ගාසාව යුද්ධයෙන් වසර 45 ආපස්සට
ඊශ්‍රායල හමාස් යුද්ධය හේතුවෙන් පසුගිය වසර හතළිහ පුරාවට අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළුව සියළුම පුද්ගල සංවර්ධන අංශවලින් ගාසා තීරයේ ජනතාව ලැබූ ප්‍රගතිය මේ වන විට ඔවුන්ට අහිමි වී ඇති බවත් ගාසා තීරයේ ජනතාව නැවතත් 1980 දශකයට ගමන් කර ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අරාබි රාජ්‍යයන් සඳහා කලාපීය කාර්යාංශ අධ්‍යක්ෂක අබ්දුල්ලා අල් ඩර්දාරි ප්‍රකාශ කළේය