
ගාසා තීරයේ පලස්තීනුවන් මිලියනයක්, ලිබියාවට යවා ලිබියාවේ පදිංචිකරවීමේ වැඩපිළිවෙළකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සූදානම් වෙයි.
මේ බව අනාවරණය කළේ ඇමෙරිකාවේ එන්.බී.සී. ප්‍රවෘත්ති නාළිකාවය.
කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පාලනය පෙරළා දැමීමෙන් පසු ලිබියාව මේ වනවිට මුළුමනින්ම අස්ථාවර රාජ්‍යයක් වී ඇත.
ලිබියාවේ ඇමෙරිකන් හිතවාදී පාලකයන් සමඟ සාකච්ඡා පවත්වා, ගාසා තීරයේ පලස්තීනුවන් මිලියනයක් ලිබියාවේ පදිංචි කරවීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයේ අවධානය යොමු වී ඇති බව එන්.බී.සී. ප්‍රවෘත්ති නාළිකාව වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
එසේ පදිංචි කරන පලස්තීනුවන් වෙනුවෙන් ලිබියානු පාලකයන්ට, ඇමෙරිකාවෙන් අරමුදල් හිමිවනු ඇතැයි ද පැවැසෙයි.
ගඩාෆි පාලන කාලයේ රජයේ වත්කම් බොහොමයක් අත්හිටුවීමට ඇමෙරිකාව කටයුතු කර අතර, එම වත්කම් වර්තමාන ලිබියාවේ පාලකයන්ට ලබා දීමට ට්‍රම්ප් පරිපාලනය එකඟ වී ඇතැයි ද පැවසෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පලස්තීනුවන් මිලියනයක් ලිබියාවට යැවීමේ සැලැස්මක්