(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි සාමාජිකයන් සංඛ්‍යාව 22 කි.
කාංචන විජේසේකර,ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත, හරීන් ප්‍රනාන්දු, මහින්ද අමරවීර, ඩග්ලස් දේවානන්ද, මනූෂ නානායක්කාර, රමේෂ් පතිරණ, විදුර වික්‍රමනායක, නලින් ප්‍රනාන්දු, නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රා වන්නි ආරච්චි,යන අමාත්‍යවරු ( කැබිනට් මණ්ඩල සාමාජිකයෝ) මෙසේ පරාජයට පත් වූහ.
කැබිනට් මණ්ඩලයේ සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවූ අතර අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටියේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මැතිවරණයට ඉදිරිපත් නොවූ අතර ඔහුගේ නම පක්ෂයේ ජාතික ලැයිස්තුවට පවා ඇතුළත්ව නොතිබිණ.
එවකට කැබිනට් මණ්ඩලයේ සිටි කෙහෙළිය රඹුක්වැල්ල ආචාර්ය විජයදාස රාජපක්ෂ ආචාර්ය බන්දුල ගුණවර්ධන ටිරාන් අලස් යන මහත්වරුද මහ මැතිවරණයට තරග නොකළහ.
පසුගිය අමාත්‍ය මණ්ඩලයේ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් ජයග්‍රහණය කර තිබුණේ චාමර සම්පත් දසනායක ඩීවී චානක අනුරාධ ජයරත්න කාදර් මස්තාන් යන මන්ත්‍රීවරුන් පමණි.
රංජිත් සියඹලා පිටිය, ලසන්ත අලගියවන්න , ජානක වක්කුඹුර, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, රෝහණ දිසානායක, ඉන්දික අනුරුද්ධ, දිලුම් අමනුගම, සිරිපාල ගම්ලත් ශාන්ත බණ්ඩාර කනක හේරත් තේනුක විදානගමගේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, අරුන්දික ප්‍රනාන්දු , තාරක බාලසූරිය සෂීන්ද්‍ර රාජපක්ෂ, සිසිර ජයකොඩි, පියල් නිශාන්ත, ප්‍රසන්න රණවීර ඩී.බී හේරත්, ශිව නේශතුරේ චන්ද්‍රකාන්තන්( පිල්ලෙයාන්) අශෝක ප්‍රියන්ත අරවින්ද කුමාර ප්‍රේමලාල් ජයසේකර අනූපපැස්කුවල් පරාජයට පත් වූ රාජ්‍ය අමාත්‍යවරු( 24 ) වෙති.
රාජ්‍ය ඇමතිකම් දැරූ ලොහාන් රත්වත්තේ සුරේන් රාගවන්, සීතා අරඹීපොළ ජගත් පුෂ්ප කුමාර එස් වියලේන්දිරන් සහ විජිත බේරුගොඩ යන මහත්ම මහත්මීහු මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරම්පරා තුනක් එක දිගට මොන පක්ෂය බලයේ හිටියත් මෙයාලා ඇමතිකම් කරා .මේ පාර කැබිනට් එකේ මෙයත් නෑ
විජිත බේරුගොඩ, කාදර් මස්තාන්, ඉන්දික අනුරුද්ධ වගේ සමහරු කෑම කන තැන ඇර පාර්ලිමේන්තුවෙ අනික් තැන්වල කට ඇරල තියෙනවනම් කරුණාකර දැනුම්දෙන්න.
අනේ අපොයි .මේ කාලකන්නි තක්කඩියාවත් ගෙදර යැව්වා නම් හරි අගෙයි
කසිප්පු තිබුනයින් යන්තම් ජාමේ බේරාගත්තා මෙයා
බලමු ලබන ඡන්දෙදීවත් වතුකරේ ජනතාවගේ මොලේ පෑදිලා, මොහුව එලවලා කවුරුහරි අවංක බුද්ධිමත් කෙනෙක් පත්කර ගනීවිද කියලා...!
පරම්පරාවෙන් ලැබුණු අවස්ථාව නිසා පාර්ලිමේන්තුවට ගියා... කිසිම පලපුරුද්දක් නැතුව වුණත් ඔහුට ඇමැති තනතුරක් දුන්නු අයම කියනවා. පලපුරුද්දක් නැතුව පාලනය කරන්නේ කොහොමද කියලා... එහෙම නේද?