
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට තේරී පත්වීම විශේෂත්වයකි.
මෙසේ තේරී පත් වූ පිරිස අතර වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥවරුන්, ඝණකාධිකාරියවරුන් ඇතුළු වෘත්තිකයන් රැසක් සිටින බව එම විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පාර්ලිමේන්තුවට එකවර වැඩිම විද්‍යාර්ථීන් පිරිසක් තේරී පත්වූ පළමු අවස්ථාව මෙය බව සඳහන්වෙයි.
පාර්ලිමේන්තුවට තේරී පත්වූ එම විද්‍යාර්ථීන්ට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දැනටමත් සුභ පැතුම් පිරිනමා ඇත.
මෙයට අමතරව සමගි ජන බලවේගය ඇතුළු සෙසු දේශපාලන පක්ෂ වලින්ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින බව වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට දැනට අවශ්‍යම වී තිබෙන්නේ "මොල හතක්" තියෙනවා කියන ගොන් නාම්බෙක් නොව, වැඩකළ හැකි, රටට සේවයක් කළ හැකි මොල කණ්ඩායමක් බව මෙමඟින් පැහැදිලිවම සනාථ කෙරෙනවා. රට ගොඩ ගැනීමට මෙම කණ්ඩායමට ශක්තිය, ධෛර්යය, හැකියාව අනුර ජනාධිපතිගේ උපදෙස්, මග පෙන්වීම යටතේ ලැබෙනවා නියතයි.
කොළඹ නීති පීඨයෙන් කීයද? කැලණියෙන් පේරාදෙණියෙන් නැතිද? ගිය ආණ්ඩුවෙන් කාලා එළවපූ විද්‍යාර්තයෝ කොච්චරද? ඒවත් කිව්වා නම් උත්කෘෂ්ටයි...
ජපුරේ ඉංජිනේරු පීඨයක් පටන්ගෙනත් අවුරුදු 4යි. කොහොමද ජපුරෙන් ඉංජිනේරුවෝ පාර්ලිමේන්තුවට ගියේ?
තේරී පත්වූ ඉන්ජිනේරුවන් සහ නීතිඥයන් ගේ නම් කියන්න පුලුවන්ද
ජපුරේ , අතීතයේ විදුදයේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම දකින්නේ " විජ්ජා උප්පත්තං සෙට්ටා " කියලා. තේරුම දැනුම උත්පාදනය වන්නේ ශ්‍රේශ්ටයන් තුලින් කියලා. එසේ නම්: හික්කඩුවේ සුමංගල, වල්පොල රාහුල , වැලිවිටියේ සෝරත නායක ස්වාමීන් වහන්සේලාගේ ආශිවාදයෙන් ගොඩනැගුනු මෙම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබ මහජන සේවයට පාර්ලිමේන්තුවට යන අයත් ශ්‍රේශ්ටයන් වගේ රට දියුනු කොට මිනිසාට සේවයක් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
විදුදය සරසවියෙන්. පාර්ලිමේන්තුවට පිවිසී විද්‍යාර්ථීන් පිළිබඳ ලොකු සතුටක් දැනෙයි. ඒ මා ද 86/87 එම සරසවියට පිවිස දිගු උපාධියක් ලැබූ අයෙක් වීමයි. ඔවුන් තුළ පවත්නා ආත්ම ශක්තිය ධෛර්යය උත්සාහය, කාර්යක්ෂමතාව, කැපවීම අපමණයි. ලක්මව අගාධයෙන් ගොඩගැනීමේ භාරදූර කාර්ය ඔබ වෙත පැවරී ඇත. වත්මන් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් එය ඔබට කළ හැකි බව අපි දනිමු ..ඒ සඳහා ඔබ සැමට ධෛර්ය, ශක්තිය නිරතුරුව ප්‍රාර්ථනා කරමි.