වසර 12,000 කට පසු අවදි වුණු හේලි ගුබ්බි
අප්‍රිකාවට අයත් ඉතියෝපියාවේ ගිනි කන්දක් (යමහලක්) පුපුරා යෑමට පටන්ගෙන ඇත. මෙම ගිනි කන්ද හේලි ගුබ්බි (Hayli Gubbi) ය. ගිනි කඳු පිපිරීම අරුමයක් නොවුණත්, මෙම ගිනි කන්ද සක්‍රීය වී, පුපුරා යෑම විශේෂ යැයි ගිනි කඳු සම්බන්ධයෙන් අධ්‍යයනය කරන යමහල් විද්‍යාඥයෝ පැහැදිලි කරති. ගිනි කන්ද පුපුරා ගියේ වසර 12,000 කට පසුවය.