(එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන)
වතුපිටිවල මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු පිත්තාශය පිපිරී හදිසියේ මියගොස් ඇති බව රෝහලේ පාලන අංශය පවසයි.
කොළඹ පෞද්ගලික රෝහලකදී මෙසේ මියගොස් ඇත්තේ වතුපිටිවල මූලික රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා වූ දුමින්ද සමන් කුමාර මහතා බව වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී නයනජිත් බණ්ඩාර මහතා පැවසීය.
ඔහු පසුගිය වසරේ පෙබරවාරි මස සිට වතුපිටිවල රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා ලෙස සේවය කරමින් සිට ඇත.
මෙම විශේෂඥ වෛද්‍යවරයාට හදිසියේ ඇතිවූ හෘදයාබාදයක් මත කොළඹ පෞද්ගලිත රෝහලට ඔහු ඇතුළත් කර ඒ සදහා බයිපාස් සැත්කමක් සිදු කිරීමට සූදානම් කර තිබියදී රෝහලේදී ඔහුගේ පිත්තාශය පිපිරී ඔහු මෙසේ හදිසියේ මියගොස් ඇති බව වතුපිටිවල රෝහලේ වෛද්‍ය අධිකාරී නයනජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
මල සිරුර පිළිබදව පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය අද (11දා) දහවල් පවත්වා ඇත.
කොරතොට පාර, කඩුවෙල පදිංචිව සිට ඇති විශේෂඥ වෛද්‍ය දුමින්ද සමන් කුමාර මහතා මියයනවිට 49 වැනි වියෙහි පසුවිය. ඔහු දෙදරු පියෙකු වේ.
ආර්ථික අපහසුතාවලින් පෙළෙන දුගී දුප්පත් අක්ෂි රෝගීන් පනස් දෙනකුට අක්ෂිකාච බද්ධ කිරීමේ ශල්‍යකර්ම 50ක් මෙම 13 වැනි දින වතුපිටිවල රෝහලේදී සිදු කිරීමට විශේෂඥ වෛද්‍ය දුමින්ද සමන් කුමාර මහතා සැලසුම් කර තිබියදී ඔහු මෙසේ මියගිය බව රෝහලේ අක්ෂි වාට්ටුවේ හෙදි කාර්ය මණ්ඩලය පැවසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පිත්තාශය පිපිරී වෛද්‍යවරයෙක් මරු දකී
Senarath Thursday, 12 June 2025 08:41 AM
එතුමාට නිවන් සුව අත් වේවා
මහසෙන් Thursday, 12 June 2025 09:13 AM
කරුමේ කිම වදවෙන මල් සදිසි මිනිස්සු!!! ඔබතුමාගේ භව ගමන සුවපත් වේවා!!!
රම්බොඩ Thursday, 12 June 2025 09:30 AM
එතුමාට බලාපොරොත්තු වූ කුසළය සම්පූර්ණ කර ගැනීමට පෙර ගෙනා ආයූ ඉවර වුණද , කුසල් සිත සුගතියකට ගෙන ගොස් ඇතැයි සිතමි.
m. saman perera Thursday, 12 June 2025 01:28 PM
හිත හොඳ හැමෝම ඉක්මනින් නික්ම යනවා, ඔබට නිවන් සුව වෛද්‍යතුමනි.
ගමේ එකාලා Thursday, 12 June 2025 01:53 PM
අදහන්ඩ වටින දෙවියෙක් වගේ දොස්තර කෙනෙක්.හරිම කණගාටුදායකයි .අමාමහ නිවන්සුව ලැබේවා .
Raj Thursday, 12 June 2025 03:41 PM
අඩු වයසෙන් මිනිසුන්ට යන්න වෙනවා.. හදිසියේ හටගත් තත්ත්වයක්.... වගකිවයුත්ත කවුද?
මහින්ද Thursday, 12 June 2025 04:42 PM
නිවන් සුව ලැබේවා.
N.M Wijethunga Thursday, 12 June 2025 04:45 PM
නිවන් සුව ලැබ්වා.!
Leslie thamel Thursday, 12 June 2025 10:23 PM
දුකයි