
සෞදියේත්, කටාර් රාජ්‍යයේත් නිල සංචාර අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බලා පැමිණියේය. මෙය ට්‍රම්ප්ගේ මැදපෙරදිග සංචාරයේ අවසන් නැවතුම විය.
එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති මොහොමද් බින් සයාද් අල් නහ්යාන්ගෙන් ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය විසින් එරට සිවිල් වැසියකුට පිරිනමන ඉහළම ගෞරය සම්මානය ට්‍රම්ප්ට පිරිනැමීමට ජනාධිපති මොහොමද් බින් සයාද් අල් නහ්යාන් කටයුතු කළේය.
ඇමෙරිකාවත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත් අතරේ ව්‍යාපාර සහ හමුදා ගනුදෙනු සඳහා ඇමෙරිකන් ඩොලර් ටි්‍රලියන 10 ක ගිවිසුම්වලට අත්සන් තැබුණු බව ද වාර්තා වේ.
ඊට අමතරව, ඉදිරි වසර 10 කාලය පුරාවට, ඇමෙරිකාවේ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයට අදාළව, ඇමෙරිකන් ඩොලර් ටි්‍රලියන 1.4 ක් ආයෝජනය කිරීමට ද එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය එකඟත්වය පළ කළේය.
කලාපීය වශයෙන් පමණක් නොව, ගෝලීය වශනේ ද සාමය ස්ථාපිත කිරීමේ අරමුණ ඇතිව ඉදිරියටත් ඇමෙරිකාව සමඟ සුහදව කටයුතු කරන බව එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපතිවරයා ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ පැහැදිලි කළේය.
ලොව උසින් වැඩිම ගොඩනැගිල්ල වන්නේ ඩුබායි පිහිටි බර්ජ් කලීෆාය. ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ නිල සංචාරය නිමිත්තෙන්, බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ඇමෙරිකන් ධජයේ පැහැයෙන් ඒකාලෝක වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd