IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ඉතියෝපියාවේ පළමු ජනාධිපතිනිය සහලේ-වර්ක් සව්ඬේ

 

දරිද්‍රතාවයෙන් හැමදාමත් බැටකන අප්‍රිකා මහාද්වීපයේ තරම අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. දශක ගණනාවක් තිස්සේ සාගතයෙන්ද, දේශපාලන අරාජිකත්වයේද ගිලී සිටි ඉතියෝපියාව වසර කිහිපයක සිට තරමක සැනසුම් සුසුමන් හෙළමින් සිටී. එවන් අවස්ථාවක ඉතියෝපියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් රටේ ප්‍රථම කාන්තා ජනාධිපතිවරියක් ලෙස තේරී පත් වූයේ අහම්බයෙනි. අද දියත රාජ්‍ය නායක පිටුව වෙන්වන්නේ ඇය වෙනුවෙනි.


ඉතියෝපියාවේ තෙවැනි ජනාධිපතිවරයා ලෙස 2013 වසරේ තේරී පත්වූ 63 හැවිරිදි මුලාටු ටෙෂෝම් වසර පහක කාලයක් එම ධුරයේ කටයුතු කළ අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාස අගදී  බලාපොරොත්තු නොවූ අවස්ථාවක සිය තනතුරෙන් ඉල්ලා අස්විය.


ඒ සමගම ඉතියෝපියාවේ ජනපති ධුරයට පත්වූ පළමු කාන්තාව හැටියට එරට ඉතා පළපුරුදු රාජතාන්ත්‍රිකාවක වන සහලේ - වර්ක් සව්ඬේ පත් කරගන්නට ඉතියෝපියාවේ පාර්ලිමේන්තු සාමාජිකයෝ කටයුතු කළහ. ඒ අනුව ඇය මේ වනවිට අප්‍රිකානු රටවල සිටින එකම රාජ්‍ය නායිකාව බවට පත්ව සිටින්නීය.


දැනට හැට හැවිරිදි වියේ පසුවන ඇය ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසුව සිය ජනයා හමුවේ කියා සිටියේ ඉතියෝපියාව තුළ ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාවයක් ඇති කරනා බවය. එසේම පාර්ලිමේන්තුව අමතමින් ඇය එරටේ සාමය තහවුරු කිරීමටත්, එය ප්‍රවර්ධනය කිරීමටත් පොරොන්දු වූවාය.


ඉතියෝපියාවේ ප්‍රථම ජනාධිපතිවරිය ලෙස සහලේ එම ධුරයට පත්වීම ගැන එරට මාධ්‍ය, විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇයට ලැබුණේ මහත් ප්‍රශංසාවකි.
එරට සිටන පළපුරුදුම රාජ්‍යතාන්ත්‍රිකාවක වන සහලේ ඉතියෝපියා ජනාධිපති වශයෙන් පත්වීමට පෙර සෙනගාලයේ සහ ජිබුටි රාජ්‍ය සඳහා වන ඉතියෝපියානු තානාපතිවරිය ලෙසද, අප්‍රිංකා සංගමයේ එක්සත් ජාතීන් ගේ නිත්‍ය නියෝජිතවරයා ලෙසත්, එම සංවිධානයේ විවිධ මෙහෙයුම්වල විවිධ තනතුරුවලද කටයුතු කළ තැනැත්තියක වේ.
සහලේ ජනාධිපති ධුරයට පත්වූයේ හරිම අපූරු ආකාරයකටය. ඒ එරට අග්‍රාමාත්‍ය අබියි අහ්මද් විසින් පත් කරන ලද නව කැබිනට් මණ්ඩලයේ හරි අඩක් තනතුරු දරන්නේ කාන්තාවන්ය. එම පත්කිරීම්වලින් සතියකට පසු සහලේ - වර්ක් සව්ඬේ ඉතියෝපියාවේ ජනාධිපතිනිය ලෙස සාමාජික ඡන්දයෙන් තේරී පත් වූවාය.

 

 


සහලේ - වර්ක් සව්ඬේ කලක් මධ්‍යම අප්‍රිකානු ජනරජය තුළ සාමය ගොඩනැගීමේ වැඩපිළිවෙළේ ප්‍රධානියාද වූවාය.


ඉතියෝපියා පාර්ලිමේන්තුවේදී සහලේ ජනාධිපතිවරිය සඳහන් කර සිටියේ තමන් මහජනතාව අතරින් පැමිණි අයෙක් වන බවත්, එහෙයින් දේශපාලන නිදහස සහ සමානාත්මතාවය උපරිමයෙන් සිය ජනයාට ලබා දීමට කැපවෙන බවය.


ඉතියෝපියානු ව්‍යවස්ථාවට අනුව දේශපාලන බලය ඇත්තේ එරට අග්‍රාමාත්‍යවරයාට වන අතර, ජනාධිපති යනු ගෞරවනීය තනතුරක් පමණි. අප්‍රිකා රාජ්‍යයක මීට පෙර කාන්තාවක් එරට රාජ්‍ය නායකයෙකු ලෙස පත් වූයේ මුරුසි දිවයිනේ රාජ්‍ය නායිකාව වූ අමීනා ගුබ්රි ෆකීම්ය. ඇය අයථා ලෙස මුදල් වියදම් කිරීමේ චෝදනාවට එම ධුරයෙන් ඉවත් කෙරුණි. කෙසේ වෙතත් ජනාධිපතිනී සහලේ පතනා කාන්තා විමුක්තිවාදය ඉතියෝපියානු ජන සමාජය තුළ ප්‍රචලිත කළ හැක්කේ කෙසේද යන්නත්, එම අභියෝගාත්මක පියවරට අකුල් හෙළනා දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් බේරී ජයග්‍රහණය කරා යෑමේ හැකියාව තීරණය කළ හැක්කෙත් ඇයටම පමණක් බව සඳහන් කළ යුතුමය.

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

ඉතියෝපියාවේ පළමු ජනාධිපතිනිය සහලේ-වර්ක් සව්ඬේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17347 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 705 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site