
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි විසඳුමකට යෑමට බලාපොරොත්තු වන බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අවධාරණය කර ඇත.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මෙසේ අවධාරණය කළේ, යුක්රේන ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමුවී, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සෘජු සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.
‘රුසියන් ජනාධිපතිවරයා තුර්කියේ දී මුහුණට මුහුණ හමුවන්න මා සූදානමින් සිටිනවා. සටන් විරාමයකට යෑමටත්, සාම වැඩපිළිවෙළකට යෑමටත් මා සූදානම්.’ යැයි ජනාධිපති සෙලෙන්ස්කී පැහැදිලි කර ඇත. තුර්කිය නේටෝ රාජ්‍යයක් වන අතර, රුසියාව සමඟත්, යුක්රේනය සමඟත් සමීපව කටයුතු කරයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජෝකර් රටට කරගත්තු විනාශයක්…
වටේ ගිහිල්ල කෙලවාගෙන දැන් එනවා පුටින් එක්ක නැලවෙන්න. ලැජ්ජයි සෙලෙස්කියෝ ලැජ්ජයි., අයි දැන් උබට NATO ඇති වුණාද..?