IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


මරණ දඬුවමෙන් ජීවිතය දිනූ පකිස්තානයේ ඒසියා බිබී

ඉරණමට එරෙහිව අරගල කළ ගැහැනු

 

කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රටක් නොව ලොවක් පවා වෙනස් කළ සටන්කාමී කාන්තාවන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවේ එබැවිනි. මේ එහි සිව්වැන්නයි. 


තමාට එල්ල වූ මරණ දඬුවමට එරෙහිව අරගල කර ජීවිතය ජය ගත් පාකිස්තානු ජාතික ඒසියා බිබී (ඒසීයා නොරින්), දෙවියන්ට අපහාස කළා යැයි චෝදනා ලැබූ ක්‍රිස්තියානි භක්තික කාන්තාවකි. පාකිස්තානු දේවාපහාස නීතිය යටතේ සිර භාරයට ගත් පළමු  කාන්තාව ද වන ඇය, පසුව ජාත්‍යන්තර අවධානය පවා දිනා ගන්නේ නීතිඥයන් පවා ඇගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් දිවි පරදුවට තැබූ බැවිනි. 


පාකිස්තානයේ අපකීර්තිමත්ම අපහාස නඩුව ලෙස සැලකෙන මේ සඳහා හේතු වූයේ 2009 වසරේ දී ඉස්ලාම් භක්තිකයකු නොවන්නියක ලෙස ඇය විසින් ඉස්ලාම් භක්තික කාන්තාවන්ට ගෙන ආ ජලය ඉස්ලාම් කාන්තාවන්ට ප්‍රදානය කිරීමට මත්තෙන් පානය කිරීමකි (මුස්ලිම් නොවන ජාතිකයන් යනු අපවිත්‍ර පිරිසක් බව මෙම කාන්තා සමූහය ඉතා තදින් විශ්වාස කරයි).


මේ අනුව ලාහෝර් බන්ධනාගාරයේ ජනෙල් පවා නොමැති කුටියක ඉතා අමානුෂික ලෙස සිරගත වීමට සිදුවූ ඒසියා, එතැන් පටන් මෙලෙස ජාත්‍යන්තර අවධානය දිනා ගත් අතර ඇය බේරා ගැනීම සඳහා දහසය වැනි පාප් බෙනඩික් වහන්සේ සහ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ආදීන් ඇතුළත් ජාත්‍යන්තර පෙත්සමක් පවා අත්සන් කෙරෙන්නේ මේ අනුවයි. 
කෙසේ වෙතත් ඇය එල්ලා මැරීමට ඉස්ලාම් ආගමික නායකයන් 150කට අධික සංඛ්‍යාවක් දිගින් දිගටම අරගල කළ අතර ඇය වෙනුවෙන් සටන් කළ සුළු ජාතිකයන් පිළිබඳ අමාත්‍ය ෂාබාස් බාටි සහ පන්ජාබ් ආණ්ඩුකාර සල්මාන් ටසීර්ට ද මරණය උරුම වූයේ මේ හේතුවෙනි. එසේම කුරිරු මුස්ලිම් දේවගැතිවරයෙකු වූ මව්ලානා යුසුෆ් කුරේෂි එකල පැවසුවේ ඇය මරා දමන්නෙකුට පාකිස්තාන රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාදීමට තමා සූදානම් බවයි.   

 

 


කෙසේ වෙතත් 2018 වසරේ ඔක්තෝබර් මස 31 වැනිදා පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට යුක්තිය ඉෂ්ට කළ අතර එතෙක් ඇය පාකිස්තානය තුළම රැඳී සිටීම ද මෙම නඩු තීන්දුවේ විශේෂත්වයකි. එහෙත් එයින් ද ඉස්ලාම් පක්ෂ තම උත්සාහය අත් නොහළ බැවින් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ පාකිස්තාන රජයට සිදුවූයේ ඇය රටින් පිට කරන බව පවසා මෙම අරගලය අවසන් කිරීමටයි. 


ඒ අනුව ඉතාලිය, කැනඩාව ආදී බටහිර රටවල් ඇගේ සහාය සඳහා පැමිණි නමුත් ඇය කැනඩාව බලා පැමිණියේ සිර අඩස්සියේ දී ම නත්තල සැමරීමෙන් අනතුරුවයි. නමුත් ජාත්‍යන්තර අවධානය දිනා ගත් ඒසියා  හේතුවෙන් පාකිස්තානු දේවාපහාස නීතිය කරළියට පැමිණියේ මේ හරහා මේ වන විට හැටදෙනෙකුට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බැවිනි. මේ වන විට මෙම නීතිය දැඩි විවේචනයකට බඳුන් වී ඇත්තේ ද ඒසියා හේතුවෙනි. ඊට ඇය පසුගිය මස ‘Open Doors’ නම් ක්‍රිස්තියානි සංවිධානය වෙත ලබා දුන් ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාව ද දැඩි බලපෑමක් එල්ල කළේය.


2013 වසරේ දී ප්‍රංශ මාධ්‍යවේදිනී ඇනා- ඉසබෙලා ටොලෙට් විසින් ඒසියාගේ මතකයන් ඇතුළත් 'Blasphemy: A Memoir: Sentenced of Death Over a Cup of Water' නම් කෘතියක් ද පළ කර ඇති අතර 2015 දී තිරගත වූ 'Uwolnic Asia Bibi (Freedom for Asia Bibi)' නම් පෝලන්ත චිත්‍රපටයට පාදක වූයේ ද ඇගේ අප්‍රතිහත ධෛර්යයි.

 

ඒසියා බිබි ඇතුළු පවුල

නිදහස ලැබීමෙන් අනතුරුව 16 වැනි බෙනඩික් පාප් වහන්සේ මුණගැසීමට පැමිණි ආසියා

 

 

 

මාලන් විදානපතිරණ
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

මරණ දඬුවමෙන් ජීවිතය දිනූ පකිස්තානයේ ඒසියා බිබී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 507 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 474 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site