IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි

(ටී.කේ.ජී.කපිල)

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක් ප්‍රමාද වීම්වලට ලක් වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවා ප්‍රකාශකවරයෙක් 1 පැවසීය .

සෑම ගුවන් යානයක්ම තම ගුවන් ගමන නිමා කිරීමෙන් පසු තාක්ෂණික ඇගැයීම් පරීක්ෂා කිරීමකට ලක් කෙරෙන අතර , එහිදී ඇතැම් ගුවන් යානාවල සිදු කළ යුතු අත්‍යාවශ්‍ය තාක්ෂණික නඩත්තු කිරීම් සදහා , තරමක කාළයක් ගත වන බවත් , ඒ අනුව මෙම ගුවන් යානා 03 එම තාක්ෂණික නඩත්තු කටයුතු සදහා යොමු කර ඇති බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .

අද රාත්‍රී 06.35 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 123 දරන ගුවන් ගමන සහ යළිත්  රාත්‍රී 10.15 ට චෙන්නායි සිට කටුනායක වෙත පැමිණීමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 124 ගුවන් ගමන අවලංගු කර තිබේ .

මීට අමතරව අද රාත්‍රී 10.10 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් ගමන සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට අද දින රාත්‍රී 10.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් ගමන ද අවලංගු කර තිබේ .

මේ පිළිබඳ ශ්‍රී ලන්කන් ගුවන් සේවය , මෙම ගුවන් යානා වලින් ගමන් පහසුකම් සළසා ගන්නා මගීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර , කඩිනමින් මෙම ගුවන් ගමන්වල නිරත වීමට අවශ්‍ය ගුවන් මගීන් , වෙනත් විකල්ප ගුවන් යානා මගින් , එම ගමනාන්තයන් වෙත යොමු කිරීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබේ .

එසේම මෙම ගුවන් යානා තාක්ෂණික දෝෂ වලට ලක් වීම නිසා , හෙට දින අලුයම 12.00 න් පසු ක්‍රියාත්මක වීමට නියමිත තවත් ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කිරීමට සහ ප්‍රමාද වීමට නියමිත අතර , ඒ ගුවන් ගමන් පිළිබඳ කාළසටහන මේ වනතෙක් ප්‍රකාශයට පත් කර නොමැත .

 



අදහස් (6)

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි

UL-Usully late Sunday, 17 November 2024 07:25 PM

සිස්ටම් එක වෙනුවට මුහුණු වෙනස් වුණා . ලස්සනයි... ගොඩක් හොඳයි.

:       0       1

Nandalal DE SILVA - France Sunday, 17 November 2024 11:40 PM

මේ පරණ හුචක්කු ගුවන් යානා පංචිකාවත්තේ යකඩ කඩ වලට රුපියල් කිහිපයකට හෝ විකුණා දමන්න. ඔවුන්ට එපා නම්, යක්කල වානෙ සංස්ථාවට පිනට හෝ දීලා, කුළියට හෝ යානා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එක්කර මගීන්ට යහපත්, උසස් සේවයක් ලබාදීමට රජය පියවර ගතයුතු වෙනවා... මේවා වැඩිය තිබෙන්නේ උඩුගුවනට වඩා මහ පොළොව මත කියා මගේ ආච්චි සීයා එක්ක කියනවා මට ඇහුණා...

:       0       2

pj Monday, 18 November 2024 02:37 AM

බිම ඇනෙන්නවත් හොම්බක් නැතිවුණාට පස්සේද අලුත් පාලකයෝ මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගන්නේ. මෙයින් කියැවෙන්නේ මහජන බදුමුදල් නීත්‍යානුකූලව ගසා කෑමකි. හොරාට පාඩු නොගෙවා ඉන්න එකයි... මෙහෙම බදුමුදල් විනාශයයි... අතරේ කිසිම වෙනසක් නැහැ.

:       0       0

pj Monday, 18 November 2024 02:40 AM

මේවා බල බලද අලුත් වෙනසක් වෙනුවෙන් ඉවසන්න කියන්නේ

:       0       1

යෝගා Monday, 18 November 2024 05:32 AM

විකුණන්නෙත් නැතිලු. අලුත් ගුවන්යානා ගන්න සල්ලිත් නැතිලු. මේවායින් වෙන පාඩුව ගෙවන්නේ අමාරුවෙන් ඉතුරු කරගත්ත ඩොලර් සංචිතයෙන්ද?

:       0       7

Priyath Liyanage Monday, 18 November 2024 12:28 PM

මෙය මගීන්ට වෙනත් ගුවන් සමාගම් තෝරා ගැනීමට නැඹුරු වේ. එබැවින් එය "ශ්‍රීලංකන්" ගුවන් සේවයට විශාල පාඩුවක් වනු ඇත. මගේ පුතාට විශ්වවිද්‍යාලයේ අවසන් විෂයට පෙනී සිටීමට කෙටි සංචාරයක් සඳහා නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය විය. ඔහුගේ වත්මන් නගරයෙන් සෘජු ගුවන් ගමන ශ්‍රීලංකන් ගුවන් සේවය පමණි. ශ්‍රීලංකන් වෙනුවට ඔහු තෝරා ගත්තේ එක් සංක්‍රමණ ස්ථානයක් සහිත "එතිහාඩ්" ගුවන් සේවයයි. ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් තොටුපළට පැමිණි විට ඔහු දුටුවේ එදින "ශ්‍රීලංකන්" ගුවන් යානය අවලංගු කර ඇති බවයි. එබැවින් "ශ්‍රීලංකන්" තෝරා නොගැනීම ගැන සතුටු වන බව ඔහු පැවසීය. මෙයින් අදහස් කරන්නේ ඔබට දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවය මත විශ්වාසය තැබිය නොහැකි බවයි. පසුගිය දින කිහිපය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවා කොපමණ ප්‍රමාණයක් අවලංගු කර තිබේද? ගොඩාක් දුකයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 312 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site