
(රවීන්ද්‍ර විරාජ් )
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක දෙදරු පියකු මරණයට පත්ව ඇති බව රත්තොට පොලිසිය පවසයි.
රුපියල් දහසක් වටිනා කෙසෙල් කැනක් හොරෙන් කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් කෙසෙල් කැන කැපූ හොරා පිළිබඳව හෝඩුවාව දුන් බවට සැකකොට ඊයේ (16) අසල්වැසියාට මට්ටම් පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
මෙම ගැටුමින් මරණයට පත්ව ඇත්තේ නාගුලියද්දේ පිටියේ ගෙදර පදිංචි සරණසිංහ බණ්ඩාර නමැති දෙදරු පියෙකු බව පොලිසිය සඳහන් කරයි.
පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල් කැන කැපූ බවට සැක කළ අසල්වැසි පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගාකරුවන් වගාකිරීමට උනන්දු නොවීමට ප්‍රධානතම හේතුවක් වෙන්නේ සතුන්ගෙන් සිදුවන හානියටත් වඩා හොරුන්ගෙන් සිදුවන හානි තමයි. මම වගාවක් කළ ඉඩමක වල්ලා ගස් (වල්ලපට්ට ගස්) කීපයක් තිබුණා. එක ගහකට හා කොස් ගහකට යමෙක් යම් විසක් ගසා මරල තිබුණා වල්ලපට්ට ගහක් රාත්‍රියේ පිරිසක් ඇවිල්ලා මුලිනුපුටා අතු සමග ගෙනගොස් අතහැර ගිහිල්ල තිබුණා. එනිසා රටේ සංවර්ධනයක් අවශ්‍ය නම් හොර බඩු විකුණන හා අලෙවි කරන අයට දඬුවමක් දෙන්න ක්‍රමයක් හදන්න ඕනෑ. අපි උදාහරණයක් ගනිමු කෙනෙක් කුරුඳු වගාවක් කලා කියලා. හොරෙක් ඒකෙන් ගස් කපලා ගස් පිටින්ම විකුණනවා හොරාගෙන් ගත්තු අයටත් දඬුවමක් දෙන්න ඕනෑ. වෙළෙඳ සැල් හිමියන්ටත් භාණ්ඩ ගෙනා අයගේ හැඳුනුම්පත බලා විස්තර ගන්න අනිවාර්යය කලොත් හොරකම් අඩුවේවි..!