
තමිල්නඩු මැතිවරණයේ විශිෂ්ට ජයක් හිමි කර ගනිමින්, තමිල්නාඩු මහ ඇමැති ධුරයට පත්වුණු සුපිරි නළු තලපති විජේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ හමුවක් පැවැත්විණි. ඒ, නවදිල්ලියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීය.
නවදිල්ලි අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණි විජේට, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
එම නිල හමුවේදී තමිල්නාඩු ප්‍රාන්තයේ සුභසාධනය සහ සංවර්ධනය වෙනුවෙන් වූ වැදගත් ඉල්ලීම් රැසක් ඇතුළත් ස්මාරක පත්‍රයක් මහඇමැති විජේ, මෝදි අග්‍රාමාත්‍යවරයා වෙත භාර දුන්නේය.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉකුත් දා නෙදර්ගන්ත සංචාරයට ගිය අවස්ථාවේදී, ඓතිහාසික වැදගත්කමකින් යුත් 'ආනෛමංගලම් සෙප්පේඩු' (ආනෛමංගලම් තඹ සන්නස්) යළි ඉන්දියාවට රැගෙන ඒමට පියවර ගැනීම සම්බන්ධයෙන් මහ ඇමැති විජේ සිය කෘතඥතාව පළ කිරීමට ද අමතක කළේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd