුවෙන් කලිසම ගලවාගෙන. ලක්ෂ 20 කින් දිනනවයි කියලා විචිත්‍ර ධර්ම දේශණා තියලා දැන් රෙද්දේ නෙවෙයි ඇගේ රෙවිලා තියෙන්නේ. මේ අයට විලිලැජ්ජාව ගෑවිලාවත් තියෙනවා නම් ලැයිස්තු වලින් යනවාද?
නිධන් කඩපු, සංස්කෘතික ත්‍රිකෝණයෙන් කෝටි ගාණකට කෙලපු, නංගිත් එක්ක හොරසල්ලි ගහපු කේස් ළඟදීම අදුනාම විපක්ෂ නායක කූඩුවට යනවා. එතැනට ජලනි උත්තමාවිය පත්කරන්නද ලැහැස්තිය?
ඕකෙන් 3ක් යන්නේ අර මුස්ලිම් දෙමල පක්ෂ වලට. ඒවා ඡන්දයට කලින්ම පොරොන්දු වෙච්චි ඒවා...!
ඔය පක්ෂයේ කවුද පිරිසිදු අය ඉන්නේ? මොකාව දැම්මත් ලිස්ට් එක අන්තිමට අනුමත කරන්නේ අර අනුන්ගේ ගොඩනැගිල්ලක බලෙන් බාබර් සාප්පුවක් දාගෙන ඉන්න ගෑනි...!
හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අනිවාර්යයෙන් ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරයක් හිමිවිය යුතුයි. ඇය පක්ෂය වෙනුවෙන් වගේම නායකත්වය වෙනුවෙන් පෙනී ඉන්න චරිතයක්... ඒ වගේම කිසිඳු දූෂණ වංචා චෝදනා ඇයට නැත.
පක්ෂයේ ලේකම් සහ සභාපතිට අමතරව ඩලස්, සුදර්ශනී, මහිම් වඩාත් සුදුසුයි.
කොහොමත් දූෂිත සජියාව ඇතුල් කරන්නම වෙනවා...!
රංජිත් කියන කෙනාට පාර්ලිමේන්තුවට යවන්න ඕනි නෑ.. සජිත් පරදින්න හේතුවුණු කෙනෙක් එයා.. සුජීව, සුදර්සනී ප්‍රනාන්දු පුල්ලේ,... වගේ හොඳ උගත් අය යවන්න. එසේම හර්ෂට නායකත්වය දෙන්න. සජිත් කියන්නේ මෝඩයෙක්. දේශපාලනය කරන්න තේරෙන්නේ නෑ.. පියා දක්ෂයෙක් වුණාට පුතාට එහෙම වෙන්න බෑ කියලා මොන්ඩිසෝරි ළමයාගේ ඉඳන් දන්නවා. මේක හොඳයි රූකඩ නටවන්න. ගන්න.
දුශිතයන් නොවන පස් දෙනෙකු තෝරා ගැනීම තමා හොන්ද. .එහෙට මෙහෙට පැන පැන ඇමැතිකම් ගත්තු වයසක ජී.එල්.පීරිස් නම් වැඩක් නැහැ .