
( සුමිත් පොතුපිටිය)
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 16 වන වියේ පසුවන පාසල් සිසුන් පිරිසකි,
සැකකරුවන් හයදෙනා පානදුර වෙරළ තීරයේ ඇති පොදු වැසිකිලිය අසලට පැමිණ තිදෙනෙකු කිසිවෙකු පැමිණේද ? යන්න නිරීක්ෂණය කරමින් සිටියදී අනෙක් තිදෙනා එහි සිටි සේවකයා බියගන්වා මුදල් පෙට්ටිය කොල්ලකා පලාගොස් තිබේ.
එහිදි බියට පත් සේවකයා ඉවතට පැන උදව් ඉල්ලා කෑගැසීමේදී අවට සිටි පිරිසගේ සහාය ඇතිව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය. කොල්ලකෑ මුදල් භාජනයේ තිබී ඇත්තේ රුපියල් 415 ක් බවද උසස් පොලිස් නිළධාරියෙක් සදහන් කලේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුනරුදයේ හයිය...
මේ කරපු වැරැද්දට දඬුවමක් වශයෙන් පරිසරය විනාශ වී තිබෙන මානා නම්වූ තණකොළ ගැලවීමට යොදන්න. පරිසරය පිරිසිදු කරවන්න. වැසිකිළි සුද්ද කරවන්න...!