
ලාඕසයේ ලෙනක, දින හතක් තිස්සේ සිරවී සිටින, ගම්වැසියන් හත් දෙනකු මුදා ගැනීමේ මෙහෙයුම් නොකඩවා සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම ගම්වැසියන් පිරිස ලෙන තුළට ගොස් ඇත්තේ රත්තරන් සෙවීමටය. සෙයිසම්බෝන් පළාතේ පිහිටි මෙම ලෙන රත්තරන් කැණීම් සඳහා ප්‍රසිද්ධියක් උසුළයි. මෙය ලෙන් පද්ධතියකට අයත් බව පැවැසෙයි.
ගම්වැසියන් ලෙන තුළ සිටිද්දී අධික වර්ෂාවක් ඇද හැලුණු අතර ලෙනට පිවිසෙන විවරය පස් කඩා වැටීමෙන් වැසී ගියේය.
ලෙනට පිවිසෙන මාර්ගය ද මඩ තට්ටුවලින් සහ ජලයෙන් පිරී ගොස් ඇත. දිගටම වැසි ඇද හැලෙමින් පවතින බැවින් දිවි ගලවා ගැනීමේ කණ්ඩායම්වලට ලෙන තුළට යෑම ගැටලුවක් බව ද පැවැසෙයි. ලාඕසය යනු ආසියා රාජ්‍යයකි. තායිලන්තයට, වියට්නාමයට මායිම් වී ලාඕසය පිහිටා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd