xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි නවතම සමීක්ෂණ වාර්තා අනුව අඛණ්ඩව 8 වන වරටත් පිදුම් ලබයි. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම ව්‍යාපාර කටයුතු වලදී මෙරට ජනතාවගේ අවශ්‍යතාවයන් සහ උවමනාවන් වලට නිරතුරුවම මුලික තැන දෙන බවත් ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට සංවේදී ව කටයුතු කරන බවත්, මෙම ඇගයීමට ලක්වීම සාක්ෂි දරයි. පාරිභෝගිකයින්ට උසස් මට්ටමේ සේවාවක් සහ ඔවුන්ට වඩාත් හොඳම දේ ලබාදීම කේන්ද්‍ර කරගත් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම පාරිභෝගිකයින්ගේ කාලෝචිත අවශ්‍යතාවයන් සපුරාලීමට යුහුසුලව කටයුතු කරයි.
2024 වර්ෂයේදී හිමිකම් සහ කල්පිරීම් සඳහා මසකට රු. බිලියන 1 කට වඩා ගෙවීමක් කර ඇත. මින් පිළිඹිඹු වන්නේ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි මූල්‍ය ශක්තිය, පාරිභෝගිකයින් වෙත ලබා දුන් පොරොන්දු ඉටු කිරීම සහ වගකීම් ඉටු කිරීම සඳහා ඇති කැපවීමයි. එසේම, රක්ෂණ ක්ෂේත‍්‍රයේ පුරෝගාමීත්වය තහවුරු කරමින් ක්ෂේත‍්‍රය තුල ප‍්‍රකාශිත වැඩිම ජිවිත රක්ෂණ බෝනස් මුදල ලෙසින් සිය වාර්තාව අභිබවා යමින් 2023 වසර සඳහා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සිය ජිවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රු. බිලියන 11.2 ක දැවැන්ත මුදලක් බෝනස් ප‍්‍රතිලාභ ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට සමත්වූ අතර පසුගිය දශක දෙක තුළ ආයතනය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද අසමසම බෝනස් දීමනාවන්හි මුළු වටිනාකම රු. බිලියන 104 ඉක්මවා යයි. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) සන්නාමයක් ලෙස පාරිභෝගිකයින් සහ ප‍්‍රජාව සමඟ සමීපව කටයුතු කරමින් ශ‍්‍රී ලංකාවේ පුරවැසියන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ශ‍්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛස්ථානය ගනු ලබයි.
මෙහි ප‍්‍රතිපලයක් ලෙස පසුගිය වසර තුලදී තම පාරිභෝගිකයින් සඳහා වඩාත් කාලෝචිත රක්ෂණ සැලසුම් කිහිපයක් SLIC Life හඳුන්වා දෙන ලදී. මේ අතර ‘Medi Champ’ සහ ‘Value Max’ යන රක්ෂණ සැලූම් ප‍්‍රධාන ස්ථානයක් ගනී. ‘Medi Champ’ රක්ෂණ ආවරණය විශේෂ වන්නේ එම ආවරණය තුලින් ඔප්පු හිමියාගේ කලත‍්‍රයා, දරුවන්, දෙමව්පියන් සහ කලත‍්‍රය ගේ දෙමව්පියන් ද එකම ආවරණයට ඇතුලත් කර ගැනීමට ඉඩ කඩ සලසා තිබීමල විදෙස් රටක (ඇමරිකාව සහ කැනඩාව හැර* වුවද ප‍්‍රතිකාර ගැනීමට හැකියාව සලසා තිබෙන අතර බාහිර රෝගී සේවාව ආදී වියදම් ඇතුළු ප‍්‍රතිලාභ රැසක් ලබාදෙන මෙම ආවරණය, ඔප්පු හිමියාගේ සදාකාලික අබාධිත තත්ත්වයක දී ආවරණයේ ඉතිරි වාරික ගෙවීමෙන් නිදහස් කරනු ලබයි. ‘Value Max’ රක්ෂණාවරණය තුලින් කෙටි කාලීන ආයෝජන හරහා වේගවත් මූල්‍ය ප‍්‍රතිලාභ අපේක්ෂා කරන ගනුදෙනුකරුවන්ට පහසුකම් සපයයි. ‘පියෙකු මෙන් මවකු මෙන්‘ යන සන්නාම පොරොන්දුව කේන්ද්‍ර කර ගනිමින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රටේ අභිවෘද්ධිය සඳහා නොයෙකුත් වැඩසටහන් ක‍්‍රියාත්මක කර ඇති අතර ඒ තුලින් මෙරට ජනතාව සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩසටහන් බොහොමයක් ක‍්‍රියාත්මක කර ඇති අතර ‘සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන ප‍්‍රධාන තැනක් ගනී. මෙහිදී 5 ශ්රේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාග වලදී විශිෂ්ට දස්කම් දැක්වූ සිසුන්ට මූල්‍යමය ශිෂ්‍යත්ව පිරිනමන අතර මේ දක්වා රු. මිලියන 200කට වඩා වටිනාමකින් යුත් ශිෂ්‍යත්ව 1800ක් ඉක්මවා ප‍්‍රදානය කර ඇත. එසේම ලෝක ළමා දිනය සැමරීම සඳහා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රුපියල් මිලියනයක වටිනාකමකින් යුත් ජීවිත රක්ෂණ ආවරණයක් අලූත අලූත උපන් බිළිඳුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ලෝක ළමා දිනයෙදී උපත ලබන සියලූම දරුවන්ගේ දෙමාපියන්ට 2022 වර්ෂයේ සිට නොමිලේ ප‍්‍රදානය කිරීමට කටයුතු කර ඇත. ‘පාසල් පිරියත සුරකිමු‘ වැඩ සටහන තුලින් දරුවන්ට ප‍්‍රසන්න පාසල් පරිසරයක් ලබා දීම සඳහා අඩු වරප‍්‍රසාද සහිත පාසල් වලට යටිතල පහසුකම් ලබා දීමට කටයුතු කරන අතර මෙම වැඩසටහන තුලින් මේ දක්වා පාසල් 3365ක් ප‍්‍රතිලාභ ලබා ඇත. මීට අමතරව සංස්කෘතික පෙරහැරවල් සඳහා දායකත්වය ලබා දෙන අතර පොසොන් සමයේ අනුරාධපුර පුදබිමට පැමිණෙන වන්දනාකරුවන්ට සේවා සැපයීමට බැඳී සිටින අතර මෙම පුණ්‍ය කටයුත්ත සඳහා අවුරුදු තිහකට අධික කාලයක් පුරාවට තම දායකත්වය ලබා දී තිබේ. පසු ගිය වසර තුලදී ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයට යුහුසුළුව ප‍්‍රතිචාර දක්වමින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍රික්කවල විපතට පත් පවුල් 1100කට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමට ද කටයුතු කරන ලදී. SLIC Life තම මානව සම්පතේ අභිවෘද්ධිය සඳහා නිරතුරුවම කැප වී සිටි. සේවා ස්ථානය තුල විවිධත්වය, එකමුතු බව සහ සමානාත්මතාවය පවත්වා ගැනීම, ඉහල සෞඛ්‍ය ප‍්‍රතිලාභ ලබාදීම, සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා විශේෂ වැඩසටහන් ආයතනය තුල දියත් කර ඇත. මෙරට දැවැන්තම සහ ශක්තිමත්ම රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම ස්ථානය තවදුරටත් තහවුරු කරමින්, සිය වත්කම් පදනම රුපියල් බිලියන 238.6 දක්වා පුළුල් කරගැනීමට සමත් වූ අතර, එහි ජීවිත අරමුදලද රුපියල් බිලියන 213.2 දක්වා වර්ධනය කර ගන්නා ලද අතර මෙය රක්ෂණ ක්ෂේත‍්‍රයේ විශාලතම ජිවිත අරමුදලයි. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් විසින් මෙරට ජනතාව වෙත අඛණ්ඩව ලබා දී ඇති දායකත්වය, වෙළෙඳපොළ තුළ ශක්තිමත් ලෙස වර්ධනය වීම සහ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන්ට සංවේදී වෙමින් ඒ සඳහා විසඳුම් ලබා දීම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සන්නාමය අඛණ්ඩව 8 වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලැබීමට හේතු විය.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.