IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


චීනය ගොඩ නැගූ යෝධයා ෂී ජින්ග් පින්ග්

 

චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පළමුවැනි සියවස තරම් ඈතට දිවයයි. වසර 3600ක ප්‍රෞඪ ලිඛිත ඉතිහාසයකට හිමිකම් කියන චීනය එකී කාල පරිච්ඡේදය තුළ විවිධ සමාජ ක්‍රම තුළින් පරිවර්තනය වී 1949 විප්ලවය හරහා සමාජවාදී සංවර්ධනයට පිවිසිණි. එම වෙනස නූතනයට සරිලන පරිදි නවමු වෙනසක් ඇති කළ ෂී ජින් පින්ග් වෙනුවෙන් අද දියත රාජ්‍ය නායක පිටුව වෙන්වේ.


ආචාර්ය සුන් යට් සෙන්ගේ නායකත්වයෙන් 1914දී පළමුවරට චීනය ජනරජයක් බවට පත් විය. එහෙත් අධිරාජ්‍යවාදීන්ගේ හා රදලයන්ගේ බලය මුලින් උපුටා දැමීමට අසමත් වූ බැවින්, එම ජාතික කාර්යභාරය සම්පූර්ණ කිරීමේ ඓතිහාසික වගකීම පැවරුණේ 1921 පිහිටුවනු ලැබූ චීන කොමියුනිස්ට් පක්ෂයටය.


1927 - 1949 දක්වා වූ වසර 22ක කාල පරිච්ඡේදය තුළ බාහිරව එක් පැත්තකින් බටහිර අධිරාජ්‍යවාදීන්ටත්, තවත් පැත්තකින් ජපන් අධිරාජ්‍යවාදීන්ටත්, රට අභ්‍යන්තරයේ කොම්ප්‍රදෝරු ධනපති පන්තියට හා රදල නිලධාරී පැලැන්තියටත් එරෙහිව තියුණු අරගලයක් මෙහෙයවන්නට චීන කොමියුනිස්ට් පක්ෂයට සිදුවිය. 1945 දී පැසිස්ට්වාදය පරාජය කරමින් සෝවියට් රතු හමුදාව ලද ජයග්‍රහණය චීන විප්ලවයේ ජයග්‍රහණයට වාසිදායක වූ ජාත්‍යන්තර සාධකයක් විය.


චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයේ දේශපාලන, උපායමාර්ගික සහ උපක්‍රමික දක්ෂතාවත් චීන රතු හමුදාවේ දැඩි විනයත්, පක්ෂයට තිබූ ජනතාවගේ සමීපතාව හා ඔවුන්ගෙන් ලැබුණු සහායත් චීන විප්ලවයේ අවසන් ජයග්‍රහණයට හේතු විය. චීන කොමියුනිස්ට් පක්ෂය මූලිකව කම්කරු පක්ෂයේ බළඇණිය වුවද, ගොවි ජනතාවගේත්, නාගරික සුළු ධනේශ්වරයේත්, ජාතික ධනේශ්වරයෙත් සහාය ලබමින්, පක්ෂයේ නායකත්වය යටතේ ඒ සියලු කොටස් එක්සත් කරමින් සමස්ත අරගලය මෙහෙයවීමට දක්ෂ විය.
චීන ජනාධිපති ෂි ජින් පින්ග්, චීනයේ හිටපු නායක මාඕ සේතුංගෙන් පසුව බිහිවූ බලගතුම රාජ්‍ය නායකයා බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඊට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ, ෂි ජින් පින්ග් චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් මෙන්ම මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති හා එරට ආරක්ෂක කොමිසමේ සභාපතිවරයා වීම නිසාය.
ෂි ජින් පින්ග් චීනයේ බෙයිජිං නුවර දී 1953 ජුනි මස 15 වැනි දින උපත ලැබීය. ඔහුගේ පියා වූයේ ෂි ශොන්ෂුන්ය. ෂි ශොන්ෂුන් චීන විප්ලවයේ ප්‍රබල නායකයකු විය. ඔහු චීන විප්ලවයෙන් පසු, මාඕ සේතුංගේ නායකත්වය යටතේ පිහිටුවනු ලැබූ චීන මහජන සමූහාණ්ඩුවේ උප අගමැතිවරයා විය.


විප්ලවයෙන් පසු චීන කොමියුනිස්ට් පක්ෂය තුළ මතු වූ න්‍යායික අරගලයක ප්‍රතිඵලයක් වශයෙන් 1962 දී ෂි ශොන්ෂුන්ව උප අගමැතිධුරයෙන් නෙරපා හරින ලදී. මේ හේතුව නිසා ෂි ශොන්ෂුන්ට හා පවුලේ සැමට හිමිව තිබූ වරප්‍රසාද අහිමි වී ගියේය. එපමණක් නොව, ෂි ශොන්ෂුන්ව බන්ධනාගාර ගත කරනු ලැබීය. මේ වන විට ෂි ජින් පින්ග්ගේ වයස අවුරුදු 9ක් විය. ෂි ජින් පිංග්ගේ පියා බන්ධනාගාර ගත කිරීමෙන් පසු, පවුලේ සියලු දෙනාම ෂාං ෂි නම් අති දුෂ්කර ප්‍රදේශයකට නෙරපා හරිනු ලැබිණි. මේ සමඟම ෂි ජින් පින්ග් ගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ගියේය. වයස අවුරුදු 16දී කෘෂිකාර්මික ගොවිපොළක කම්කරුවකු ලෙස සිය ජීවිකාව ගොඩනඟා ගැනීමට ෂි ජින් පින්ග් පටන් ගත්තේය.
මේ අතර කාලයේ ෂි ජින් පින්ග් චීන කොමියුනිස්ට් තරුණ සමිතියකට බැඳුණේය. ඒ 1971 වසරේ දී ය. ඉන් අනතුරුව චීන කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකත්වය ලබාගත් ඔහු 1974 දී එම පක්ෂ ශාඛාවේ ලේකම්ධුරයට පත් විය.


පක්ෂ ක්‍රියාකාරිකයකු ලෙස වැඩකරමින් දැනුම හා අවබෝධය ළඟා කරගත් ෂි ජින් පින්ග් 1975 වසරේ දී “චීන්හු ආ” විශ්වවිද්‍යාලයට ඇතුළු විය. එහිදී අධ්‍යාපනයට හා පක්ෂ දේශපාලනයට මුල්තැන දුන් ඔහු 1979 විශ්වවිද්‍යාලයෙන් පිටව ගියේ රසායන විද්‍යාව පිළිබඳ ඉංජිනේරු උපාධියක් ලබා ගනිමිනි.


චීන කොමියුනිස්ට් පක්ෂයේ 16 වැනි සම්මේලනයේ දී ෂි ජින් පින්ග් පක්ෂ මධ්‍යම කාරක සභාවට තෝරා පත්කර ගන්නා විට, පක්ෂයේ විවිධ තනතුරු රැසක් හොබවා තිබුණි. පක්ෂ විනය ආරක්ෂා කිරීම පිණිස කැපවූ ඔහු චීනය තුළ ගොඩනැඟෙමින් ආ දූෂණයට හා වංචාවට වැට බැන්ඳේය. දූෂණයට හා වංචාවට සම්බන්ධව සිටි නිලධාරීන් රැසකට එරෙහිව පියවර ගැනීමට කිසිවිටකත් ෂි ජින් පින්ග් මැළි වූයේ නැති බව චීන විද්වත්හු පෙන්වා දෙති.


2006 වසරේ පැවැති චීන කොමියුනිස්ට් පක්ෂයේ 17 වැනි සම්මේලන වාරයෙන් ෂි ජින් පින්ග් නැවතත් මධ්‍යම කාරක සභාවටත් ඉන් පසු දේශපාලන මණ්ඩලයටත් තේරී පත්විය. 2012 වසරේ පැවැති චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික සම්මේලනයෙන් ප්‍රධාන ලේකම් ලෙස ඔහු තෝරාගනු ලැබුවේ පක්ෂ දේශපාලනය තුළ ප්‍රදර්ශනය කළ දක්ෂතාවන් නිසාය.


චීනයේ හිටපු ජනාධිපති හු ජින් ටාඕගේ සේවා කාලය අවසන් වීමෙන් පසු ෂි ජින් පින්ග් ජනාධිපතිධුරයට පත්විය. ඒ 2013 මාර්තු 14 වැනිදා ය. අද 66 වැනි විය සපුරන ජනාධිපති ෂි ජින් පින්ග් චීනයේ ජනාධිපතිධුරයට පත්වූ වයසින් අඩුම පුද්ගලයා වීම විශේෂත්වයක් වනවා මෙන්ම, මහජන චීනයට මහා ශක්තියක් ද වන්නේය.


ප්‍රාග් ධනය, වෙළෙඳපොළ, කළමනාකරණය, තාක්ෂණ, දැනුම නැති, ස්වභාවික සම්පත් හිඟ, ලොවේ විශාලතම රට, සමාජවාදය කරා ගෙනයෑම, දුෂ්කර ව්‍යායාමයකි. මානව සංහතිය චීනය සතු එකම සම්පතයි. නව චීනයේ නිර්මාතෘ ඩෙන් - සියාඕ - පින් මෙසේ කීවේය. “න්‍යාය පරීක්ෂණයට ලක් කළ හැක්කේ භාවිතය තුළින් පමණය.” ෂී ජින්ග් පින්ග් ගේ නායකත්වයෙන් චීනය අද වන විට ලබා ඇත්තේ එම ජයග්‍රහණයයි.

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූ මොහොතක්.

 

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (1)

චීනය ගොඩ නැගූ යෝධයා ෂී ජින්ග් පින්ග්

bandara Thursday, 07 March 2019 04:46 PM

මේක මේ මනුස්සයාගේ කෙටි ඉතිහාසයක්නේ.. එහෙම නෙවෙයි, ඔහුගේ නායකත්වයෙන් අද වන විට චීනය ලබා ඇති ජයග්‍රහණ හා දියුණුව පැහැදිලි කෙරීමක් බලාපොරොත්තු වුනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 515 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 475 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site