
(සුජිත් හේවාජුලිගේ සහ හිරාන් ප්‍රියංකර)
විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිම් කලාපයේ වනාතවිල්ලුව පරණ එළුවන්කුලම නෙළුම්වැව ප්‍රදේශයේ කුඹුක් ගස් 500ක් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස්දී ඇත.
මෙම සිද්ධිය ලංකාදීප පුවත්පතේ මුල් පුවතින් පසුගිය 09 වැනිදා බදාදා අනාවරණය කෙරිණ.
අතිශය සංවේදී පරිසර පද්ධතියක ජල මූලාශ්‍ර රැක දෙන මෙවැනි ස්වභාවික වෘක්ෂලතා විනාශ වීම සමස්ත පරිසර පද්ධතියටම ඉල්ලවන බරපතළ තර්ජනයක් බව පරිසර අමාත්‍යාංශය පවසයි.
මෙම සිදුවීම කිසියම් පාර්ශවයක් විසින් හිතා මතා කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෝ පරිසර සංහාරයක් බවට අනාවරණය වුවහොත් ඊට සම්බන්ධ සියලු වගකිව යුත්තන්ට එරෙහිව පවතින නීතිය රාමුව යටතේ උපරිම දඬුවම් පැනවීමට කටයුතු කරන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය පරිපාලන හා ආරක්ෂ අංශ එම ප්‍රදේශයේ ඒකාබද්ධ පරීක්ෂණයක්ද කළේය.
ඡායා හිරාන් ප්‍රියංකර





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd