IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්

 

 

රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැ‍ගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට සමීප චරිතය වන්නේ මැලේසියාවේ මහතීර් මොහොමඩ් ය. මැලේසියාව ආසියාවේ කැපී පෙනෙන රාජ්‍යයක් බවට ඔසොවා තැබූයේ මහතීර් මොහොමඩ් ය.  ඔහු ස්වකීය රාජ්‍යයේ පැවැති පැරණි නීති වෙනස් කළේ කිසිවකුත් ගැන නොව ජනතාව ගැන සිතාය. රාජ්‍ය අංශයේ සාම්ප්‍රදායික පැවැතුම් වෙනස් කළේ ය. ඒ මූලික වෙනස්කම් සිදු නොවූයේ නම්, මැලේසියාව දියුණු වන්නේ නැත. දියුණුව ඇත්තේ වෙනස්වීම මත ය. කාලයට ගැළපෙන පරිවර්තන මත ය.


කෙසේ වෙතත් වයස්ගතම රාජ්‍ය නායකයා ලෙස විරුදාවලිය ලත් ඒ අසහාය නායකයාට පසුගියදා සිට නායකත්වය අතහරින්නට වූයේ තමන්ව යළි බලයට ගෙන ආ එරට තවත් දේශපාලනඥයින් බලපෑම් නිසාවෙනි. මහතීර්ගෙන් පසු මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මුහිදීන් යසීන් ඉකුත් පළමු වැනිදා දිවුරුම් දුන්නේය. මෙවර දියත වෙන්වන්නේ මැලේසියාවේ අලු‍ත් රාජ්‍ය නායකයා ගැන ය.


නව අග්‍රාමාත්‍යවරයා ලෙස මුහිදීන් යසීන් පත් කිරීමට මැලේසියාවේ අල් සුල්තාන් අබ්දුල්ලා රජු තීරණය කළේ ඉකුත් 29 වැනිදාය. ඒ ඔහුට හිමිවී ඇති බලතල ප්‍රකාරව ය. මොහොදින් යසින් මැලේසියාවේ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දී ඇත.


රජු ඉදිරිපිට මැලේසියාවේ නව අගමැතිවරයා ලෙස ඔහු දිවුරුම් දුන්නේය. අග්‍රාමාත්‍ය මහතීර් මොහමඩ්ගේ ඉල්ලා අස්වීමත් සමග, පාලක සන්ධානය බිඳවැටීමෙන් පසුව රට අර්බුදයකට ඇද දැමෙන බවට වූ චෝදනා මධ්‍යයේ මොහොදින් යසින්ගේ මෙම පත්වීම සිදුවුණි. ඒ එරට ප්‍රධාන විරුද්ධ පක්ෂ කිහිපයක් ඔහුට සහය පළකිරීමෙන් අනතුරුවයි.
මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන නජිබ් රසාක් යටතේ නියෝජ්‍ය අගමැතිවරයා ලෙස කටයුතු කර ඇති 72 හැවිරිදි මොහොදින් යසින් 2015 වර්ෂයේ දී එම ධුරයෙන් නෙරපා හැරුණි. අනතුරුව ඔහු මහතීර් මොහොමඩ් සමග එක්ව නව පක්ෂයක් පිහිටුවනු ලැබූ අතර එහි සභාපති ධුරය හොබවනු ලැබුවේය.


එරට මාලිගාව විසින් නිකුත් කරන ලද නිවේදනයකින් සුල්තාන් අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා කියා සිටියේ, හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයකු සහ බර්සාටු පක්ෂයේ සභාපතිවරයෙකු වන මුහයිඩින් නව අගමැති ලෙස දිවුරුම් දෙන බව පළමුවෙන්ම එරට මාධ්‍ය වෙත දැනුම් දුන්නේය.


අග්‍රාමාත්‍ය මහතීර් මොහමඩ්ගේ ඉල්ලා අස්වීමත් සමග, පාලක සන්ධානය බිඳවැටීමෙන් පසුව රට අර්බුදයකට ඇද දැමෙන බවට සති අන්තයේ දේශපාලන ගැටුම් මැද මෙම පත්වීම සිදුවිය. “අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද කළ නොහැක්කේ රටේ ජනතාවගේ සහ ජාතියේ යහපැවැත්ම සඳහා රජයක් අවශ්‍ය නිසයි” යනුවෙන් මාලිගාව නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වූයේය. “එය සියල්ලන්ටම හොඳම තීරණය” යැයි රජතුමා නියෝග කළ බව ද එහි දැක්විණි.


ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ ආණ්ඩුව ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මැලේසියාවේ බොහෝදෙනා ඔවුන්ගේ කනස්සල්ල සහ කෝපය පළ කර ඇතැයි ද වාර්තා වේ. මුහිදීන් යසීන් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම නීති විරෝධී යැයි ද හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් ද කියා සිටින්නේය.

 

 


මුහිදීන් යසීන් පාවාදීමක් කර ඇතැයි ද ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර සහාය නැතැයි ද මාධ්‍ය හමුවක් පවත්වමින් මහතීර් මොහොමඩ් චෝදනා කළේය. එබැවින් කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නැයි ද මහතීර් මොහොමඩ් අභියෝග කළේය. ‘‘මේක මහ අමුතු දෙයක්. පරාජිතයන් ආණ්ඩු පිහිටුවනවා. ජයග්‍රහකයන් විපක්ෂයේ’’ යැයි ද මහතීර් මොහොමඩ් චෝදනා කළේය. ‘‘නීතියේ අධිපාත්‍යය මේ රටේ තවදුරටත් නැහැ’’ යැයි ද හෙතෙම චෝදනා කළේය.


2018 වසරේ දී ඓතිහාසික ජයක් ලබමින් බලයට පත්වූ සන්ධානයේ අභ්‍යන්තරයේ ඇති වූ අර්බුදයක් මුල් කරගනිමින් මහතීර් මොහොමඩ් ඉකුත් දා මැලේසියාවේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. මහතීර් මොහොමඩ් ඔහුගේ ප්‍රතිවාදිය වූ ඊබ්‍රහිම් අන්වර් සමඟ එක්ව 2018 වසරේදී ‘පැක්ට් ඔෆ් හෝප්’ හෙවත් ‘පක්ටාන් හරප්පාන්’ නමින් සන්ධානයක් ඇති කරගනිමින් මහ මැතිවරණයට ඉදිරිපත් විය. ආචාර්ය මහතීර් මොහොමඩ් එම මැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් බලයට පත්වූ අතර ඒ අවස්ථාවේ දී හෙතෙම ලොව වයස්ගතම නායකයා ලෙස ද ඉතිහාස පොත් අතරට එක්විය. මහතීර් මොහොමඩ් මේ වන විට 94 වන වියේ පසු වේ.


මුහිදීන් යසීන් ද සන්ධානගත වී සිටින අතර එම සන්ධානයට හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ ද ‘යුනයිටඩ් මැලේස් නැෂනල් ඕගනයිසේෂන් (යූ.එම්.එන්.ඕ.)’ පක්ෂය ද ඇතුළත් ය. මේ වනවිට හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට එරෙහිව නඩු විභාගයක් ද ක්‍රියාත්මක වේ. ඔහු සහ ඔහුගේ හිතවතුන් රාජ්‍ය මුදලකින් ඩොලර් බිලියන ගණනින් වංචා කළේ යැයි චෝදනා එල්ල වී තිබේ.

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17120 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site