
(කාංචන කුමාර ආරියදාස)
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි.
මෙම පියාගෙන් බරපතල පහර කෑමට ලක් වූ පාසල් සිසුවා ආඩියාගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දඹුල්ල රෝහලටත් දඹුල්ල රෝහලෙන් අසාධ්‍ය තත්ත්වයේ මහනුවර මහ රෝහලටත් ඇතුළත් කොට මේ වනතුරුත් කිසිදු සිහියක් නොමැතිව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ගල්කිරියාගම පොලිසිය කියයි.
පසුගිය දිනෙක මෙම පාසල් සිසුවා පහලොස් හැවිරිදී එකම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවිය සමගින් උපකාර පංති යන වස්ථාවක මහමග ප්‍රදේශයේ ස්ථානයක කතා කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පියා මෙම දියණියටත් පාසල් සිසුවාටත් පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී යයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා රටක තිබිය යුතු 'සාමාන්‍ය' දේවල් නෙවෙයි. මේවාට දියුණු රටවල කියන්නේ 'violence', 'abuse' කියා. මේවාට දැඩි දඬුවම් ලැබිය යුතුවක් මෙන්ම, මේවා ටෙලි නාට්‍යවල පෙන්වන පරිදි සරළ දේවල් ලෙස නොසැලකීමට ජනතාවද දැනුවත් කළ යුතුයි...
මරු පියා
මෝඩ තකතීරුවෙක්. හොඳට ඉගෙන ගත්තොත් අනාගතේ කෙල්ල අරගෙන යන්න පුළුවන් කියලා ගොඩ දාගන්න තිබුණු ජීවිත දෙකක් එක්ක පිස්සු නටලා. අවසාන ඵලය දුවත් නැතිකරගෙන හිරේ ලැබීම...
නව යොවුන් වියේ පසුවන තරුණ තරුණියන්ට සාමාන්‍ය දෙයක් වන මෙය, නව යොවුන් වියේදී හෝමෝන නිසි පරිදි ක්‍රියා නොකළ තරුණියගේ පියාට බරපතල වරදක් ලෙස පෙනීම පුදුමයක් නෙමෙයි. බුද්ධිමත්ව විසඳිය යුතුව තිබූ ප්‍රශ්ණයක් දුර ගිය තරම....
මේ වගේ සම්බන්ධතාවලට පහරදීමෙන් ප්‍රශ්නය විසඳීම වෙනුවට සිදුවන්නේ ප්‍රශ්නය දුරදිග යාමයි. උපදේශනය මගින් ප්‍රශ්ණය නිරාකරණය කර ගැනීම වඩා යහපත්...
මම දන්නවා ඔය තාත්තා ගැන. මිනිහා මැරයෙක්. එයා බොහොම තරුණ කාලේ ගෙදරට හොරෙන්ලු ගෑණිත් එක්ක පැනලා ගියේ. ඒ කාලෙත් ගෑනිගේ තාත්තා ඔය මිනිහාව මරන්න කට්ටියක්ව එව්වලු..
අතින් පයින් ප්‍රශ්න විසඳා ගන්නේ මොලේ පාවිච්චි කරලා ප්‍රශ්න විසඳන්න බැරි මිනිස්සු
නීතිය ක්‍රියාත්මක කරන්න