
(පද්මා කුමාරී කංකානම්ගේ)
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද සමඟ කල්පිටිය ඉප්පන්තීව් දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇත.
නාවුක හමුදාව විසින් කරන ලද සෝදීසි මෙහෙයුමක දී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත.
බීඩී කොළ උර 37 ක් තුළ කිලෝ ග්‍රෑම් 1263 ක් ද,තවත් ඇසුරුම් තුනක කිලෝ 118 ක් ද අසුරා තිබී ඇත.මෙහි දළ වටිනාකම ලක්ෂ 69 ක් පමණවේ. සැකකරුවන් දෙදෙනා කල්පිටිය ජනසවි පුර සහ ආනවාසල පදිංචි වයස අවෘදු 26 සහ 37 වියේ පසු වන්නෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd