දකුණු පැසිෆික් සාගරයේ පිහිටා ඇති දූපත් 300 කට අධික සංඛ්‍යාවකින් සමන්විත ෆීජී රාජ්‍යයෙන් එව්.අයි.වී. වසංගතයක් වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය පවසන්නේ, එව්.අයි.වී. ආසාදිතයන් ගණන ඉහළ යෑම හේතුවෙන් ෆීජී රාජ්‍යය, ජාතික අර්බුදයකට මුහුණ පා ඇති බවය.
එච්.අයි.වී. යනු ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රමයෙන් දුර්වල කරන වයිරසයයි. නිසි ප්‍රතිකාර නොමැතිව එම තත්ත්වය උත්සන්න වීමෙන් ප්‍රතිශක්තිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙයි. එය ‘ඒඩ්ස්’ ලෙස හැඳින්වෙයි.
අසංරක්ෂිත ලිංගික ඇසුර, ආසාදිත රුධිරය හුවමාරුව හෝ මවගෙන් දරුවාට එව්.අයි.වී. වයිරසය පැතිර යයි. එසේ වුවත්, අද වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග, නියමිත කාලයට අනුව ප්‍රතිවයිරස ඖෂධ ලබා ගැනීමෙන් එච්.අයි.වී. ආසාදිතයකුට ඒඩ්ස් තත්ත්වයට පත් නොවී සෞඛ්‍ය සම්පන්න දිගුකාලීන ජීවිතයක් ගත කළ හැකිය.
ෆීජි සෞඛ්‍ය බලධාරීන්ට අනුව, ඉකුත් 2025 දී 2,016 දෙනකු එච්.අයි.වී. වයිරස ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත. ෆීජි දූපත්වල වෙසෙන වැඩිහිටියන් 60 දෙනකුගෙන් එක් අයකු එව්.අයි.වී. ආසාදිතයකු බව ද පැවැසෙයි. 2025 වසරේ දී එච්.අයි.වී. ආසාදනය වී උපත ලැබූ දරුවන් ගණන 59 කි.ඔවුන්ගෙන් 18 දෙනකු ඔවුන්ගේ පළමු උපන්දිනයට පෙර මියගොස් ඇතැයි ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd