IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඕස්ට්‍රේලියාවේ සුක්කානම අතට ගත් ස්කොට් ජෝන්

ඕස්ටේ්‍රලියාව වරෙක වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ සරණාගත ප්‍රශ්නය නිසාය. මේ වන විට එය බොහෝසෙයින් වෙනස්ව පවතී. දේශපාලන ආණ්ඩු මාරු හිසේ කෙස් ගාණට සිදුවීම වර්තමානයේ එරට වඩාත් ප්‍රසිද්ධියට හේතු වී ඇත. මෙවර දියත රාජ්‍ය නායක පිටුව වෙන්වන්නේ වරින් වර වෙනස් වන්නා වූ ඕස්ටේ්‍රලියා අගමැති පුටුවේ වත්මන් හිමිකාරයා වෙනුවෙනි. 


පනස් එක් හැවිරිදි වියේ පසුවන්නා වූ ස්කොට් ජෝන් මොරිසන් ලෝකයේ විශාලතම මහාද්වීපයේ පාලකයා වූයේ ඉකුත් වසරේ අගෝස්තු මාසයේදීය. මොරිසන් ඕස්ටේ්‍රලියාවේ තිස්වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දෙනු ලැබුවේ  මැල්කම් ටර්න්බුල්ට ඕස්ටේ්‍රලියානු අග්‍රාමාත්‍ය ධුරය අහිමි වීම හේතුවෙනි. වසර දහයක් ඇතුළත ඕස්ටේ්‍රලියාවේ තේරී පත් වූ හයවැනි අගමැතිවරයා වශයෙන්ද ඔහු ඉතිහාසගත වේ. ඉකුත් අගෝස්තු මාසයේ පැවති ඡන්ද විමසීමකින් පසු මැල්කම් ටර්න්බුල් පාලක ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම හේතුවෙන් ඔහුට අග්‍රාමාත්‍ය ධුරයද අහිමි විය.


මේ අනුව නව පක්ෂ නායකයා තෝරා ගැනීමට ඡන්ද විමසීමක් පැවති අතර එහිදී බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබාගත්තේ ස්කොට් මොරිසන්ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට විදේශ අමාත්‍ය ජූලි බිෂොප්, පීටර් ඩුටන් සහ ස්කොට් මොරිසන් පක්ෂ නායකත්ව සටනට ඉදිරිපත් වූ බවය.


ඔහු ඕස්ටේ්‍රලියාවේ හිටපු සංචාරක නිලධාරියෙක් වූ අතර 2007 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත් විය. එතැන් සිට ස්කොට් මොරිසන් ප්‍රධාන පෙළේ ඇමති ධුර තුනක් හෙබවීය. සමාජ මැදහත් ක්‍රියාකාරිකයෙක් වූ ඔහු ලිබරල් පක්ෂය මධ්‍යස්ථ ප්‍රතිපත්ති ඔස්සේ ගෙනයායුතු බව ඉල්ලා සිටියේ සිය මැතිවරණ ව්‍යාපාරය තුළදීය. ටෝනි ඇබොට් රජයේ සංක්‍රමණ අමාත්‍යවරයා වූ ඔහු, එම අවධියේ දී ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත්විය. “බෝට්ටු නවතනු” නම් ඕස්ටේ්‍රලියානු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමත් සමග දැඩි ක්‍රියාමාර්ග ගන්නා පුද්ගලයෙකු ලෙස ස්කොට් මොරිසන් ප්‍රසිද්ධියට පත් විය. ඕස්ටේ්‍රලියානු සරණාගතභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ මතභේදාත්මක ප්‍රතිපත්ති සහ රැඳවුම් කඳවුරු නිසා ඔහුට විවේචන එල්ල වූ අවස්ථාද විණි. කෙසේවෙතත්, විශාල අපේක්ෂා සහිත, ප්‍රායෝගිකව සිතන, දිගු දැක්මක් සහිත දේශපාලනඥයෙකු ලෙස ඔහු කැපී පෙනෙන්නට විය. පනස් වියැති දෙදරු පියෙකු වන ස්කොට් මොරිසන්, 2017 වසරේ දී ඉදිරිපත් කළ සමලිංගික විවාහ පනතට ද විරුද්ධවූ දේශපානඥයකු විය. 
ස්කොට් මොරිසන්, ටර්න්බුල්ගේ ආණ්ඩුවේ ප්‍රබලයෙකු වූ අතර, ඔහු හිටපු අගමැති ටර්න්බුල්ගේ සමීපතමයෙකු ලෙස ද සැලකේ. 2018 වසරේ මුල් භාගයේ විදෙස් අතපෙවීම සම්බන්ධයෙන් නව නීති හඳුන්වා දුන්නේ ද ස්කොට් මොරිසන් විසිනි. ජාතික ආරක්ෂාව සහ ආරක්ෂණවාදී පදනම මත සිට කටයුතු කරන්නෙකු ලෙස ප්‍රකට ස්කොට් මොරිසන්, ඒ අනුව චීනය සමග වඩාත් දුරස්ථ සබඳතාවක් හැමවිටම පවත්වාගෙන ගිය අයෙකු ලෙස ප්‍රකටය. ඔහු චීන ආයෝජන සහ චීනය සමග විශාල වශයෙන් ආර්ථික සබඳතා ඇති කර ගැනීම තරයේ ප්‍රතික්ෂේප කරන අයෙකි. ලිබරල් මතවාදියෙකු වුවද, ස්කොට් මොරිසන් අයත් වන්නේ ලිබරල් පක්ෂයේ කොන්සවේටිව් අංශයට ය.


අගමැති වීමට පෙර දිනයේ පීටර් ඩුටන් ජනප්‍රිය ඡන්දය පැරදීමත් සමග මහත්මයෙකු ලෙස හැසිරෙමින් තමන් දැරූ ස්වදේශීය ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය. මේ නිසා වැඩ බලන ස්වදේශීය කටයුතු ඇමති වශයෙන් පත් කර සිටියේ ස්කොට් මොරිසන්ය. ඔහු මෙම අගමැති ධුරයේ දිවුරුම් දීමට පෙර දිනයේ, එනම් ඊයේ, චීන ටෙලිකොම් යෝධයෙකු වන හුආවෙයි සමාගමට ඔස්ටේ්‍රලියාවට 5ජී ජාලය සැපයීම තහනම් කළේය.


එසේම ස්කොට් මොරිසන්, දැඩි මතධාරී සංක්‍රමණ විරෝධී ප්‍රතිපත්ති නඩත්තු කරන්නෙකු ලෙස ද ප්‍රකට ය. ටර්න්බුල්ගේ පරිපාලනය තුළ සංක්‍රමණික අමාත්‍යවරයා වශයෙන් ද කලක් සේවය කළ ස්කොට් මොරිසන්, නාවුරු වැනි දුරස්ථ දූපත්, සංක්‍රමණිකයන් රඳවා තැබීමේ නීති රීති හඳුන්වා දුන්නේය. ඔහුගේ පවුල් පසුබිම අනුව ඔහු පොලිස්භටයෙකුගේ පුතෙකු වන අතර, සිඞ්නි හි පෙන්තකොස්ත ඉවැන්ජලික මෙගා චර්ච් හි සක්‍රීය සාමාජිකයෙකි. මැල්කම් ටර්න්බුල් සමරිසි අයිතීන් වෙනුවෙන් ලබාදුන් සමරිසි විවාහ නීතිගත කිරීමේ අරගලයේදී ඔහු සම්පූර්ණයෙන්ම එයට විරුද්ධව කටයුතු කළේය.


ඩුටන් සහ මොරිසන් අතර ඡන්දය 45-40 වශයෙන් බෙදී යාමෙන් පෙන්වන්නේ ලිබරල් පක්ෂය එහි නායකත්වය සම්බන්ධයෙන් තවමත් දැඩි සේ බෙදුම්කාරී මතයක සිටින බවයි.
මෙවැනි තත්ත්වයක් තුළදී ඕස්ටේ්‍රලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ට සිය දේශපාලන ජීවිතයේ මුහුණපෑ ඇබැද්දි රැසක්ද වේ. ඒ අතරේ ඉකුත්දා තරුණියක් ඔහුට බිත්තරයකින් පහර දුන්නාය. මෙම ප්‍රහාරයට ඔහු ලක් වූයේ, එරට මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතින පරිසරයක් තුළය. එරට මාධ්‍ය වාර්තා කළේ, ස්කොට් මොරිසන්ගේ හිසට බිත්තරයකින් දමා ගැසුව ද එය පිපිරී නොමැති බවය. එම අවස්ථාවේදී මහලු කාන්තාවක ද බිම ඇද වැටී තිබේ. අගමැති ස්කොට් මොරිසන් එම කාන්තාව හඳුන්වා ඇත්තේ, “බියගුලු” තැනැත්තියක ලෙසය.


මේ අතරේ හොලිවුඞ් නිළියකගෙන් ඕස්ටේ්‍රලියා අගමැතිවරයාට දෝස් මුරයක් එල්ල විණි. ඒ තමන් සම්බන්ධයෙන් “අවකැපෙන” කතාවක් කළ බවට චෝදනා කරමින් බේවොච් කතා මාලාව තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් පැමෙලා ඇන්ඩර්සන් ගෙනි. ඔස්ටේ්‍රලියානු අගමැතිවරයා එම ප්‍රතිචාරය දක්වා තිබුණේ, විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට සහය දෙන ලෙසට ඇය කළ ඉල්ලීමකින් අනතුරුවය.


පැමෙලා ඇන්ඩර්සන් ඔස්ටේ්‍රලියානු අගමැති ගෙන් ඉල්ලා ඇත්තේ, ජූලියන් අසාන්ජ් ඔස්ටේ්‍රලියාවට ගෙන්වා ගන්නා ලෙසටය. ස්කොට් මොරිසන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවසා තිබුණේ, “පැමෙලා සමග ඇති ප්‍රශ්නය විසඳීම සඳහා විශේෂ නියෝජිතයින් ලෙස ක්‍රියා කිරීමට අවස්ථාවක් දිය හැකි දැයි සිය මිතුරන් විශාල පිරිසක් විමසූ” බවය.
එසේම මේ වන විට ලිබරල් පක්ෂය දැඩි මුදල් අර්බුදයකට ද මුහුණ දී සිටියි. පසුගිය වසරේ පැවති මහ මැතිවරණයේදී ප්‍රතිවිරුද්ධ ලේබර් පක්ෂය පරදවා ලිබරල් පක්ෂයේ ජයග්‍රහණය සහතික කළ සිදුවීමක් වශයෙන් සලකන්නේ ලිබරල් පක්ෂයේ ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයයි. ඔස්ටේ්‍රලියානු දේශපාලන ඉතිහාසය තුළ මේ සඳහා ලබාදුන් විශාලතම මූල්‍ය දායකත්වය වූ ඇමරිකානු ඩොලර් මිලියන 1.75 ක මුදල ප්‍රදානය කළේ මැල්කම් ටර්න්බුල් විසිනි. නමුත් මෙම අර්බුදය හමුවේ ඉල්ලා අස්වීමෙන් නොනැවතී තමන් මීලඟ මහ මැතිවරණයට තරග නොකරන බව ද පවසා ඇත. මේ අනුව මීළඟ පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගැනීමේදී ලිබරල් පක්ෂයට දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුවනවා ඇත.


ඕස්ටේ්‍රලියාව අගමැතිවරයා ලෙස තෝරා පත් කරගන්නේ ආණ්ඩු බලය හිමිවන පක්ෂයේ නායකයා ය. ගත වූ වසර 5 ක කාලය තුළ අගමැතිවරුන් 5 දෙනෙක් තෝරාපත් කර ගැනීමට සිදුවූ අතර, ඒ සියලුම දෙනා අගමැති ධුරයට පත්වූයේ පක්ෂය තුළ හටගත් නායකත්ව අර්බුද හේතුවෙනි. මේ නිසා මේ වන විට ඔස්ටේ්‍රලියාව සැලකෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ කුමන්ත්‍රණ අගනුවර යන කුප්‍රකට නාමයෙනි. එය වෙනස් කළ හැක්කේද මොරිසන් ගන්නාවූ තීන්දු තීරණ මතය.

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ සුක්කානම අතට ගත් ස්කොට් ජෝන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 515 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 475 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site