
ඉන්දීය හමුදාව, ‘සින්දූර්’ මෙහෙයුම යටතේ පාකිස්තානයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පාකිස්තානය පුරා ඇති හමුදා කඳවුරු රැසකට දැඩි හානි සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
පාකිස්තානය පවසා ඇත්තේ ඉන්දීය හමුදා එල්ල කළ එම ගුවන් ප්‍රහාරවලින් පාකිස්තාන හමුදාවේ යටිතල පහසුකම් සියයට 20 ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවය.
ඉන්දීය ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් පාකිස්තාන ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා කීපයක් ද විනාශ වී ඇති බව ද පැවැසෙයි.
ඇමෙරිකන් රජය, පාකිස්තානය සමඟ ගිවිසුමක් ඇතිකර ගනිමින් එරටට ඇමෙරිකක් එෆ් 16 ප්‍රහාරක ජෙට් යානා ලබා දී ඇත.
එම ගිවිසුම නම්, එෆ් 16 ප්‍රහාරක ජෙට් යානා කිසිදු අවස්ථාවක ඉන්දීයාවට පහරදීමට යොදා ගත නොහැකි බව පවසමිනි.
පාකිස්තානයට එම එෆ් 16 ප්‍රහාරක ජෙට් යානා යොදා ගත හැක්කේ පාකිස්තානයට එරෙහිව පහර දෙන ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට එරෙහිව පමණි. මෙම එෆ් 16 ප්‍රහාරක යානා රඳවා ඇති පාකිස්තාන ගුවන් කඳවුරුවලට ද ඉන්දීය හමුදාව පහර දුන් බව පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd