IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ස්ලෝවැකියාවේ පළමු ජනාධිපතිනිය සුසානා කැපුටෝවා

මධ්‍යම යුරෝපයේ පොලන්තයට, යුක්රේනයට, හංගේරියාවට සහ ඔස්ටි්‍රයාවට වටවී පිහිටි කුඩා රාජ්‍යයකින් ගැහැනියක් දේශපාලන නායකත්වයකින් ඉදිරියට යාවි යැයි කවුරුවත් අනාවැකි නොකියූ මොහොතක  ස්ලෝවැකියාවේ පැවැති ජනාධිපතිවරණයෙන් එරට ඉතිහාසයේ පළමු වරට ජනාධිපති ධුරයට කාන්තාවක් පත්වූවාය. අද දියත රාජ්‍ය නායක පිටුව වෙන්වන්නේ ඇය වෙනුවෙනි.


නිල වශයෙන් ස්ලෝවැක් ජනරජය ලෙස හැඳින්වෙන ස්ලෝවැකියාව මධ්‍යම යුරෝපායේ පොලන්තයට, යුක්රේනයට, හංගේරියාවට සහ ඔස්ටි්‍රයාවට වටවී පිහිටි කුඩා රාජ්‍යයකි. අතීතයේ චෙකොස්ලෝවැකියාවේ කොටසකි. ස්ලෝවැකියාවේ අගනුවර වන්නේ බ්්‍රැටිස්ලාවාය. භාවිත කෙරෙන මුදල් ඒකකය යූරෝය. ස්ලෝවැකියාව යුරෝපා සංගමයේ සාමාජිකයකු වූයේ 2004 වසරේදීය. නිල භාෂාව ස්ලොවෙක් වන අතර ස්ලොවේකියාවේ පවතින්නේ ඒකීය පාර්ලිමේන්තු ජනරජයකි.


දූෂණ හා වංචාවලට එරෙහිව සටන් වැදුණු සුසානා කැපුටෝවා එලෙස ස්ලෝවැකියාවේ ජනාධිපති ධුරයට පත්වූවාය. හතළිස් පස් හැවිරිදි වියේ පසුවන සුසානා කපුටෝවා පරිසර නීතිඥවරියක සහ සමාජ ක්‍රියාකාරිනියක ද වන්නීය. දේශපාලනයට නවකයකු වන සුසානා කැපුටෝවා කරළියට පැමිණියේ මාධ්‍යවේදී යාන් කුසියැක්ගේ ඝාතනයත් සමගය. ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන යාන් කුසියැක් සහ ඔහුගේ පෙම්වතිය පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඝාතනයට ලක්වූහ. ඔවුන් දෙදෙනාගේ ඝාතනය හේතුවෙන් ස්ලෝවැකියාව තුළ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් ඇති වූ අතර එම නිසා එවකට සිටි අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් වීමට ද සිදුවිය.  


ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලවලින් සියයට 58.4ක් හිමි කරගැනීමට සුසානා කැපුටෝවා සමත් වූවාය. සුසානා කැපුටෝවාගේ ප්‍රතිවාදියා වූයේ පාලක පක්ෂයේ මාර්කෝස් සෙෆ්කොවික් ය. ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් ඔහුට හිමි කරගැනීමට හැකිවූයේ සියයට 41.6 ක ඡන්ද ප්‍රතිශතයක් පමණකි. ඔහු යුරෝපා සංගමයේ බලශක්ති කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කරන අයෙකි.


ස්ලොවේකියාවේ ජනපතිවරණය ඉකුත් මාර්තු 30 වැනිදා පැවැති අතර, එයින් ජයග්‍රහණය කිරීමට දූෂණ මැඬලීමට ප්‍රතිඥා දුන් සුසානා කැපුටෝවා සමත් වූවාය. ඒ අනුව, ස්ලොවේකියාවේ ජනපති ධුරයට පත් පළමු කාන්තාව කැපුටෝවාය.


කිසිදු දේශපාලන අත්දැකීමක් නොමැති කැපුටෝවා, ප්‍රවීණ අත්දැකීම් බහුල දේශපාලනඥයකු වන සෙෆ්කොවික් පරාජය කිරීම ස්ලොවේකියා දේශපාලනයේ සන්ධිස්ථානයක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. යුරෝපා කොමිසමේ උප සභාපති වන්නේ ද සෙෆ්කොවික්ය.


දේශපාලන අත්දැකීම් නොමැති වුවත්, 45 හැවිරිදි කැපුටෝවා වසර ගණනාවක් තිස්සේ නීතීඥවරියක ලෙස කටයුතු කළ අයෙකි. අනවසර ඉඩම් ගොඩකිරීම් සම්බන්ධයෙන් ඇය වසර 14 ක් තිස්සේ එක් නඩුවක් වෙනුවෙන් පෙනී සිටි බව ද ස්ලොවේකියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මහත් රුචියෙනි.


ඡන්ද ප්‍රතිඵල නිකුත් වී අවසන් වෙද්දී, කැපුටෝවා සියයට 58 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන තිබුණු අතර, සෙෆ්කොවික් ට හිමි කර ගැනීමට හැකිවී තිබුණේ සියයට 42 ක ප්‍රතිශතයක් පමණය.


ස්ලෝවැකියා දේශපාලනඥයන් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි අතරේ සබඳතා ඇති බවට පසුගිය කාලය පුරාවට චෝදනා නැගෙන්නට විය. යාන් කුසියැක් නමැති ස්ලෝවැකියා ගවේෂණාත්මක මාධ්‍යවේදියා දේශපාලනඥයන් සහ අපරාධ කල්ලි අතරේ ඇති ගනුදෙනු ජනතාවට අනාවරණය කළේ 2017 දීය. ඒ අනුව, කිසියම් පිරිසක් යාන් කුසියැක් සහ ඔහු විවාහ ගිවිසගත් තරුණිය වෙඩි තබා ඝාතනය කළේය. ඒ, පසුගිය 2018 පෙබරවාරියේය. මෙය ස්ලෝවැකියාව කැලැඹූ සිදුවීමක් මෙන්ම එරට දේශපාලන ලෝකය තුළ රට පෙරැළි රැසක් ඇති කරවන්නට හේතුවිය.


තමා දේශපාලනයට පිවිසෙන්නේත්, ජනපති ධුරය වෙනුවෙන් තරග කරන්නේත්, යාන් කුසියැක් ඝාතන සිදුවීම මුල්කොට ගනිමින් බවත්, යාන් කුසියැක් වෙනුවෙන් පමණක් නොව, ස්ලොවේකියා වැසියන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට විය යුතු බවත්, දූෂණය පිටුදැකීමට කටයුතු කරන බවත් කැපුටෝවා ප්‍රතිඥා දී තිබේ.


කැපුටෝවා ජනපතිවරණයට ඉදිරිපත් වූයේ “ස්මර් එස්ඩී” නමැති පක්ෂයෙනි. මෙම පක්ෂයට නායකත්වය දුන්නේ රොබර්ට් ෆිකෝය. මොහු 2018 වනවිට ස්ලොවේකියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළේය. මාධ්‍යවේදී කුසියැක්ගේ ඝාතනයෙන් පසු එල්ල වූ ජනතා පීඩනය හමුවේ, ෆිකෝට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. ඉන් සිදුවූයේ එරට ප්‍රථම ජනාධිපතිනිය බිහිවීමයි.


කැපුටෝවා ස්ලෝවැකියාවේ ජනපති ධූරයට තේරී පත්වන විට ඇයගේ ප්‍රතිවාදීන් ඇයට චෝදනා එල්ල කරන්නට වූයේ මාධ්‍යවේදියාගේ මරණය පාවා දුන් තැනැත්තියක ලෙසිනි. එම මාධ්‍යවේදියාට වඩාත් සාධාරණයක් ඇය විසින් ඉටු කරනා ආකාරය සුවහසක් ස්ලෝවැකියා ජාතිකයෝ බලා සිටිති. එම තීන්දුව මත ඇයගේ ඉදිරි දේශපාලන ජීවිතය තීරණය වීමද වැළැක්විය නොහැකිය.

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

ස්ලෝවැකියාවේ පළමු ජනාධිපතිනිය සුසානා කැපුටෝවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17347 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 706 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site