
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැති ජන රැලියක් අමතමිනි.
ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ සටන් විරාමයක් සඳහා එකඟත්වයක් ඇතිකර ගැනීමෙන් පසු, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන්දු පාකිස්තාන ගැටුම සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි.
ඩන්දියාවට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය තාවකාලිකව නැවැත්වීමට ඉන්දියාව තීරණය කර ඇති නමුත්, ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන කිසිවකුට කිසිදු සමාවක් ලබා නොදෙන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනරැලිය අමතමින් පැහැදිලි කළේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගුලක් කියනවා. එහෙනම් ඔබතුමන්ව එල්ලා මරන්න කියන්නත්‍රස්තවාදයේ පියා ඔබ...!
සමහර පාලකයින්ට තිබෙන ලෙඩක් තමා මැතිවරණයක් ලංවෙද්දී ත්‍රස්තවාදය, රට අනතුරේ, ජාතික ආරක්ෂාව
මෝදී අගමැතිතුමා හරි, ත්‍රස්තවාදීන්ට සමාවක් දිය යුතු නැහැ
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් නොදෙන බව නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර සිටීම අගනේ ය. හේතුව ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී දෙමළ ත්‍රස්ත කල්ලි කීපයකට ම යුද පුහුණුව ලබා දුන්නේ ඉන්දියාව බැවිනි. ලංකා භූමිය බෙදා වෙන් කිරීමට උත්සාහ කළ, ත්‍රස්තයින්ට ගිනි අවි පුහුණුව ඇතුලු හමුදා සටන් පුහුණුව ලබා දීමෙනි. එල්ටීටීඊ සංවිධානය, ඊරොස් සංවිධානය, ටෙලෝ සංවිධානය, ආදී ත්‍රස්ත සංවිධාන ගණනාවකට පූර්ණ හමුදා පුහුණුව ලබා දී ශ්‍රී ලංකා භූමිය බෙදවෙන් කිරීමට ත්‍රස්තවාදය බල ගැන්වූයේ ඉංදියාව ය. එම දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය ක්‍රමයෙන් බලවත් වී මහත් යුදමය වශයෙන් වැඩී ගොස් ලංකා භූමිය මහත් ඛේදවාචකයකට පත් කළේ ය. අද එම දෙමළ බෙදුම්වාදය යුදමය වශයෙන් පරාද වුවත් එම ත්‍රස්තවාදී බෙදුමවාදයේ පරමාර්ථය වන උතුර නැගනහිර බෙදා වෙන් කිරීමේ අරමුණ, එම දෙමළ බෙදුම්වාදය අනුව යන දෙමළ ඩයස්පෝරාව අත් හැර නැත. එසේ නම් යුදමය වශයෙන් දෙමළ ත්‍රස්ත කල්ලි පුහුණු කළ ඉන්දියාව ද එයට වගකිමෙන් බැහැර කළ නො හැක. දෙමළ ත්‍රස්ත්වාදීන පරාද නො කරන්න අද උතුර නැගනහිර බෙදුම් වාදීන් ඇතේ ය. දැන් එය අන්තර් ජාතික වශයෙන් කුමන්ත්‍රණ කරමින් ඇත.
ලංකාවේ පාස්කු ප්‍රහාරය වගේ ගේමක් දීලා චන්දෙ දිනන්න බලාගෙන අන්තිමේ උනේ යුද්ධ ගුවන් යානය කියලා අරන් තියෙන්නේ පොඩි උන්ට සෙල්ලන් කරන්න අරන් දෙන ගුවන් යානා කියලා ඔප්පු උන එක විතරයි නේද? ඒ යානා ගණුදෙනුවෙනුත් ගානක් ගසා කාළාද දන්නේ නැහැ මෙහෙ වගේ. අරන් තියෙන්නේ අස්ප ගණන් වලට කියනවාලු නේ?