IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


විකට රජා ජනපති පුටුවට

 

රටේ ජනාධිපති ලෙස විකට චරිතයකට රඟපා අවසානයේ ඇත්තටම රටේ ජනාධිපති ලෙස තේරී පත්වීම පුදුමයක් සේම දෛවෝපගත සිද්ධියකි. මෙලෙස අරුම පුදුම චරිතයක් බවට පත්වීම ඔහු නොසිතූ දෙයක් වුවද දැන් එය සිදුවී අවසානය. අද දියත රාජ්‍ය නායක පිටුව වෙන්වන්නේ පසුගියදා අවසන් වූ යුක්රේන ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණය ලබා ගත් ව්ලොදිමීර් සෙලෙන්ස්කී වෙනුවෙනි.


වාර්තාගත අපේක්ෂකයින් ප්‍රමාණයක් ඉදිරිපත් වූ යුක්රේන ජනාධිපතිවරණයේ පළමු අදියර සහ දෙවැනි අදියර පසුගියදා නිමාවට පත් වූයේ 41 හැවිරිදි සෙලෙන්ස්කී සියයට 73ක ඡන්දයක් ලබා දෙමිනි. එරට දේශපාලනයට නවකයකු වන සෙලෙන්ස්කීට පරාජය වූයේ එරට පරිණත දේශපාලනඥයකු වූ බලයේ සිටි ජනාධිපති ප්‍රෙටෝ පෙරෙෂෙන්කෝය. ඔහුට ජනාධිපතිවරණයේදී හිමිවූයේ සියයට 23ක ඡන්ද ප්‍රතිශතයක් පමණකි.


පළමු වටයේදී කිසිඳු අපේක්ෂකයකු සියයට 50ක් ඉක්මවා ඡන්ද ලබා නොගැනීම හේතුවෙන් අප්‍රේල් 21 වැනිදා ජනාධිපතිවරණයේ දෙවැනි වටය ජයග්‍රහණය කරනු ලැබුවේ සියයට පනහකටත් වඩා ඡන්දයක් ලබමිනි. සෙලෙන්ස්කී යුක්රේන ජනතාවගේ ආදරය දිනූ තැනැත්තෙකි. මොහු වඩාත් ප්‍රසිද්ධ විකට නළුවකු ලෙසය. දේශපාලනයට කෝඩුකාරයෙකු ලෙස සැලකෙන යුක්රේන ප්‍රහසන නළු වොලොඩිමීර් සෙලෙන්ස්කි එරට ජනාධිපතිවරණයේ පළමු අදියරයේ ඡන්ද ගණන් කිරීම අවසානයේ වොලොඩිමීර් සෙලෙන්ස්කිට සියයට 30.4ක ප්‍රතිශතයක් ලැබී තිබුණු අතර පෙට්රෝ පොරෂෙන්කෝට  හිමිව තිබුණේ, සියයට 17.8 ක ප්‍රතිශතයක් පමණයි.


ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙර කරන ලද මත විමසුම් අනුව සෙලෙන්ස්කි ජයග්‍රහණය කරනු ඇති බව අනුමාන කෙරුණි. 41 හැවිරිදි සෙලෙන්ස්කි දශක දෙකක් පමණ විකට නළුවකු ලෙස කටයුතු කළේය. ඔහුගේ විශේෂඥභාවය වූයේ දේශපාලන උපහාසය සම්බන්ධව යි. 


සෙලෙන්ස්කි යුක්රේන ජනතාවගේ ආදරය දිනූ තැනැත්තෙකි. මොහු වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ 2015 වසරේ යුක්රේන රූපවාහිනියෙන් විකාශය වූ “සර්වන්ට් ඔෆ් ද පීපල්” නැමැති ප්‍රහසන කතා මාලාවේ යුක්රේන ජනාධිපතිවරයාගේ චරිතයට පණ පෙවීමෙනි. සෙලෙන්ස්කී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පසුගිය 2018 වසරේ පිහිටු වූ නව පක්ෂයකිනි. එම පක්ෂයේ නම වන්නේ ද “සර්වන්ට් ඔෆ්ද පීපල්” ය.


පරාජයට පත්වුණු ජනාධිපති පොරෂෙන්කෝ, ජනපති ධූරයට පත් වූයේ 2014 වසරේ ජනාධිපතිවරණයෙනි. එම වසරේ මැයි 25 වැනිදා පැවති ජනපතිවරණයේ පළමු වටයෙන්ම  පොරෂෙන්කෝ සියයට 54ක බහුතර බලයක් හිමිකර ගනිමින් ජයග්‍රහණය කළේය. කෙසේ නමුත් මෙම ජනාධිපතිවරණයේ දී සෙලෙන්ස්කී ජයග්‍රහණය කළේය. කෙසේ නමුත් මෙම ජනාධිපතිවරණයේ දී සෙලෙන්ස්කීගෙන් පොරෂෙන්කෝට ලොකු අභියෝගයක් එල්ල වූ බව පැහැදිලිය.


සෙලෙන්ස්කී මැතිවරණයට ඉදිරිපත් වන්නේ දූෂණ විරෝධී පදනමකින් වන අතර  විශේෂයෙන්ම සාම්ප්‍රදායික දේශපාලකයන් පිළිබඳ ජනතාවගේ ඇති අප්‍රසාදය ඔහුගේ ජනප්‍රියත්වයට ප්‍රධානම හේතුවක් වේ.


කෙසේ වෙතත් ලෝක දේශපාලනය පිළිබඳව විශ්ලේෂණය කර බැලීමේ දී ඉතාලියේ තරු පහේ ව්‍යාපාර සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බලයට පත් වූ අවස්ථාවේ මෙන්  සෙලෙන්ස්කි ජයග්‍රහණය ද යුක්රේනය තුළ මහජන කෝපය උත්සන්න වීමට හේතු විය හැකි බවයි  විචාරකයන් පෙන්වා දෙන්නේ.


කෙසේ වෙතත් විකටම මෙන් ප්‍රහසන නාටකයක ජනාධිපති ධූරය රගපෑ ආකාරයට රටක් කරවිය නොහැකි බව දැනගෙන ව්ලොදිමියර් සෙලෙන්ස්කී යුක්රේනය පාලනය කළ යුතුය.

 

 

 

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (1)

විකට රජා ජනපති පුටුවට

amila Monday, 06 May 2019 04:28 AM

අපි හිතුවේ ලංකාවේ විතරයි මේක වෙන්නේ කියලා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 515 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 475 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site