IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ගෝතමාලාවේ ජනපති වූ හිර ගෙදර ලොක්කා

 

 

ගෝතමාලාව මධ්‍යම ඇමෙරිකාවේ පිහිටි රටක් වන අතර උතුරෙන් සහ බටහිරෙන් මෙක්සිකෝවද, නිරිත දිගට පැසිපික් සාගරයෙන්ද, ඊසාන දිගට බෙලිස් රාජ්‍යයෙන්ද, නැගෙනහිරට කැරිබියාවෙන් සහ ගිනිකොනට හොන්දුරාස් හා එල් සැල්වදෝර් රාජ්‍ය යනාදියෙන් සීමා වී ඇත. භූමි ප්‍රමාණය වර්ග කි.මී. 108,890 ක් ද ඇස්තමේන්තු කළ එහි ජනගහනය 13,276,517 ක් ද වෙයි. 


නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන ගෝතමාලාවේ අගනගරය වන්නේ ගෝතමාලා නුවරයි. ගෝතමාලාව සතු ජීවවිද්‍යාත්මක වශයෙන් වැදගත් සහ විශේෂිත පරිසර පද්ධතිය නිසා එය ජෛවවිද්‍යාත්මකව වැදගත් ස්ථානයක් ලෙස නම් කිරීමට හැකියාවක් සැපයීය. මේ සුවිශේෂී කාරණා පැවැතියද ගෝතමාලාව තවමත් පවතින්නේ ඛේදාන්ත ජන සමාජයක් වශයෙනි.


නෙල්සන් මැන්ඩෙලා, මාටින් ලූතර් කිං, මහත්මා ගාන්ධි වැනි ශ්‍රේෂ්ඨයින්ගේ ප්‍රතිපත්ති අනුගමනය කරන බවට ජනතාවට පොරොන්දු වී බලය ලැබුණ වහා තම පරපුරේ අයගේ අභිවෘද්ධිය සාක්ෂාත් කරලීමට ඇප කැප වෙන පාලකයින් සිටින ගෝතමාලාවේ නව ජනාධිපති වූ අලෙහැන්ද්‍රෝ ජියාමෙටී වෙනුවෙන් අද දියත වෙන් වේ. 


ඔහු එසේ මෙසේ නායකයෙකු නොවේ. ඔහු එරට හිරගෙදර (බන්ධනාගාර) ලොක්කාද වන්නේය. 2006 දී එරට සිටිය බන්ධනාගාර ලොක්කා වූ හෙතෙම ජනපති සටනකට මුලින්ම එක්වන්නේ 2007 පැවති ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙසිනි. එතැන් පටන් වසර 12කට පසුව ගෝතමාලාවේ නව ජනාධිපතිවරයා ලෙස හෙතෙම පත්වන්නේ පැවති ජනාධිපති මැතිවරණයේ නිකුත් කරනු ලැබ තිබූ සියයට 95ක පමණ ඡන්ද ප÷්‍රතිඵල තුළින් සියයට 53 ක පමණ ඡන්ද ප÷්‍රතිශතයක් තමන් සතු කර ගැනීම තුළිනි.
ගෝතමාලාවේ හිටපු බන්ධනාගාර ප÷්‍රධානියා වූ ඔහු වාමෝස් නමැති එරට කොන්සවේටිව් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. මධ්‍යම වාමාංශික ප÷්‍රතිවාදී පක්ෂයේ අපේක්ෂකයා වූයේ එරට හිටපු ජනාධිපති ආර්යාවක වූ සැන්ර්‍ඩ්‍රා ටොරිස් ඔහුගේ ප÷්‍රතිවාදියා වූ අතර ටොරිස් සියයට 41ක ඡන්ද ප÷්‍රතිශතයක් ලබා ගත්තාය. ගෝතමාලාවේ ජනාධිපතිවරණයේ පළමු වටය පැවැත්වූයේ පසුගිය ජුනි 16 වැනිදාය. ඊට අපේක්ෂකයෝ 19 ක් ඉදිරිපත් වූහ. ඔවුන් කිසිවෙකුටවත් සියයට 50කට වඩා ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට නොහැකි විය.

 

 


මෙවර ජනාධිපති සටනේ වැඩි අවධානයක් යොමු වූයේ රටේ ආරක්ෂාව සහ අපරාධ මැඩලීම වෙනුවෙනි. රටේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, තරාතිරම නොබලා අපරාධකරුවන්ට දඬුවම් දී අපරාධ මර්දනය කිරීමටත් තමා ඇප කැප වෙන බව පත් වූ ජනපති ජියාමෙටීගේ එක් සුවිශේෂී ජනප්‍රිය ඡන්ද පොරොන්දුවක් වූයේය. එය කාගේත් ආකර්ෂණය දිනාගත්තකි.


ජියාමෙටි පසුගිය වසර කිහිපය පුරාම එකිනෙකට වෙනස් වූ දේශපාලන මතවාදයන් දැරූ දේශපාලන පක්ෂ හතරකින් ජනාධිපති අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වූවෙකි. ඔහු පළමුවරට ජනාධිපතිවරණ සටනකට ඉදිරිපත් වූයේ 2007 වසරේදීය. ඉන්පසු පිළිවෙළින් 2011, 2015 වසරවලදී පැවති ජනාධිපති සටන්වලටද ඉදිරිපත් වුවද ඔහුට අත්වූයේ අන්ත පරාජයකි.


රට පුරා ඇති ගිනි කඳු 37 කින් නික්මෙන ලාවාවලට වඩා මේ රටේ අසරණ ජනතාවගේ බඩගින්න අමු අමුවේ නොසලකා හැරි ජනපතිවරුන් 35 දෙනෙකු විටින් විට මෙහි පාලන බලය මෙහෙයවනු ලැබුවත් ඔවුන්ගෙන් රටට සෙතක් සිදුවී නැති බව කිව යුතුය. මේ රට පාලනය කරනු ලබන්නේ විධායක බලය ඇති ජනපතිවරයෙකි. අගමැතිවරයකු නැත. සිටිනුයේ උපජනාධිපතිවරයෙකි. ජියාමෙටී බලයට පැමිණීමට මත්තෙන් එහි ජනාධිපති ධුරයේ කටයුතු කළ හිටපු ජනපති ජිමී මොරාලෙස් සර්කස්කාරයකු වශයෙන් දිවිය අරඹා පසුව රිදී තිරයේ විකට නළුවකු විය. ඔහුට එරෙහිව දැනටම විවිධ දූෂණ චෝදනා රැසක් එල්ල වීම ජියාමෙටි ගේ ජයග්‍රහණයට හේතු විය.  


දරුණු අපරාධ මිනීමැරුම් විශාල වශයෙන් සිදුවන රටක් වන මෙහි පාතාල කල්ලි, රජ කරන මත්ද්‍රව්‍ය උවදුර තදින් පවතී ගෝතමාලාව අද ලෝකයෙන් කොන් වී ඇති රාජ්‍යයකි. පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන්නේ ඇතැම් දේශපාලකයින්ය. මේවා මර්දනය කිරීමට ජියාමෙටී දැඩි උත්සාහයක් ගත යුතු බව දේශපාලන විචාරකයෝ සඳහන් කරති.  

 

 


වැඩිපුරම දූෂණය කර ස්ත්‍රීන් මරා දමන රටක් වන ගෝතමාලාව කිසිදාක ගොඩ එන බවක් පෙනෙන්නට නැත. ඊට හේතුව රටේ පවතින දේශපාලන බල අරගලයයි. මේ රටේ ද විවිධ පුද්ගලයින් ව්‍යාපාරිකයින්ගේ ආධාරයෙන් විවිධ දේශපාලන පක්ෂ අටවාගෙන දේශපාලන බලය ලබාගැනීම සඳහා කරන ක්‍රියාදාමයන් පිළිකුල් සහගතය. මෙහිද පාලකයන්ට සිදුවී ඇත්තේ තමන්ට තනතුරු ලබාගැනීමට ධනය හා ශ්‍රමය වැය කළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අවනත වීමයි. ගෝතමාලාව ලතින් ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් වී ඇත්තේ මේ නිසාය.   


ගෝතමාලාවේ හිටපු ජනපති ජිමී මොරාලෙස්ට එරෙහිව ලිංගික අපචාර පිළිබඳ චෝදනා රැසක් ද එල්ල විණි. ඔහු ජනපති තනතුරේ බලය යොදවමින් රජයේ විවිධ අමාත්‍යාංශවල සේවය කරන තරුණියන්ට ලිංගික අතවර සිදුකළ බවට එල්ල වූ චෝදනාවලට ජියාමෙටිගේ රජය යටතේ ඔහුට මුහුණපෑමට සිදුව තිබේ. සේනාධිනායක වශයෙන් ජනපති තනතුරට ලැබෙන කෝටි ගණනක වැටුපට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මාස් පතා ඩොලර් 7300ක (රුපියල් ලක්ෂ 13ක්) දීමනාවක් හිටපු පාලකයා විසින් ලබාගෙන ඇති බව හෙළි කළේ ද ජාත්‍යන්තර මාධ්‍ය වන අතර ඒ ගැන දැඩිව විමර්ශනය කරන බවද වත්මන් ජනපති ජියාමෙටී ගේ ආකර්ෂණීය ඡන්ද පොරොන්දුවක් වූයේය.

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

ගෝතමාලාවේ ජනපති වූ හිර ගෙදර ලොක්කා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 515 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 475 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site