IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ලෙයට ලෙය ඉල්ලන ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින්

 

ජාතිවාදී දේශපාලනය ජීවිතය කර ගත් ලෝක නායකයින් මිහිපිට සිටින්නේ අතළොස්සකි. ඒ අතරින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉදිරියෙන්ම සිටින බව ලෝකයාට නොරහසකි. ඔහු මෙලෙස ජාතිවාදී දේශපාලනඥයකු වී සිටින්නේ සිය ජාතිය වන යුදෙව්වන්ගේ පැවැත්ම උදෙසාය. සිය ජාතියේ උන්නතිය වෙනුවෙන් ලෙයට ලෙය පතා සටන් කරනා ඊශ්‍රායල් අගමැතිවරයා වෙනුවෙන් මෙවර දියත රාජ්‍ය නායක පිටුව වෙන්වේ.


යුදෙව් ජාතික දෙමාපිය යුවළකට දාව 1949 වසරේ ඔක්තෝබර් මාසයේ 21 වැනිදා උපන් වර්තමාන ඊශ්‍රායල් අගමැතිවරයා එරටින් බිහිවූ නවවැනි අගමැතිවරයා සේම ඊශ්‍රායල් රාජ්‍ය ස්ථාපිත කිරීමෙන් පසු එරට උපත ලැබූ ප්‍රථම ඊශ්‍රායල නායකයා වන්නේද ඔහුමය. 1967 වසරේ පැවති ලොව ප්‍රසිද්ධ සය දින යුද්ධයේදී ඊශ්‍රායල් හමුදාවේ විශේෂ බළකා භට කණ්ඩායම් නායකයෙකු ලෙස සිය තරුණ කාලයේදී සේවය කිරීමට තරම් නෙතන්යාහු නිර්භීත වූවෙකු යැයි සඳහන් වේ. ඊට පසු කාලීනව ඊශ්‍රායල් යුද සංග්‍රාම කිහිපයකටම සහභාගි වූ බව හෙතෙම පවසන්නේ මහත් අභිමානයෙනි. සිය තරුණ අවදියේ මැද කාලයේදී යුද පිටියෙන් ඉවත් වන නෙතන්යාහු පසුකාලීනව විද්‍යාපති උපාධිය පවා හිමි කරගන්නා අතර එම අධ්‍යාපන සුදුසුකම් මත බොස්ටන් කන්සල්ටින් සමාගමේ ආර්ථික උපදේශකයෙකු වශයෙන්ද කටයුතු කර ඇත.


වෘත්තීයම ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් සිටින අතරවාරයේදී 1984 වසරේ සිට 1988 දක්වා කාලයේදී හෙතෙම වරෙක රාජ්‍යතාන්ත්‍රිකයෙකු වශයෙන්ද කටයුතු කර ඇත්තේය. ඒ එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල් නිත්‍ය නියෝජිතවරයා ලෙසිනි. 1993 වසරේදී එරට ප්‍රබලතම දේශපාලන පක්ෂයක් වන ලිකුඞ් පක්ෂයේ සභාපතිත්වයට පත් වූ නෙතන්යාහු 1996 වසරේදී ප්‍රථම වරට එරට අගමැති ධුරයට තේරී පත්වූයේ එතෙක් එරටින් බිහිවූ ළාබාලතම අගමැතිවරයා ලෙසිනි. වසර තුනකට පසුව ඔහුට අගමැති ධුරයෙන් ඉවත් වීමට සිදුවන්නේ එරට අභ්‍යන්තර දේශපාලන ගැටුමක් හේතුවෙනි.


එරට ප්‍රමුඛතම දේශපාලන පක්ෂය වන ලිකුඞ් පක්ෂයේ සභාපතිද වන බෙන්ජමින් නෙතන්යාහු මීට සිව් වසරකට පෙර එනම් 2015 මාර්තු මාසයේදී හතරවැනි වතාවටත් එරට පාර්ලිමේන්තු මැතිවරණයෙන් අගමැති ලෙස තේරී පත් වූයේය. පලස්තීනය සම්බන්ධයෙන් දැඩි මතධාරියෙක් වශයෙන් නෙතන්යාහු බොහොම ප්‍රසිද්ධියට පත්ව සිටින විට පලස්තීන ජනතාව කාලාන්තරයක් තිස්සේ අරගල කරන ද්වී-රාජ්‍ය සංකල්පයට එරෙහිව තනි රාජ්‍ය සංකල්පයේ පුරෝගාමියා නෙතන්යාහුය.


එදා මෙදා තුර ඊශ්‍රායලයේ බලයට පත්වෙන කොයි පක්ෂෙත්, ආණ්ඩුවෙත් පලස්තීනය සම්බන්ධ විදේශ ප්‍රතිපත්තියේ නම් ලොකු වෙනසක් නැත. එනිසා ඔහු නියෝජනය කරන ලිකුඞ් පක්ෂයට බහුතර බලයක් ලැබුණේ නැතත් සභාග ආණ්ඩුවක් ගොඩනඟන්න තරම් යුදෙව් ජාතිකවාදී දේශපාලන පක්ෂ ඕනෑ තරම් තිබුණි.


මැද පෙරදිග කලාපයේ ඊශ්‍රායලය බිහිකළ දා පටන්ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ බළල් අතක් වශයෙන් මැදපෙරදිග පොලිස්කාරයාගේ භූමිකාව ඉටු කරන්නේ ඊශ්‍රායලයයි. අද වෙනවිටත් ඇමෙරිකා එක්සත් ජනපදයට මැදපෙරදිග සිටින ප්‍රධානතම සහායකයා අන් කවුරුත් නොවෙයි ඊශ්‍රායලය බව අමුතුවෙන් කිව යුතු නැත. ජාතිවාදී දේශපාලනය පලස්තීන ජනතාවගේ ඉඩම් පැහැරගැනීමේ අඛණ්ඩව සහ වර්ධනය වන ක්‍රියාවලියටත් පලස්තීනුවන්ට අයත් භූමියේ ඊශ්‍රායල යුදෙව් ජනපද පිහිටුවීමේ ක්‍රියාවලියටත් ලබාදෙන නායකත්වය හා මූල්‍යමය ආධාර, නෙතන්යාහුගේ මැතිවරණ ජයග්‍රහණය පසුපස තිබෙන ප්‍රධාන සාධකයක් යැයි නෙතන්යාහු විරෝධීහු පවසති.


නෙතන්යාහු දිගු කාලයක් තිස්සේ පවත්වාගෙන එන පලස්තීන ජනතාවගේ ඉඩම් පැහැර ගැනීමේ ප්‍රතිපත්තිය නිසා ඊශ්‍රායලයේ පහළ සහ මධ්‍ය පරිමාණ ආදායම් ලබන ජනතාවගෙන් ලක්ෂ ගණනක් ප්‍රතිලාභ ලැබූ බවද සඳහන් වේ.


ඊශ්‍රායලය විසින් සිදුකරන මේ බලහත්කාරී ජනපදකරණයට විරුද්ධව තමන්ගේ පරවේණි ඉඩම් රැකගැනීම සඳහා සිදුකරන ඕනෑම අරගලයක් විරෝධතාවක් කෙළවර වෙන්නේ තව තවත් පලස්තීනුවන්ට තමන්ගේ ඉඩම් අහිමි වීමෙනි. මෙවැනි විරෝධතා බොහොමයක්ම මේ ඊශ්‍රායල් යුදෙව් ජනපදවාසීන් තව තවත් පලස්තීන ඉඩම් අත්පත් කරගැනීමේ නිමිත්තක් බවට පත් කරගෙන ඇත. එහි පිටුපස නෙතන්යාහුගේ බුල්ඩෝසර් පෝලිමක් එද්දී ඊශ්‍රායල් හමුදාවන්ට ගල්මුල් ප්‍රහාර මඟින් විරෝධය දක්වන පලස්තීන මුල් පදිංචිකරුවන්ට ජීවඋණ්ඩ යොදාගනිමින් සිදුකරන ඊශ්‍රායල් ප්‍රහාර බොහොම සාමාන්‍ය ලෙස දැකීමට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කටයුතු කිරීම ජුගුප්සා ජනකය.
මෙවැනි දේශපාලන හැසිරීමක් හමුවේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉකුත්දා තීරණය කරනු ලැබුවේ පාලන කාලය අවසන් වීමට මත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ලෙස කඩිනම් ජනමත උරගා බැලීමකට සූදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. ඔහු ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ යහපත් ආකාරයෙන් රට පාලනය කිරීම සඳහා පැහැදිලි බලයක් ලබාදෙන ලෙසයි.

 

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

ලෙයට ලෙය ඉල්ලන ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1357 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1264 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site