IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ජය දිගු කරගත් ඉන්දුනීසියාවේ ජෝකෝ විඩෝඩෝ

 

මිලියන 230ක ජනගහනයක් වෙසෙන, ලෝකයේ හතරවැනි අධික ජනගහනය වෙසෙන රට ඉන්දුනීසියාව වේ. වර්තමානයේදී එම ජනතාවට වගකියන නායකයෙක් එරටින් බිහිවිය. ඉන්දුනීසියා ජනාධිපතිවරණයේත්, පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණයේත් ප්‍රතිඵල නිකුත් වුණු අතර, දිගටම ධුරයේ රැඳී සිටීමට ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සමත් විය.


නිල වශයෙන් ඉන්දුනීසියා ජනරජය ලෙසද හැඳින්වෙන ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ ගිනිකොන දිග ආසියාව හා ඕෂේනියාවේ (පැසිපික් සාගරය අවට කලාපය) ය. ඉන්දුනීසියාවට අයත් දූපත් සංඛ්‍යාව 17,508ක් වෙයි. එසේම විශාලතම මුස්ලිම් ජනතාවක් වෙසෙන්නේ ද මෙරටෙහිය. 


2014 වසරේ පළමුවෙන්ම ජනාධිපති ධුරයට පත්වුණු විඩාඩෝ ඉන්දුනීසියා ප්‍රජාන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරයි. සුවියන්තෝ ඉන්දුනීසියා හමුදාවට පක්ෂපාතී ජෙරින්ද්රා පක්ෂය නියෝජනය කරයි. උප ජනාධිපති ධුරය වෙනුවෙන් යෝකෝ විඩාඩෝ නම් කරනු ලැබුවේ මාරූෆ් අමීන් ය. සුවියන්තෝ විසින් උප ජනපති ධුර අපේක්ෂකයා ලෙස නම් කළේ සැන්දියේගා යූනෝ ය. ඒ අනුව, මාරූෆ් අමීන්ට ඉන්දුනීසියාවේ උප ජනපති ධුරය හිමිවනු ඇත. ඉන්දුනීසියා ජනාධිපති විඩාඩෝ ජනතා ප්‍රසාදයට පාත්‍රවූ අයෙකි.


ඉන්දුනීසියාවට අයත් දූපත් හි අසමාන ජන වර්ග, භාෂාමය හා ආගමික කණ්ඩායම් වෙති. විශාලම ජනවර්ගය වූ ජාවා වැසියෝ දේශපාලනමය වශයෙන් බලවත් ජන කණ්ඩායමයි. ජාතික භාෂාව, ජනවාර්ගික අසමානකම්, බහුතර මුස්ලිම් ප්‍රජාව තුළ ආගමික බහුත්වවාදය, අධිරාජ්‍යවාදය හා ඊට එරෙහි කැරලි ගැසීම් පිළිබඳව ඉතිහාසය යනාදියෙන් විදහා දැක්වෙන්නාවූ අන්‍යතාවන් ඉන්දුනීසියාව විසින් වර්ධනය කර තිබේ. විශාල ජනගහනයක් සිටින, අසීමිත ජන සංඛ්‍යාවක් වාසය කරන, ලොව දෙවන ඉහළම ජෛව විවිධත්වයට උරුමකම් කියන්නා වූ මෙරට ස්වාභාවික සම්පත්වලින් අනූනව වුවද ද, නූතන ඉන්දුනීසියාවේ දරිද්‍රතාව පුළුල් ලෙස පැතිර යමින් තිබේ.


ජනාධිපතිවරණයේ නිකුත් වූ  මැතිවරණ ප්‍රතිඵල අනුව එරට ජනාධිපති ජෝකෝ විඩෝඩෝ ජනාධිපති අපේක්ෂක සුබියන්තෝ පරාජය කරමින් දෙවන ධූර කාලයක් සඳහා ජයග්‍රහණය කළේය. පසුගිය මස ඡන්ද විමසුමේ අවසන් ප්‍රතිඵල සම්බන්ධයෙන් විපක්ෂවල විරෝධතාව මතුවීමට පැය කිහිපයකට පෙර මෙම නිවේදනය නිකුත් කරන ලදී.
ජනාධිපතිවරණය පිළිබඳ ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර තිබුණේ මැයි මස 22 වන බදාදා දින වුවද, ජනාධිපති අපේක්ෂක සුබියන්තෝගේ අභියෝගාත්මක ප්‍රකාශ සමග රට තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට අඟහරුවාදා (21) දින උදෑසන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කරන ලදී. විඩෝඩෝ (බොහෝවිට අමතන්නේ ජෝකෝවි නාමයෙනි) සහ ඔහුගේ සහය ලැබූ උප ජනාධිපති අපේක්ෂක මාරුෆ් අමින් පැවති මැතිවරණයෙන් සියයට 55.5ක ප්‍රතිශතයක ජයක් ලබා බලය තහවුරු කර ගත් බව ඉන්දුනීසියානු මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළේය.


එමගින් ඔවුහු සියයට 44.5ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් ප්‍රතිවාදී අපේක්ෂක සුබියන්තෝ සහ සැන්ඩියාගා උනෝ පරාජය කළහ.


ජනාධිපතිවරණයේ ප්‍රථිඵල 21 වන දින ප්‍රකාශ වූ පරිද්දෙන් වහා ක්‍රියාත්මක වන පරිදි පාලන බලය හිමිවේ යැයි ඉන්දුනීසියානු මැතිවරණ කොමිසන් සභාවේ සභාපති අරීෆ් බුදිමාන් මාධ්‍යයට ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, විපක්ෂය නිකුත් වූ නිල ඡන්ද ප්‍රතිඵල තහවුරු කිරීම ප්‍රතික්ෂේප කරන ලදී.


“මෙම සිදුවූ අසාධාරණය, රැවටීම, මුසාවාද සහ ප්‍රජාන්ත්‍ර විරෝධී ක්‍රියා අප හෙළා දකිනවා, අප මෙය අත හරින්නේ නැහැ,” යනුවෙන් ප්‍රතිවාදී සුබියන්තෝ ගේ ප්‍රචාරක කණ්ඩායම රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.


නිල ප්‍රතිඵලවලට පෙර පවා බොහෝ දෙනෙකුගේ විග්‍රහය වූයේ 57 හැවිරිදි විඩෝඩෝ නැවතත් ඉන්දුනීසියාවේ ජනාධිපති වනු ඇති බවයි. කෙසේ වෙතත් 67 හැවිරිදි ප්‍රතිවාදී සුබියන්තේ ප්‍රකාශ කර සිටියේ ඡන්ද ගණනය තුළ අක්‍රමිකතා හා වංචනික ක්‍රියා සිදුව ඇති බවටත්, ඉදිරියේදී ලොව විශාලතම ඉස්ලාම් රාජ්‍යය පුරා මේ පිළිබඳව හෙළිදරව් කරන බවය. කෙසේවූවද, 2014 වර්ෂයේ දී පළමුවරට විඩෝඩෝ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණයට පත්වූයේ ප්‍රතිවාදී සුබියන්තේ පහසුවෙන් පරාජයට පත් කරමිනි. 


ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණයේත්, පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණය පැවැත්වූයේ පසුගිය අප්‍රේල් 17 වැනිදාය. 


ලෝක ඉතිහාසයේ එක් දිනක් තුළ ක්‍රියාත්මක වූ වඩාත් සංකීර්ණ මැතිවරණ ක්‍රියාවලිය මෙය වූවා පමණක් නොව, මැතිවරණ කටයුතු මෙහෙයවමින් ඒවායේ නියැළුණු නිලධාරීන් 300කට ආසන්න පිරිසක් පීඩනය දරා ගැනීමට නොහැකිව රෝගාබාධවලින් මියගිය බව ද වාර්තා විය. 


ලොව විශාලතම ඉස්ලාමීය රාජ්‍යයක පැවැත්වූ විශාලතම මැතිවරණය ලෙස වාර්තා අතරට එක් වූයේ ද මෙම මැතිවරණයයි.


ජනාධිපති ධුරය වෙනුවෙන් විඩෝඩෝට අභියෝගයක් එල්ල වූයේ හිටපු හමුදා ජනරාල්වරයකු වන පරාබෝවෝ සුවියන්තෝගෙනි. ප්‍රතිඵල නිකුත් වෙද්දී, පරාබෝවෝ සුවියන්තෝගේ හිතවාදීන් ජකර්තා අගනුවර කලහ කරන්නට වූ අතර, ඔවුන් මර්දනයට විශේෂ ආරක්ෂක වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබුණි. 


ඉන්දුනීසියා පොලිසියේත් හමුදාවේත් 1300කට වැඩි නිලධාරීන් පිරිසක් අගනුවර ආරක්ෂාවට යොදවා තිබුණු බව ඉන්දුනීසියා පුවත් සේවා වාර්තා කරයි.

 

 

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවූ මොහොතක්

ජනාධිපති ජෝකෝ විඩෝඩෝ බිරිඳ සමග.

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

ජය දිගු කරගත් ඉන්දුනීසියාවේ ජෝකෝ විඩෝඩෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 515 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 475 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site