
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත. ඒ, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ‘අවාමි ලීගය’ ලියාපදිංචි කිරීම වළක්වමිනි.
හසීනාගේ පාලනය අවසන් වීමෙන් පසු, බංග්ලාදේශයේ පවතින්නේ අන්තර්වාර පාලනයකි. රට පාලනය කරන්නේ අන්තර්වාර පාලක මණ්ඩලයකි. එම පාලක මණ්ඩලයට නායකත්වය දෙන්නේ නොබෙල් ත්‍යාගලාභියකු ද වන මුහම්මද් යුනුස්ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බංග්ලාද්ශ අන්තර්වාර රජය අවාමි ලීගයේ සියලු කටයුතු තහනම් කර ඇත ‘අවාමි ලීගය’ ලියාපදිංචි කිරීම වැළැක්වීමට බංග්ලාදේශ මැතිවරණ කොමිසම පියවර ගත්තේ ද ඒ අනුවය.
‘අවාමි ලීගය සහ ඊට අනුබද්ධ සංවිධානවල සියලුම ක්‍රියාකාරකම් තහනම් කිරීමට ගත් තීරණයට අනුව, අවාමි ලීගය පක්ෂය ලියාපදිංචි කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ’ යැයි බංග්ලාදේශ මැතිවරණ කොමිසමේ ලේකම් අක්තාර් අහමද් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හසීනාගේ ‘අවාමි ලීගය’ ට තහංචියක්