IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ග්‍රීසියේ නව පාලකයා කිරියාකෝස් මිට්සෝකාකිස්

 

මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේද, ප්ලේටෝ, ඇරිස්ටෝටල් නම් ලෝක ප්‍රසිද්ධ දාර්ශනිකයින්ගේද, නූතන ධනපතියකු වූ ඔනාසීස් ගේද උපන් බිම වූ ග්‍රීසිය නම් රාජ්‍යය ඈත අතීතයේ සිටම ප්‍රචලිත වූයේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ලෝකයට දායාද කිරීමෙනි.


අතීතයේ මහා අධිරාජ්‍යයක් බවට පත්ව සිටියද, ඒ අතීතයේ පැවති විරාජමාන ගති ලක්ෂණ වර්තමාන ග්‍රීසිය තුළ නැති තරම්ය. සහශ්‍රකය අවසානයේ ග්‍රීසිය මුහුණ පෑ ආර්ථික පසුගාමීත්වය එරට තව තවත් පහළට ඇද දමන්නට වූයේය. ග්‍රීසිය දෙසට වැඩි අවධානයක් යොමුවන්නට වූයේ ඉකුත්දා පැවති එරට මහා මැතිවරණයෙන් නව අගමැතිවරයෙකු තේරී පත්වීමත් සමගය. අද දියත වෙන්වන්නේ නව ග්‍රීක අගමැතිවරයා වූ කිරියාකෝස් මිට්සෝකාකිස් වෙනුවෙනි.


ඉකුත් දා පැවති ග්‍රීක මැතිවරණයෙන් පාලක සිරීසා පක්ෂය පරාජයට පත් වී ඉන් ජයගත් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක කිරියාකොස් මිට්සොටෝකිස් එරට මීළඟ අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ග්‍රීක වැසියන්ගේ ජයඝෝෂා මධ්‍යයේය. එරට දක්ෂිණාංශික පක්ෂයක් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නායකත්වය දුන් කිරියාකොස් මිට්සොටෝකිස් එරට මීළඟ අගමැතිවරයා ලෙස ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ ග්‍රීසියේ නව වෙනසක් කිරීම සඳහා ජනතාව තමන්ට ජනවරමක් ලබාදුන් බවයි.
නිකුත් වී තිබූ ප්‍රතිඵලවලට අනුව කිරියාකොස් මිට්සොටෝකිස් නායකත්වය දුන් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සියයට 39.6ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන මැතිවරණයේ පෙරමුණ ගෙන තිබුණි. කෙසේ වෙතත් එහිදී පාලක සිරීසා පක්ෂයට ලබා ගැනීමට හැකිවුණේ සියයට 31.6 ක ඡන්ද ප්‍රතිශතයක් පමණකි.


වාමාංශික පක්ෂයක් වන සිරීසා පක්ෂයට නායකත්වය දුන් ග්‍රීක අගමැති ඇලෙක්සිස් සිප්රාස් 2015 සිට වසර හතරකට ආසන්න කාලයක් එරට පාලනය කළේය. ග්‍රීක මැතිවරණ ක්‍රමය යටතේ පක්ෂයක් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට ජාතික මට්ටමෙන් සියයට 3 ක ඡන්ද ප්‍රතිශතයක් ඉක්මවා යා යුතු වෙයි. පාර්ලිමේන්තුවේ ආසන 300 ක් ඇති අතර ඉන් 250 කට මන්ත්‍රීවරුන් පත්වන්නේ සමානුපාතික ක්‍රමයක් යටතේයි. මෙවර මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 154ක් ලැබුණි.


ලැබූ ජය සමරමින්, පක්ෂ ආධාරකරුවන් අමතමින්, කිරියාකෝස් මිට්සෝකාකිස් කියා සිටියේ, රටේ ආර්ථිකය නංවාලීමටත්, නව ආර්ථික පෙරැළියක් කිරීමටත් තමන් සහ තම නව රජය පියවර ගන්නා බවය. ග්‍රීසිය යුරෝපයේ පමණක් නොව ලෝකයේ ද කැපී පෙනෙන තත්ත්වයකට පත් කිරීමට කටයුතු කරන බව ද කිරියාකෝස් මිට්සෝකාකිස් අවධාරණය කළේය.


පසුගිය සතියේ පැවති එරට මහ මැතිවරණයෙන් ජයගත් මිට්සෝටෝකිස්ගේ දිවුරුම් දීමේ උත්සවය පැවැත්වුණේ ග්‍රීසියේ ඇතැන්ස් නුවර ජනාධිපති මන්දිරයේ දීයි. එම අවස්ථාවට නිලධාරීන් රැසක් සහභාගි වූ අතර අගමැතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය ආගමික වතාවත්වලට මුල්තැන ලබාදෙමින් සිදු වීමද විශේෂත්වයකි.


පනස් එක් හැවිරිදි කිරියාකෝස් මිට්සෝකාකිස් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නායකත්වය දෙන්නේ 2016 වසරේ සිටය. එම වසරේ සිට මේ දක්වා ග්‍රීසියේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළේ ද මිට්සෝකාකිස්ය. ඔහු ග්‍රීසියේ පරිණත දේශපාලනඥයෙකි. ඔහු ග්‍රීසියේ ප්‍රබල දේශපාලන පවුලක සාමාජිකයෙකි. මිට්සෝකාකිස්ගේ පියා 1990 සිට 1993 තෙක් ග්‍රීසියේ අගමැතිවරයා ලෙස කටයුතු කළ කොන්ස්තන්තිනොස් මිට්සෝකාකිස්ය. කිරියාකෝස් මිට්සෝකාකිස් හාවඞ් විශ්වවිද්‍යාලයෙන් මෙන්ම ඇතන්ස් විශ්වවිද්‍යාලයෙන් ද ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර විද්‍යාව සම්බන්ධයෙන් උපාධිධරයෙකි.


2008 වසරේ ඇමෙරිකාවෙන් ඇරැඹි ගෝලීය ආර්ථික අර්බුදය යුරෝපා රටවලට පැතිරිණි. 2009 දී, යුරෝපා රටවල් අතරින් ආර්ථික අර්බුදයට ලක් වී දරුණු ලෙස බැට කන්න වූයේ ග්‍රීසියයි. මුළු යුරෝපා රටවලට ග්‍රීසිය ප්‍රශ්නකාරී රටක් බවට පත් විය. ග්‍රීක රජයට වැටුප් ගෙවා ගැනීමට නොහැකි විය. ග්‍රීසිය උග්‍ර ණය අර්බුදයකට ලක්වෙද්දී, ග්‍රීසියට ආධාර කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල, යුරෝපා සංගමය සහ යුරෝපා මහ බැංකුව ඉදිරිපත් විය. හටගත් මූල්‍ය අර්බුදයෙන් ග්‍රීක සමාජයට විශාල බලපෑමක් සිදු වූ අතර, 2014 පැවැති මහ මැතිවරණයේදී, “සිරිසා” වාමාංශික පක්ෂය බලයට පත්වූයේ පාර්ලිමේන්තුවේ ආසන 300 න් 149 ක් දිනා ගනිමිනි. ඒ අනුව “සිරිසා” පක්ෂයේ නායක ඇලෙක්සි සිප්‍රාස්ට අගමැති ධුරය හිමිවිය. 2014 දී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 76 ක් පමණි. මෙවර පැවැති මහ මැතිවරණයේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බලයට පත් වූයේ පාර්ලිමේන්තුවේ ආසන 300 න් ආසන 154 ක් දිනා ගනිමිනි. ප්‍රතිශතයක් ලෙස එය සියයට 39 කි. සිරිසා දේශපාලන පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ සියයට 37 ක ප්‍රතිශතයක් යැයි ද පැවැසෙයි.


නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නව ආණ්ඩුවක් පිහිටුවනු ඇත්තේ සෙසු පක්ෂවල සහයෝගයක් නොමැතිවය. පරාජය බාර ගනිමින්, අගමැති සිප්රාස්, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක කිරියාකෝස් මිට්සෝකාකිස් ට සුබ පතා ඇත. යුරෝපා රටවල් අතරින් ආර්ථික අර්බුදයට ලක්වී දරුණු ලෙස බැට කෑමට සිදු වුවද ග්‍රීසිය නව අගමැතිවරයාගේ තේරී පත්වීමෙන් මුළු යුරෝපා රටවලට ප්‍රශ්නකාරී රටක් ලෙස ලැයිස්තුවෙන්  ඉවත් වීමේ නම්බු නාමය රැක ගැනීමේ හැකියාව උරගා බැලිය හැකිවන්නේ මිට්සෝකාකිස් ගේ ජනතා සුබවාදී වැඩපිළිවෙළ හරහා පමණකි.

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

ග්‍රීසියේ නව පාලකයා කිරියාකෝස් මිට්සෝකාකිස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17347 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 706 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site