
(සිතුම් චතුරංග)
මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
තාණ්ඩිකුලම ප්‍රදේශවාසීන් සිදුකළ දැනුම්දිමකට අනුව ඊයේ(16) පොලිසිය සැකකරු අත්අඩංගුවටගෙන ඇති අතර සැකකරු පාපැදියේ කාඩ්බෝඩ් පෙට්ටියක් ගැටගසා මෘත ශරීර කොටස් තාණ්ඩිකුලම වැව මාර්ගය අසල රැගෙනයමින් සිට ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය පැවසූයේ සුසානභූමියක් වෙත ඉතා ආරක්ෂාකාරිව ඉවත්කළ යුතු මෘතශරීර කොටස් දුඟද වහනය වන අයුරින් අවිදිමත් ලෙස සැකකරු තාණ්ඩිකුලමට රැගෙනවිත් ඇති බවයි.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී තාණ්ඩිකුලම ප්‍රදේශයේ ස්ථානයකට රැගෙනයන බවත් පවසා ඇති අතර තාණ්ඩිකුලම වැවට මෘතශරීර කොටස් දමා තිබේද යන්න විමර්ශන සිදුකරන බවත් පැවසීය.සැකකරුට අවිධිමත් ලෙස මෘතශරීර කොටස් බැහැරකිරීමට ලබාදුන් මල්ශාලා හිමිකරුට එරෙහිව විමර්ශන සිදුකරන බවත් කීය. සැකකරු වවුනියාව ගනේෂපුරම් පදිංචි 53 හැවිරිදි අයෙකි.
2025 දෙසැම්බර් මස 18
648
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
312
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරුරු කොටස් අවිධිමත් ලෙස බැහැර කළ මල්ශාලා සේවකයා අත්අඩංගුවට