
ලෝකයේ භූ දේශපාලනික බෙදීම් හේතුවෙන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අකර්මණ්‍ය වී ඇති බවත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ශක්තිමත් කිරීමට නම් නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අවධාරණය කරයි.
‘භූ දේශපාලනික වශයෙන් ලෝකයේ රටවල් බෙදී සිටිනවා. බලවත් රටවල් පිහිටුවාගත් කඳවුරු දෙකට රටවල් බෙදී ගොස් තිබෙනවා. ඒ නිසා ජාත්‍යන්තර නීතිවලට බලවත් රටවල් ගරු කරන්නේ නැහැ. ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන බලවතුන් තමයි ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානීන්. ඔවුන් ඔවුන්ට රිසි පරිදි තීන්දු තීරණ ගන්නවා.’ යැයි ජගත් මහ ලේකම්වරයා පැවැසුවේ මාධ්‍ය හමුවක් අතරතුරේදීය.
ජගත් මහ ලේකම්වරයා මෛස් පැවැසුවේ, රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් මෙන්ම ඇමෙරිකා ඉරාන ගැටුමසම්බන්ධයෙන් ද පැහැදිලි කරමිණි.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහ සමුළුව මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ අවසන් මහ සමුළුව වනු ඇති අතර, මහ ලේකම් ධුරයට සුදුස්සකු තෝරා ගැනීම සිදුවනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd