lankadeepa.lk

කැරලි ඇවිළෙයි

2017 දෙසැම්බර් මස 10 පෙ.ව. 12:04

0     98

චෙන් හා මාඕගේ පෙළඹවීම නිසා දෙසැම්බරයේ දී දරුණු සිද්ධීන් හට ගත්තේය. මේ අතරවාරයේ දී ඔවුහු මීට වඩා අප්‍රකට උපක්‍රම ද භාවිත කළහ. ආර්ථිකවාදය යළිත් ඔවුහු අවදිකර ගත්හ. කැරලි ඇතිවූයේ හුදෙක් කම්කරුවන්ගේ දුක්ගැනවිලි නිසා බව පෙන්වන්නට තැත් කළ ඔවුහු අතිශයින්ම අනුකම්පා සහගත ආකල්පයක් දැක් වූහ. පාරිතෝෂික වැටුප් බෙදාදුන් ඔවුහූ මෙතෙක් නොගෙවා තිබූ පඩිපත සොයාගෙන ඒවා ද ගෙවා දමා ආධුනිකයන්ට පූර්ණ වේතන ගෙවූහ. පැරණි හා තරුණ කම්කරුවන් අතර මේ නිසා අර්බුද පැන නැංගේය. ඕනෑම


lankadeepa.lk

දලයි ලාමා සොයා මෙහෙයුම් ඇරැඹෙයි

2017 දෙසැම්බර් මස 03 පෙ.ව. 12:39

0     672

මම කුඩා බෙරය දලයි ලාමා හිමියන් අන්‍යයන් කැඳවන තාලය වාදනය කළෙමි. ඉන්පසු ඔව්හු මට සැරයටියන් දෙකක් දුන්හ. මා පළමුව අතට ගත්තේ වැරදි සැරයටිය. මොහොතක් එදෙස බලා අනෙක අතට ගත්තෙමි. එය දලයි ලාමා හිමියන් භාවිත කළ සැරයටියයි. මම එය මා ළඟම තබා ගත්තෙමි. ඉනික්බිතිව ඔව්හූ මගේ හැසිරීම ගැන කථා කළහ. මුල් සැරයටිය දලයි ලාමා හිමියන් ටික කලක් භාවිත කර දෙවැන්න එතුමාගේ දිවි අවසන් වනතෙක් භාවිතයට ගෙන ඇත.


lankadeepa.lk

දරු සෙනෙහසක තරම

2017 දෙසැම්බර් මස 03 පෙ.ව. 12:26

0     42

දවසේ වැඩ නිමකළ මාවෝ මෙවෙලෙහි සුව පහසු පුටුවක වාඩිවී විවේක ගනිමින් සිටියේය. මේ පුවත අසන්නට ලැබුණු හැටියේ මුලින්ම ඔහු තුළ ඇතිවුවේ දැඩි කම්පනයකි. ඔහු කිසිවක් නොකියා ජියැන්ග් සහ යී දෙස දෑස් දල්වා බලා සිටියේය. ඔවුහු දෙදෙන හිස් එල්ලාගෙන නිහඬව සිටියහ. ඔවුන් එසේ නිහඬව සිටියේ එකම දේ නැවත නැවත දැනුම්දිමෙන් හෝ කනගාටුව ප්‍රකාශකරන්න යාමෙන් සිදුවන දේ හොඳින් දන්නා බැවිනි.


lankadeepa.lk

“විප්ලවය මැනවින් වටහා ගන්න”

2017 දෙසැම්බර් මස 03 පෙ.ව. 12:00

0     57

මේ පරිද්දෙන්ම ෂැංහයිවල දී මාඕ සහ චෙන් යන දෙදෙනා තමන්ට රැස්කළ හැකි හැම බලයක්ම භාවිතා කොට ප්‍රතිගාමි පිලට එරෙහිව සටන් කළහ. ෂැංහයි පක්ෂ කමිටුවට කිසි විටකත් වැරදිය නොහැකි යයි තරයේම කියා සිටි ඔවුහු එය අනුගමනය කළ යුතු යැයි පැවසුහ. ඔවුන්ට සම්පත් දෙකක් විය. පළමුව පැරණි නගරාධිපති විසින් කරන ලද දියුණුව නිසා දිනාගත් වැසියන්ගේ හොඳ හිත භාවිත කළ ඔවුහු එය තමන්ගේ ජයග්‍රහණයක් ලෙස ඉදිරිපත් කළහ. දෙවනුව තමන් විසින්ම ෂැංහයිවල සංස්කෘතික විප්ලවය ආරම්භ කළ ඔවුහු එය තමන්


lankadeepa.lk

දළයි ලාමා බිහිවෙයි

2017 නොවැම්බර් මස 28 පෙ.ව. 09:00

0     316

13 වැනි දළයි ලාමා හිමියෝ අපවත් වූහ. නව අධ්‍යාත්මික නායකයකු සොයා ගත යුතුය. ඒ සඳහා පුනරුප්පත්තිය ලද දළයි ලාමා හිමිවරයකු සොයා යාමේ ගමන ඇරඹිණි.


lankadeepa.lk

රට වැසියාටත් පුතාටත් එකම විදිහට සැලකූ ජනාධිපති තාත්තා

2017 නොවැම්බර් මස 09 පෙ.ව. 12:41

0     2015

මාවෝ ඇනියන් ෂිබායි පෝ වෙත පැමිණි පසු ඉඩම් ප්‍රතිසංස්කරණ කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස එම කණ්ඩායමත් සමග අසල්වැසි ගමකට යවන ලදි. ලියු සිකිව් නමැති තරුණියක් ද මෙම කණ්ඩායමට ඇතුළත් වූවාය. වැඩි දවසක් යන්නට පෙර ඔවුහූ දෙදෙනා ආදරවන්තයින් බවට පත්වුහ. දෙදෙනා විවාහවීමට ද ගිවිස ගත්හ. චෞ එන්-ලායි ගේ බිරිඳ, ඩෙන්ග් යින්චාවෝ සහ සූ චි ගේ බිරිඳ,


lankadeepa.lk

චේ කියුබන් සබඳතා අතහරී

2017 නොවැම්බර් මස 09 පෙ.ව. 12:27

0     50

1930 ගණන්වලදී කොරිබාබාහි දක්‍ෂ ජනප්‍රිය ලේඛකයකු වූ ඩියොඩෝරා රොකාගේ නායකත්වයෙන් පොලිස් මර්දනයට සහ ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබූ ෆැසිස්ට් ක්‍රියාවන්ට විරුද්ධව නැගී සිටීම සඳහා කණ්ඩායමක් සුදානම් කළා.


lankadeepa.lk

පොලිස් ඇස් වසන් කරමින්

2017 නොවැම්බර් මස 07 පෙ.ව. 12:21

0     116

මිනර්වා පාසලෙන් රහසේ පැනයාම ගැනත් ටියෝ මොක් ගැන මුසාබස් කීම ගැනත් මට කනගාටුවක් ඇතිවුණි. පසුදා මිදුලේ යාඥා රැස්වීමෙන් පසුව මම ඇය දයාවේ මව්තුමියගේ පිළිරුව පිටුපසට කොටුකර ගැනීමට සමත්වීමි.


lankadeepa.lk

සැබෑ සමාජවාදයට අලුත් මගක්

2017 ඔක්තෝබර් මස 30 පෙ.ව. 09:00

0     161

ප්‍රථමයෙන් ප්‍රංශයෙන් ආරම්භ වී, අනතුරුව බටහිර යුරෝපයේ සෙසු රටවලට පැතිරී ගිය 1848 විප්ලවය හේතු කොටගෙන මාක්ස් හා එංගල්ස් ආපසු සිය මව්බිම බලා ගියහ. රයින් ප්රුසියාවේ කොලොන් හි පළමු ප්‍රජාතන්ත්‍රවාදී පුවත්පත වූ නවරයින් පුවත්පත ඔවුහු තමන්ගේ භාරයට ගත්හ. රයින් ප්රුසියාවේ සියලු විප්ලවීය- ප්‍රජාතන්ත්‍රික ප්‍රාර්ථනයන්ගේ හදවත හා ආත්මය වූයේ මේ මිතුරන්


lankadeepa.lk

තද ගති ඇති ආදරණීය තාත්තා

2017 ඔක්තෝබර් මස 30 පෙ.ව. 09:00

0     44

අවුරුද්දකට කිහිපවතාවක්ම පාහේ සායි වැනි අමුත්තෝ මාවෝ බැහැ දකින්නට පැමිණියහ. ඒ අය අතුරින් ඔහු වෙතින් සමුගෙන යන අය හැරෙන්නට අනිත් කිසිවෙකුවත් ඔහු සමග රාත්‍රී ආහාරය නොගත්හ. ලී ලියැන්ජින් සහ ටියාන් යුනු මාවෝ ගේ සේවයෙන් ඉවත්වී ගියපසු ලූනා අලුත් අවුරුදු නිවාඩු දිනයේ (මෙදින චාරිත්‍රානුකූලව පැරණි මිතුරන් හා ඥාතීන් බැහැ දැකිම සිදු කෙරේ.) ඔහු හමුවෙන්නට පැමිණියහ. මාවෝ ඔවුන් සමග රාත්‍රී ආහාරය ගත්තේය.


lankadeepa.lk

“නොහඬා සිටින්නට අදිටන් කළෙමි”

2017 ඔක්තෝබර් මස 30 පෙ.ව. 12:50

0     47

1946 වර්ෂයේ පළමුවැනි දිනය මා ගත කෙරුවේ අපේ ගම්බද නිවහනේය. එය සිතූ පමණින් සතුටුදායක දිනයක් නොවූයේ මට පැටි්‍රයාගෙන් බැණුම් ඇසීමට සිදු වූ බැවිණි. ඒ මා ඇගේ කුඩා දරුවාට භූතයින් ගැන කතා කියා ඔහු හඬන්නට පටන්ගත් බැවිණි. පැටි්‍රයා යළිත් ගැබිනියක වී සිටි බැවින් ඈ එපමණ ශරීර සුවයකින් නොසිටින්නට ඇත. නමුත් ඈ මා සමඟ අඳුරු බරාදයේ සෙල්ලම කෙරුවේ මා සිව් හැවිරිදි ළමයෙකුව සිටියදී බව ඇයට අමතකව ගොසිනි.


lankadeepa.lk

අමතක නැති සබඳකම්

2017 ඔක්තෝබර් මස 22 පෙ.ව. 12:54

0     212

ටියැන්ග් යුනුස්ගේ පළමු පෙම්වතියද නිළියකි. වසර දෙකක් ඉතා තද පෙමක වෙළිසිටි ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය බිඳ වැටුණු පසු ටියැන්ග් ඇයට තෑගි ලෙස දි තිබුණු අත් ඔරලෝසුවක් සහ වුලන් ඇඳුම් කිහිපයක් ඔහු ආපසු ඉල්ලා සිටියේය. ඒ වැඬේට මාවෝ කැමති නොවීය. “එහෙම දේවල් කරන එක පිරිමිකමට වටින්නේ නෑ.


lankadeepa.lk

“ෆෙඞ්රික් එංගල්ස්”

2017 ඔක්තෝබර් මස 17 පෙ.ව. 12:03

2     203

ෆෙඞ්රික් එංගල්ස් 1895 අගෝස්තු මස 5 වැනිදා ලන්ඩනයේදී මිය ගියේය. 1883 දී මිය ගිය, සිය මිතුරා වූ කාල් මාක්ස්ගෙන් පසුව සමස්ත ශිෂ්ට ලෝකයේම, නූතන නිර්ධන පංතියේ අනගිතම වියතා හා ගුරුවරයා එංගල්ස් විය. දෛවය විසින් කාල්මාක්ස් සහ ෆෙඞ්රික් එංගල්ස් එකට එකතු කිරීමෙන් පසුව මිතුරෝ දෙදෙනා සිය ජීවිතයේ මෙහෙය පොදු ව්‍යාපාරයක් සඳහා කැප කළහ.


lankadeepa.lk

සොඳුරු අත්වැල

2017 ඔක්තෝබර් මස 16 පෙ.ව. 12:11

0     54

මෙවන් විවාහයක් වෙනුවෙන් මාවෝ ට ණය ගැති එකම පෞද්ගලික ශරීර ආරක්ෂකයා මා පමණක් නොවේ. ඔහු අනිත් අයටත් මෙලෙසම උදව් කළේය. එවන් දේ කළේ දැඩි උනන්දුවකිනි. කිසිදු කලබලයකින් තොරවය. ගරු කටයුතු ලෙසිනි. ඒ සියල්ලටමත් වඩා ඒ කටයුතු සිදුකළේ සහකරුවාට කිසිදු ලජ්ජාවක් හෝ අවමානයක් සිදු නොවන පරිදිය.


lankadeepa.lk

ඉරානයේ ෂා රජු අනුමත කළ සර් ජෝන්ගේ ප්‍රකාශය

2017 ඔක්තෝබර් මස 15 පෙ.ව. 12:59

0     205

අයතුල්ලා කුමේනිගේ ඒකාධිපති බලයට අභියෝග කළ නොහැකිව, රජකමෙන් පලවා හැරි ෂා මොහොමඞ් රිසා පාලවි රජු අවාසනාවන්ත ලෙස තම මව්බිමෙන් පිට රටක අවසන් හුස්ම හෙළීමට ප්‍රථම නවසිය පනස් ගණන්වලදී ඉරාන අගමැතිව සිටි මොසාඩෙක් විසින්ද රටින් නෙරපා හැර තිබුණු කාලයක් විය.


lankadeepa.lk

තුන් මසකින් දුටු සොඳුරු දසුන

2017 ඔක්තෝබර් මස 11 පෙ.ව. 12:00

0     247

මෙතැන් පටන් මිරැබල් සොයුරියන්​ගේ කතාව යොමුවන්නේ ඔවුනගේ පවුලේ බාලයා වූ මාරියා තෙරේසාගේ දින සටහන් වෙතය. ඈ අධ්‍යාපනය සඳහා කන්‍යාරාමය වෙත යැවෙනුයේ වැඩිමහල් සොයුරියන් තිදෙනාට පසුවය. ඒ වනවිට වැඩිමහල් සොයුරියෝ තරුණ වියට පා තබා සිටියහ. මාරියා තෙරේසා කන්‍යාරාමයේ දී හා ​ගොවිපොළේදී මුහුණ දුන් අත්දැකීම් ඔස්සේ මෙම සටහන් ලියා තිබේ.


lankadeepa.lk

සෝල්බරි රැවටූ සර් ඔලිවර්

2017 ඔක්තෝබර් මස 09 පෙ.ව. 12:35

0     239

ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල ආණ්ඩුකාරවරයා ලෙසින් සර් ඔලිවර් අර්නස්ට් ගුණතිලක නාමය ලක් දේශපාලන ඉතිහාසයට එක්වෙයි. ලන්ඩන් සරසවි අධ්‍යාපනයෙන් උපාධිය ලබා ගුරුවරයකු ලෙස වෘත්තිය ජීවිතය ඇරඹූ සර් ඔලිවර් රාජ්‍ය සේවයට එක්වී ලංකාවේ සිවිල් ආරක්‍ෂක කොමසාරිස් ලෙස වගකීම භාර ගත්තේය.


lankadeepa.lk

නිදහස දිනීමට දිරිමත් වෙමි

2017 ඔක්තෝබර් මස 02 පෙ.ව. 12:52

0     148

අගනුවරට ගොස් නායකයා ඉදිරියේ අපගේ කෙටි නාට්‍ය දර්ශනය ඉදිරිපත් කිරීම සඳහා අපට නැවතත් පුහුණුවීම් කටයුතු කිරීමට සිදුවිය. මා අකැමැත්තෙන් වුව මෙම අවස්ථාවට එක්වීමට තීරණය කෙරුවේ එය සඳහා අප පිරිමි ළමයින් සේ ඉදිරිපත් විය යුතු බවට කොන්දේසියක් පනවමිනි. එවිට මගේ මිතුරියන් නොසතුටු හඬක් නැංවූයේ ඒ සඳහා බොහෝ දේවල් අමුතුවෙන් සකස් කළ යුතු බවට මැසිවිලි නඟමිනි.


lankadeepa.lk

අහිංසක පෙම්වතුන්ගේ ප්‍රීතිමත් යුගදිවිය

2017 සැප්තැම්බර් මස 27 පෙ.ව. 12:19

0     565

තවදුරටත් අපට තැන තැන ඇවිදීමට සිදු නොවිණි. අප ෂිබායිපෝ කරා පැමිණි පසු හැන් සමග පැවති මගේ සබඳතාව තව තවත් වර්ධනය විය. දිනක් අප දෙදෙනා ඇවිදිමින් සිටින අතරවාරයේදී මාවෝ ඉතා කු`එපග ලෙස මගෙන් මෙසේ ඇසුවේය. “එයත් එක්ක තදින් සම්බන්ධෙ යනවා වගේ නේද?.”


lankadeepa.lk

සිත් සසල කළ ලීනාගේ ඉරණම

2017 සැප්තැම්බර් මස 27 පෙ.ව. 12:12

0     48

අප සැමගේ ආදරය දිනාගත් අප පාසලේ සිටි රූමත් ලීනාට අත්වු ඉරණම අප සසල කිරීමට සමත් වූවකි. ඈ පිළිබඳව මතකය බොහෝ කලක් අය සිත තුළ රැඳුණි.


lankadeepa.lk

“මායා වීරයා” හා පෙමින් බැඳීම

2017 සැප්තැම්බර් මස 22 පෙ.ව. 12:05

0     131

ඔවුන්ගේ කටයුත්ත නිමවූ පසු අප ඔවුනට පිටුපා සරදම් කරන විට ඔවුහු නිහඩව බලා සිටිති. ඒ අතර අතුරුදන් වන ලීනා අපේ පළමු දවසේ මව්පියන් හා අප පිළිගනු ලැබූ ශාලාවෙන් මතුවේ. ලීනා වාර්තා කළ පරිදි මෙම හමුවීම ඇරඹෙන්නේ ටෘහිලෝ ඇයට ඇසෙන සේ කවි කිහිපයක් කීමෙන්ය. විටෙක ඔහු ඇයට ගායනයක් ඉදිරිපත් කිරීමට හෝ නැටුමක් කිරීමට කියයි. වඩාත් විශේෂ දෙය වූයේ ඈ ඔහුගේ පපුවේ ඇති පදක්කම් ගලවමින් නැවත එල්ලමින් ඈ ඒවා සමග ක්‍රීඩා කරනු දැකීමට ඔහු ප්‍රිය කිරීමය.


lankadeepa.lk

නිහතමානිකමේ තරම

2017 සැප්තැම්බර් මස 20 පෙ.ව. 12:35

0     139

කරනවෑමියා වැන්ග් හුයි විය. ඔහු සුදු යටි රැවුලක් තිබූ තට්ට හිසකින් යුත් වියපත් මිනිසෙකි. ඔහුගේ කෙසඟ මුහුණේ නාසය අග බෝතල් අඩි කන්නාඩි කුට්ටමක් විය. මු`එ ජිවිත කාලය පුරාවටම මිනිසුන්ගේ කොණ්ඩා කපනවා හැරෙන්නට ඔහු වෙනත් රැකියාවක් නොකළේය. ඉදිරියටත් තවත් වසර කිහිපයක් හෝ එම රැකියාවේම යෙදෙන්නට ඔහු ගේ බලාපොරොත්තුව විය.


lankadeepa.lk

ඇඟ බද්දට එරෙහිව හිරේ ගිය දේශපාලනඥයෝ

2017 සැප්තැම්බර් මස 14 පෙ.ව. 12:26

0     205

බි්‍රතාන්‍ය රජය විසින් 1833 වසරේ ක්‍රියාත්මක කළ කොල්බෲක් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසා ශ්‍රී ලංකාවාසී සාමාන්‍ය ජනතාවට අනේක විධ වූ පීඩාවලට මුහුණ පෑමට සිදුවූ බව ඉතිහාසය සාක්කි දරයි.


lankadeepa.lk

ඇණයට පහර වදින තුරු එය මිටිය විශ්වාස නොකරයි

2017 සැප්තැම්බර් මස 11 පෙ.ව. 12:07

0     209

ඇණයට පහර වදිනතුරු එය මිටිය ගැන විශ්වාසය නොතබන බව ගොවිපොල අවට ගම්බද ජනයා කියති. සිතිටා කියු දේවල් මා සිතින් ඉවත් කර තැබුවේ යළි සිදු නොවන භයානක අත්වැරැද්දක් මෙන් සලකාය. අනතුරුව මිටිය එක එල්ලේම අපගේ පාසලට එනම් ලීනා ලොවැටන්ගේ හිස මතට පහත්විය. වෙනසකට තිබුණෙ අද අලුත විවාපත් මනාලියක මෙන් එය සතුටින් පිළිගෙන ආදරය නමින් හඳුන්වමින් ඉවත්ව යාමය.


lankadeepa.lk

කරට නොගත්ත නෑදෑකම් සහ හිත මිතුරුකම්

2017 සැප්තැම්බර් මස 07 පෙ.ව. 12:18

0     305

දිගු කාලයක් යැන්ග් මහත්මියට උදව් කළ අතර මිතුරන්ගේ සහ ඥාතීන්ගේ අමාරු කාලවලදී තමන්ගේ වැටුපෙන් හෝ පොත්පත් ලීවීමෙන් ලැබෙන ආදායමෙන් ඔවුනට ආධාර උපකාර කළේය. නමුත් පක්ෂ කටයුතු වලදී ඔහු ඒ කිසිවෙකුට හෝ වැඩි සැලකිල්ලක් නොදැක්වීය.


lankadeepa.lk

‘‘ඔහු හැමදෙනෙක්ම මරා දමන නායකයෙක් ’’

2017 සැප්තැම්බර් මස 04 පෙ.ව. 12:58

0     458

ටෘහිලෝ උපායශීලිව සිය හමුද_ා ප‍්‍රධානියා මරණයට පත් කළ අන්දම අසා සිටි මම මෙසේ ඔහු ආරක්ෂා කිරීමට වෑයම් කළෙමි. ‘සමහරවිට ටෘහිලෝ හිතන්න ඇති ජෙනරාල්වරයා වෙන කෙනෙකුගෙ බිරියක් එක්ක ඒ වගේ පටලැවිල්ලක් හදාගත්තු එකක වැරදියි කියලා’


lankadeepa.lk

“ අප හැමෝම මරා දායි ”

2017 අගෝස්තු මස 28 පෙ.ව. 12:07

0     478

දින කිහිපයකට පසුව මිලාග්‍රස් කන්‍යා සොහොයුරිය අප වට කර ගෙන කතා බහකට සැරසුණාය. ඈ එය හැඳින්වූයේ පුද්ගලික සෞඛ්‍යය ලෙසින්ය. එය බොහෝ සිත් ගන්නා සුලු මාතෘකාවක්. කිසිදු අන්දමකට සිත් නොගන්නා ලෙස විස්තර කිරීමක් බව මම එක එල්ලේ දැන සිටියෙමි.


lankadeepa.lk

එළිසබෙත් මහා රැජිණට තර්ජන

2017 අගෝස්තු මස 28 පෙ.ව. 12:00

0     76

ආසියාවේ නැගී එන ස්වාධීන රාජ්‍යයක් ලෙස ප‍්‍රචලිත වෙමින් තිබූ ශ්‍රී ලංකාව පිළිබඳ වැරදි තොරතුරු ජාත්‍යන්තරයට ලබාදීමේ උපක‍්‍රම කලින් කලට කි‍්‍රයාත්මක වේ. මේවායේ අරමුණු විවිධාකාරය. මෙරටට ලැබෙන්නට ඉඩ ඇති විදෙස් ආධාර නවත්වා සංචාරක ව්‍යාපාරය අඩපණකර කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීම සඳහා උදව් දෙන බව පෙන්වමින් තවත් බලවතුන් පිරිසක් ගෙන යන ප‍්‍රචාරය ඉන් එකකි.


lankadeepa.lk

අලුත් ගමනක්

2017 අගෝස්තු මස 25 පෙ.ව. 12:01

0     69

මා පළමු වතාවට සිනිටා දුටුවේ කන්‍යා සොයුරියක විසින් නව සිසුවියන් හා ඔවුන්ගේ මව්පියන් පිළිගනිමින් සිටි ශාලාව තුළදීය. තනිව එහි රැඳී සිටි ඈ කලකිරුණු බැල්මක් මුහුණෙහි රඳවා ගත් දිගට උල්ව පෙනෙන වැලමිටි සහිත දෑතකින් යුතු කෙට්ටු දැරියක වූවාය. ඈ කළුපාටින් සැරසී සිටි අතර එය තරමක අමුත්තක් වූයේ බොහෝ ළමුන් වයස පහළොව වනතුරු ශෝකවන ඇඳුම් නොඇන්ද බැවිනි. මෙම කුඩා දැරිය මට වඩා වයසින් වැඩිබව නොපෙනුන අතර මා දොළොස් හැවිරිදි වියට පා තැබුවා පමණි. එසේ වුවත් මා හුදෙක් ළමය


lankadeepa.lk

අකුරට වැඩ

2017 අගෝස්තු මස 19 පෙ.ව. 12:01

0     76

මෙම ඇල්බමය සැබෑ අව්‍යාජ එකක්වීම නිසා එය තමන්ට ආපසු ලැබේවිද යන සැකයක් හුවැන්ග් තුළ මතුවිය. මාවෝ එය ලබාගත් මුල් සතිය තුළ කිහිප අවස්ථාවකම ඔහු පෞද්ගලික ආරක්ෂකයින්ගේ කාර්යාලයට කතා කර ඒ ගැන විමසුවේය. “සභාපතිතුමා ඒක අධ්‍යයනය කරලා ඉවරද?” “කවදදාද එක ඉවරවෙන්නේ?.”